ස්ටීමිට් උල්පත

in Steem Sri Lanka3 years ago (edited)

කොහොමද යාළුවනේ, මං අද ස්ටීමිට් ගැන වෙනස් විදිහකින් ලියන්න හිතුවා. ස්ටීමිට් කියන්නෙ මම දැකපු වෙනස්ම විදිහෙ ෆ්ලැට්ෆෝම් එකක්. මං එහෙම කියන්නෙ හේතු ගොඩක් එක්ක. ස්ටීමිට් තුලින් ආර්ථික වශයෙන් ශක්තියක් ලබාගන්න පුලුවන් වගේම ලොව පුරා විහිදුනු විශාල දැනුමකුත් ලබාගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ විවේක කාලය ඵලදායි විදිහට ගත කරන්න මේ තුලින් හැකියාව තියෙනවා.

WhatsApp Image 2023-05-25 at 19.00.39.jpg

ඔය විදිහට ස්ටීමිට් ජාලයේ සැරිසරද්දි මට හම්බවුනා ස්ටීමිට් ශ්‍රී ලංකා කමියුනිටි එක. ඒක හරිම අපූරු තැනක්. අපිට දැනෙන දේ අපේ භාෂාවෙන් නිදහසේ ලියන්න පුලුවන් තැනක්. එහෙම ලියද්දි පුදුම නිදහසක් දැනෙන්නෙ. ඉතින් මං ස්තූතිවන්ත වෙනවා @randulakoralage ඇතුලු මෙහි ඇඩිමින් මඩුල්ලට අපේ කම රැකගෙන මේ කටයුතු කරගෙන යාම ගැන. මේ ඔවුන් වෙනුවෙන් මගෙන් පුංචි ඇගයීමක්. එන්න. රසවිඳින්න.

ස්ටිමිට් දම්වැලේ මුල් අකුරු කියවන්න
රිසි නිසා පැමිනියෙමි මේ අකුරු පිලිගන්න
වස්සාන අවැසි නැත මට ඇහැකි ලියලන්න
ඉඩ දෙන්න හෙමි හෙමින් ලපටි කල පැලවෙන්න

මව් බසින් ලියපු දේ ස්ටිමිට් දම්වැලේ
දුටුවාම හිත පතුලෙ ඇත්තටම මල් හැලේ
වෙහෙසිලා මුල් පුරුක් ගොඩනගපු මේ බලේ
තව තවත් තර කරමු වැඩ පිනිස සිංහලේ

වැලි කතරෙ දුක් විඳිති ගොඩයන්න ඉන්දුලා
කොරියාවෙ බර අදිති පව් අපේ බිංදුලා
සිනාසෙති පිනට කන උන් වගේ බන්දුලා
පෙන්නලා තියේ ඇය දිනන මග රන්දුලා

පිරමීඩ සූදුපිටි ඔන්ලයින් ගැට ගොඩයි
බලනු බැහැ විනිවිදව මොකද ඒ දිය මඩයි
සසඳලා බැලුවාම ස්ටිමිට් හරි හැඩයි
පසුම්බිය වාගේම දැනුමිනුත් ඔලු වඩයි

අත හෙලෙව්වොත් ඇහැකි කට හොඳට හොලවන්න
අරුත මෙමෙ කියමනෙහි හදවතට අලවන්න
නරක කල කිය කියා හඳහනුත් බලවන්න
අවැසි නැත අපට හැක පරාජය එලවන්න

ලංකාව අද ලොවේ ණය පිරුනු බිල්පතකි
විමසලා බැලුවාම ඇත්තටම පැල්පතකි
ගොඩයන්න ලියන්නට ස්ටිමිට් තල්පතකි
බිඳු බිඳුව දිය බෙදන සැඟවිච්ච උල්පතකි

මේ මට දැනිච්ච විදිහ. මං හිතනවා ඔයාලත් රස විදින්න ඇති කියලා. ආයෙ හම්බවෙමු. සුබ දවසක් යාළුවනේ!!!