කොල්ලට සැපක් - 5% to Sl Charity

in Steem Sri Lanka2 years ago

මාතෘකාව දැක්කම අපේ කට්ටියට හිතාගන්න බැරුව ඇති මේ මොකක්ද මේ කියන්න හදන්නේ කියලා නේද... මගේ පරණ ලිපි කියවලා තියෙන අයනම් දන්නවා ඇති මට මගේ බයික් එකත් එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක් කියලා. ඉතින් අද කතාවත් ඒ බයික් එක ගැනම තමයි. මගේ ලඟට මේ බයික් එක ආවේ 2010 අවුරුද්දේ. ඒ කියන්නේ අදට අවුරුදු දොළහක් විතර මගෙත් එක්ක ලංකාව වටේම මෙයා ඇවිදලා තියෙනවා 😎😎.

WhatsApp Image 2022-01-19 at 4.43.22 PM.jpeg

මේ බයික් එක මට ගන්න පුලුවන් උනෙත් අහඹු විදියකට. මං කැම්පස් එකේ ඉන්නකාලේ යාලුවෝ සෙට් එක නුවරඑළියේ යන්න සෙට් උනා. මට ලයිසන් තිබුනට බයික් එකක් තිබුනේ නෑ. මගේ යාලුවෙකුගේ අයියා කෙනෙක් ළඟ බයික් එකක් තිබුනට යාලුවට ලයිසන් නෑ. ඒ හින්දා අපි කතා උනා ඒ බයික් එකේ අපි දෙන්නා යමු කියලා. ඔන්න ගමන යන දවසේ උදේ පහට විතර යාළුවා මාවත් ඇදගෙන ගියා එයාගේ අයියලාගේ ගෙදර. ගිහින් එයාලගේ ගරාජ් එකේ මුල්ලක දාලාතිබුන දූවිලි වලින් වැහුණු බයික් එකක් එළියට ඇදලා ගත්තා. ඒකෙ දැල් බැඳලා පවුල් පිටින් හිටිය මකුළුවෝ අපිට ඔරවාගෙන වගේ බයික් එකෙන් බැහැලා ගියේ මේ මහ පාන්දර මුන්ට වෙන වැඩක් නැද්ද කියලා අහනවා වගේ. යාළුවගේ අයියත් ඇවිල්ලා බයික් එක පිහලා සුද්දකරලා එහෙම දුන්නා. ඒ අස්සේ මං ඒ අයියගෙන් ඇහුවා ඇයි මේ බයික් එක පැත්තකට දාලා තියෙන්නේ කියලා. "දැන් මාස හයක් විතර වගේ බයික් එක එක තැන මල්ලී, අපි කාර් එකක් ගත්තට පස්සේ මේක පදින්නෙම නෑ. අක්කත් බයික්වල යන්න කැමති නෑ" කියන එක තමයි ඒ අයියගේ උත්තරේ උනේ. බයික් එක හෝදලා පිහලා එහෙම ගත්තම හොඳ පෙනුමට තිබුනා. ඒ අයියම අපිට බයික් එක ස්ටාර්ට් කරලත් දුන්නා එහෙනම් පරිස්සමට ගිහින් එන්න කියලා.

