You are viewing a single comment's thread from:

RE: බිම්මල් පිපෙන වැස්ස | Steem Sri Lanka Rain Contest| 5% to SL Charity

in Steem Sri Lanka4 years ago

ඔයා ලියපු ගොඩක් දේවල්වලින් මං මගේ හිත කියවනව වගේ දැනුණා. මාත් වැස්සට පුදුම ආසයි. මෙහෙ වැස්සෙන් අඩුවක් නැතත්, හැමදාම වහින වැස්සටත් මං ආසයි. ඒත් ඔයා කිව්ව වගේ දුක් විඳින මිනිස්සු ගැනත් මතක් නොවෙනව නෙවෙයි.

වහලෙ පීල්ලෙන් බේරෙන වතුරෙන් නාන්න මඟ බලාගෙන හිටිය පොඩි ගෑණු ළ‍මයා ආයෙම ඉපදිලා මට මවලා දෙන සුන්දර ලෝකෙ ඓශ්චර්ය මට දැනෙන එක.

මේ නම් මමමයි. මාත් ඉස්සර වහිනකොට පීල්ලෙන් නානවා. පීලි කීපයක් ගේ වටේ තියෙනවා. මං එකකින් නාල ගිහින් තව එකකින් නානව ඉස්සර. ගොඩක් දේවල් මතක් වුනා💕

Sort:  

චුටි සඳුනි හිනා වෙවී වැහි පීලි වලින් නානවා මට මැවිලා පේනවා. 🤗❤

Coin Marketplace

STEEM 0.06
TRX 0.32
JST 0.067
BTC 73166.28
ETH 2252.33
USDT 1.00
SBD 0.49