ජපන් සර් | 5% to SL Charity

in Steem Sri Lanka2 years ago

ලංකාවයි ජපානයයි අතර ලොකු සබඳතාවක් තියෙනවනෙ ඉස්සර ඉඳන්. ඒක ඉතිහාසගත සිද්ධියක්. මං හිතන්නෙ හැමෝම ඒක අහල ඇති. අහල නැත්නම් ඒ කතාව මෙහෙමයි. මං දන්න තරමින් කියන්නේ අඩු පාඩු තිබුණොත් නිවැරදි කරන්න. ඒ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ කාලෙ. යුද්ධෙන් බැටකාපු ජපානෙට ජාත්‍යන්තරයේ විරෝධය එල්ල වුණා.

මේක මොකක් හෝ සාම සමුළුවකදි වුණ දෙයක්. ජපානෙට ආධාර දෙන එක ලෝකෙ දියුණු රටවල් ප්‍රතික්ෂේප කරනවා. එතනදි එවකට ලංකාවේ මුදල් අමාත්‍ය විදියට වැඩ කරපු JR ජයවර්ධන ජපානය වෙනුවෙන් කතා කරන්වා. ඔහු කියනව මේ වෙලාවෙ අනිත් රටවල සහය ජපානයට අවශ්‍යයි කියල.

ඒ කාලෙ ජපානය යුද්ධයෙන් වුණ හානියෙන් පසු නැවත ස්ථාවර වෙන්න උත්සහකරපු කාලය. JR ඔහුගෙ කතාවෙදි ධම්මපද ගාථාවක් උපුටා අරන් කියනව: නහී වේරේණ වේරාණී... සම්මන්තීධ කුදාචනම් කියල. ඒ කියන්නෙ වෛරයෙන් වෛරය නොසන්සිඳේ, මෛත්‍රියෙන් වෛරය සන්සිඳේ කියන එක.

Na hi verena verani
sammantidha kudacanam
averena ca sammanti
esa dhammo sanantano.
Hatred is, indeed, never appeased by hatred in this world. It is appeased only by loving-kindness. This is an ancient law.

Dhammapada Verse 5

මේ කතාව නිසා ජපානෙට අර ආධාර ලැබිලා තියෙනවා. ජපානෙ ලෝකෙ අද ඉන්න තැනට එන්න ලොකුම හේතුවක් වෙන්නෙ ඒක. ඉතින් මේ නිසා ජපන්නු ලාංකිකයොන්ට ගරු කරලා තියෙනවා. යුද්ධ කාලෙ වුණත් ඔවුන් හිටියෙ අපේ පැත්තේ. ඒ ජපන්නු කළ ගුණ සලකපු විදිය. අදටත් ජපානෙ JR ගෙ පිළිරුවක් තියෙනව අර ධම්ම පද ගාථාවත් එක්ක.

එතකොට මටයි රසීරයි @rasinkani ජපන් පිස්සුවක් හැදුණේ උසස්පෙළ කාලෙ. දෙන්නටම ජපන් ඉගෙන ගන්න ඕන වුණා. ඒ හීනේ හැබෑ වුණේ කැම්පස් එකේ ඉන්නකොට. අපිට එක සෙමෙස්ටරයක තෝරගන්න විෂයන්වලට ජපන් භාෂාව තිබුණා. මං ඉතින් උඩ පැනගෙන මේක තෝර ගත්තේ. රසීත් එහෙමම ඊට පස්සෙ සෙමෙස්ටර් එකේ ජපන් ඉගෙන ගත්තා.

මං කියන්න ගියේ අපේ ජපන් සර් ගැන. කැළණිය කැම්පස් එකේ උපාදිධාරියෙක්. එයාගෙන් තමයි අපි ජපන් ඉගෙන ගත්තේ. කාටවත් පාඩම එපා වුණේ නෑ. අනිත් සබ්ජෙක්ට් නිසා එපා වෙලා ඉන්න අපි නිදහස් වෙන්නෙ මේ ලෙක්ච' එකේදි. ප්‍රායෝගික දේවල් තමයි ගොඩක් කරේ.

45e892a6-e4cd-42c3-b0da-cdd28d2ebc20.jpg

පොත්, ප්‍රසන්ටේශන්, දෙබස් වගේ දේවල්. හැමෝටම හොඳ රිසාල්ට්ස්ත් තිබුණා මතකයි. කෝමහරි ජපන් ඉගෙන ගන්න එකනම් ලේසි නෑ කියල තේරුණා. මුලින් ලේසියි කියල හිතනවා. හිරගන කරද්දි. කතකන කරන්න ගත්තම වැඩේ අවුල් යනවා. කරගෙන යන්න බැරි කමකුත් නෑ. වෙලාව තියෙනව නම්, අවධානෙන් කරනව නම් හොඳ වැඩක්. කවද හරි ආයෙ ජපන් ඉගෙන ගන්න නම් ලොකු ආසාවක් තියෙනවා. 💕

Sort:  
 2 years ago (edited)

නංගිගෙ ජපන් lecture. නංගිත් මේ සර් ගැන කියවන හින්දා එයාට ලෙක්චර්ස් තියෙන වෙලාවට මම ඒ කවුද කියල බලලා තියෙනවා.😁

🤭🤭🤭🤭 එයා හරි කූල්. අපිත් ආසාවෙන් ලෙක්ච'ස් ගියේ.

Math asai japan cultural events valatai eyalage adun walatai.

e wage dewal walin godak poshanaya wechcha ratak.

japan cultural events walata man godak kamathi.

man owunge behavior ekata thamai godakma kamathi.

හිරගන කරද්දි. කතකන

ඒ මොනාද ඒ. ඒ අකුරු ලියන්නත් හෙන අමාරු ඇති නේද.නිකන් දෙමල වගේ

eyalage hodiya ehema wen karala thiyenne. nikan hithuwoth ape alpapraana mahapraana wage. ekama akuru. sanktha dekak thiyenawa.

ආයෙ ඉගෙනගෙන අපේ ජපන් සිහිනෙ සෑබෑ කරගමු 😌.

yamu yamu wee nopamaaaa....!

Language ekak egana ganna eka api hithuwata wada amaru wedak. Mn thora gaththe Tamil. Apo matanm epa wuna.😝

‌සිවිල් අයට තිබ්බේ ඒවා නෙහ්. මට නම් ටැමිල් ඉස්කෝලේ කාලෙ ඉඳන් පේන්න බෑ.

Ow ane. Math kale wena karanna ekak nathi kamata...

ඇත්තටම හොඳයි. භාෂා දැනුම කියන්නේ ගොඩක් ලොකු හැකියාවක්.

දැන් මුකුත් මතක නෑ අක්කෙ ඒත්. ආයෙ බැලුවොත් මතක් වෙයි

අපේ department එකේ නංගිලා මල්ලිලා සෙට් එකක්නේ ඉන්නේ...🙊

ඒනම් මේ අපේ department එකේ අයියා කෙනෙක්නෙ🙊

ඒකනෙ බලන්න දන්න කියන කෙනෙක්නෙ මේ සදූ කියල ඉන්නෙ..😉🙊

මටත් කාලයක් ආසාවක් තිබුනා ජපන් ,french ඉගනගන්න.

French ත් ටිකක් ඉගෙන ගත්තා ඉස්කෝලෙ දි🙃

sir 💕. Most enjoyed module in entire 4 years :D

I know the reason 😁

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 62799.08
ETH 3027.63
USDT 1.00
SBD 3.95