WhatsApp Image 2022-01-19 at 4.43.22 PM (1).jpeg

ඔන්න ඉතින් මං යාලුවත් දාගෙන නුවර ටවුමට එද්දී අපේ අනිත් යාළුවොත් ඇවිල්ලා හිටියා. ලඟම තිබුණු ෂෙඩ් එකකට ගිහින් තෙල් ටිකක් එහෙම ගහගෙන අපි ගමන පටන්ගත්තා. බ්රේක් ටිකක් විතර මදියි වගේ දැනුනට ඒ කාලේ ඉහට ගහලා තිබුණ කොලුකමත් එක්ක ඒක ගණන් ගත්තේ නැතුවම ගම්පොළට යනකන් ගියා. එකපාරටම ඉස්සරහා ගිය වාහනේ බ්රේක් කරා. මං බ්රේක් එක ගැහුවට නවතින්නේ නෑ. යන්තම් පැත්තකට කපාගෙන රොටියක් නොවී බේරෙන්න පුලුවන් උනා. ඔන්න ඒ වෙලාවේ තමයි අර ඉහට ගහලා තිබ්බ කොලුකම ගොන්කමක් කියලා තේරුනේ 🤪🤪. ඊටපස්සේ ලඟම තියෙන ගරාජ් එකකට දාලා බ්රේක් අවුල හදාගත්තා. එතැනදී බයික් එක හදපු කෙනා දිගින් දිගටම ඇහුවා බයික් එක විකුනන්නේ නැද්ද කියලා .ඒ වෙලාවේ යාළුවා කීවා අයියගේ හිතේ විකුනන්න අදහසක් තියෙනවා කියලා. ඊටපස්සේ ගරාජ් එකේ කෙනා කීවා විකුනනවානම් එයා ගන්නවා කියලා එයාගේ නම්බර් එකත් දුන්නා. මටත් ඒ දවස්වල බයික්ගැන ලොකු තේරුමක් නෑ. එදා අපි කිසිම කරදරයක් නැතුව ගමන ගිහින් ආවා. එද්දී ටිකක් රෑ උන හින්දා මං යාලුවට කියලා බයික් එකේම ගෙදර ගියා.

WhatsApp Image 2022-01-19 at 4.43.22 PM (2).jpeg

පහුවදා මං අප්පච්චිට කීවා මේ බයික් එක විකුනනවලු, අපි මේක ගමුද කියලා. නිකමට වගේ කීවේ. අප්පච්චිගේ වැඩේට කැමැත්තක් වගේ දැනුණු හින්දා මං අම්මවත් ටිකක් අවුස්සලා තිබ්බා 😁😁. අපිට හදිස්සියකට ගමනක් යන්න බයික් එකක්වත් තිබ්බොත් හොදයි නේද වගේ එක එක කතා මං කීවා. එදා ගෙදරට අරන් ආව බයික් එක යාලුවට ආයෙත් නොදී මිලටගන්න පුලුවන් උනා. සල්ලි මදිවෙලා වත්තේ තිබුණු ගහකුත් විකුණලා තමයි අප්පච්චි සල්ලි දුන්නේ. තවමත් මට මොන වාහනේ පැද්දත් ඇඟට දැනෙන්නේ මේ බයික් එකම තමයි. ගත්ත දවසේ ඉඳලම නඩත්තු කටයුතු ඔක්කොම කරේ බලයලත් සේවා නියෝජිතයෙක්ගෙන් විතරයි. ඔන්න ඉතින් ඊයෙත් සර්විස් එකට දාලා අඩුපාඩු හදලා කොල්ලට සැපක් දීලා ගත්තා. ගාන රුපියල් 14,180.00. දැන් මට සනීපයි 😜😜...

Sort:  

Kollo godak ayata bike story ekak tiyenawa nh 🙊😁

Ow ow.. Kollo kohomath wahana walata asai...

අවුරුදු 12ක් කියන්නේ තව තව රස කතා ඇති බයික් එකත් එක්ක 🙊

අම්මෝ රසකතා එමටයි...

kochchara wayasa unath hondata thiynwa neh.. wasanawantha bike ekak

එන්න එන්නම තරුණ වෙනවා...

kollonta pana wagene wahana kiyanne 😁

එහෙම තමයි කොල්ලෝ...

හප්ප වැඩ ගොඩක් තිබිල වගේ , නියමෙට තියෙනව හැබැයි නේ 😍

එද්දී ඔක්කොම එකටමයි එන්නේ... ඕනි තැනක යන්න මට ශුවර් ...

මග අතරමං නොකරපු වාහනේකට වියදම්කලට පාඩු නෑ..

අනිවාර්යෙන්ම ...

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 71067.77
ETH 3831.03
USDT 1.00
SBD 3.44