අම්බලන්ගොඩට ගමනක් - අතරමඟ කරදරයක් - පළමු කොටස - 5% to Sl Charity
ඉතින් කොහොමද අපේ යාලුවෝ ටිකට... හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මගේ කලින් ලිපියක මං ඉඟියක් දුන්නා මතක ඇති මං අම්බලන්ගොඩට ගිය ගමනක් ගැන කතාවක් කියන්න තියෙනවා කියලා. ඔන්න ඉතින් දැන් තමයි ඒ කතාව අහන්න ඔයාලට වෙලාව ආවේ. ගොඩක් දවසකින් ඇවිදින්න යන්නත් බැරිව හිටිය හින්දා මේ ගමන ට්‍රිප් එකක් කරගන්න අපි අමතක කරේ නෑ.
මගේ මුහුණුපොතෙන් අඳුරගත්ත යාලුවෙක් තමයි මේ ගමනට අපිට ආරාධනා කරේ. ඒ තමයි එයාගේ වයිෆ්ගේ උපන්දින සාදයට එන්න කියන එක. හරියටම දවස උනේ පෙබරවාරි 13 වෙනිදා. ඒ කියන්නේ වැලන්ටයින් එහෙමත් නැතිනම් ආදරවන්තයන්ගේ දවසට කලින් දවස. 13 වෙනිදා රෑ තමයි වැඩේ ලෑස්ති කරලා තිබුනේ. ඒ යාළුවගේ වයිෆ්ගේ උපන්දිනය, ඒ දෙන්නගේ විවාහ සංවත්සරය සහ ආදරවන්තයන්ගේ දවස කියන සිද්ධි තුනම යෙදිලා තිබුනේ පෙබරවාරි 14 වෙනිදට. ඉතින් 14 වෙනිද ලබන වෙලාවෙම කට්ටියත් එක්ක එකතුවෙලා සමරන්න තමයි යාලුවට තිබුණු ආසාව. මේ සිද්ධිය සැලසුම් කරේ එයාගේ වයිෆ්ට හොරෙන්. ඒ කියන්නේ මේක Surprise Party එකක්.
යාළුවා කිව විදියට අපිට රෑ හත වෙද්දී එයා කිව තැනට යන්න තමයි තිබුනේ. මුහුද අයිනේ තැනක තමයි එයා වැඩේ ලෑස්ති කරනවා කීවේ. මැප් එකේ පෙන්නන විදියට අපේ ගෙදර ඉඳලා කාර් එකේ පැය එකහමාරක් විතර තමයි ගමනාන්තයට තිබුනේ. ඒ හින්දා අපි පහයි තිහට වගේ ගෙදරින් පිටත්වෙන්න හිතුවත් සුපුරුදු විදියට වයිෆ් ලෑස්ති වෙද්දී ටිකක් පරක්කු උනා. හයට විතර ගෙදරින් යාගන්න පුලුවන් උනා. අපේ තව යාලුවෙකුත් අපිත් එක්කම යන්න ආවා. පරක්කුව අල්ලන්නත් එක්ක ටිකක් පාගලා යන්න හිතුවත් ටික දුරක් යද්දී කඩාගෙන හැලුණු වැස්සෙන් ඒ අදහසත් අතහැරලා දාන්න උනා. වේගය පැයට කිලෝමීටර් 60ට වගේ තියාගෙන යද්දී එකපාරටම කාර් එකේ වයිපර් වැඩ කරන්නේ නැතුව ගියා. වැස්සේ මෙලොව දෙයක් පේන්නේ නෑ. ඒ මදිවට කළුවරත් වැටිලා. අමාරුවෙන් ටිකක් අයිනකට අරන් නවත්තලා බැහැලා බැලුවා වැඩේ ගොඩදාගන්න පුලුවන්ද කියලා. ඒත් අසාර්ථකයි. වැස්ස අඩුවෙන පාටකුත් නෑ. හයිවේ එකෙන් එළියට දාගන්න තැනකුත් නෑ. මොනවා කරන්නද ඉතින්. දෙයියන්ට බුදුන්ට කිය කිය හෙමීට ගිහින් හයිවේ එකේ අපිට නියමිත හුවමාරුවෙන්ම එළියට දාගත්තා.
මං අහලා තිබුනා දුම්කොළ ටිකක් අරන් වීදුරුවේ ගෑවම වතුර රැඳෙන්නේ නෑ කියලා. ඉතින් හයිවේ එකෙන් එළියට එද්දිම කරේ කඩයක් හොයාගෙන ගිහින් දුම්කොළ ටිකක් ගත්ත එක. ඇත්තටම ඒ වැඩේ ටිකක් සාර්ථකයි. ඒත් ඉතින් වයිපර් එකෙන් පිහෙන තරමටම පාර පෙනෙන්නේ නෑ. මං ඒ වෙලාවේ මුහුණදීලා හිටිය තත්වෙත් එක්ක ඒක ලොකු සහනයක් උනා. ඔයාලටත් මේ වගේ අවස්ථාවක් උනොත් කරලම බලන්නකෝ. ඒ වෙලාවේ හිටිය මානසික පීඩනයත් එක්ක මේ සිද්ධියට අදාලව කිසිම චායාරූපයක් ගන්න උනේනම් නැහැ. ඒ ගැන සමාව ඉල්ලනගමන්ම දැනට මෙතනින් කතාව නවත්තනවා. ඉතුරුටික ඊළඟ කොටසේදී කියන්නම්.
අඩේ.. අපේ පැත්තට ඇවිල්ල නේ .
ඔව් ඔව්.. මහ රෑ ආවේ
හයියෙන්ම වහින වෙලාවක වයිපර් වැඩ නැ කියන්නේ ආයේ කියන්න දෙයක් නැ.. ☹️
ඒකත් හයිවේ එකේ මහ රෑක.. 😪
අයියට වැස්සත් එක්ක පුදුම බැදිමක් තියෙන්නේ නේද...ඒ තරම් වැස්ස හොඳට සලකනවා...
පන්න පන්න සලකන්නේ.. ආත්මීය බැඳීම් මේවා...
Karadarayak nowi yanna labuna eka loku deyak.
ඒ වෙලාවෙනම් හොඳටම බයවෙලා හිටියේ මං...