අපේ පාසල් දරුවන්ගේ හෙට දවස…

in Steem Sri Lanka2 years ago (edited)

[image.png

Source

අද අපේ පාසල් දරුවන් මුහුණ පා සිටින ගැටළුව දෙස බලන විට ඇති වන්නේ ඉමහත් කණගාටුවකි. පසුගිය අවුරුදු දෙක පුරාවට ඔවුණට පාසල් යාමට නොහැකි වුයේ කෝවිඩ් නිසා වෙනි. මාර්ගස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලබා දුන්නද, ගුරුවරුන්ගේ වර්ජයන නිසාවෙන් අවුරුද්දක් පමණ කාලයක් ඔවුනට එය අහිමි වී ගියෝය. බොහෝ දරුවනට එම පහසුකම් නොමැති වීම නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදුවිය. දුෂ්කර ප්‍රදේශ වල ජිවත් වන ළමුනට මාර්ගස්ථ ක්‍රම සදහා අවශ්‍ය සිග්නල් නොමැති වීම තරම් කණගාටුදායක දෙයක් තවත් නොමැති විය. මේ හැම බාධකයක් මැද වුවද, ඔවුන් උසස් පෙළ, සාමාන්‍ය පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි කඩඉම් විභාග වලටද මුහුණ දුන්හ. ජයග්‍රහණද ලබා ගත්හ. යාන්තම් කෝවිඩ් කරදරයෙන් මිදී, නිසි ලෙස පාසල් කටයුතු ආරම්භ කළා පමණි, රටේ ආර්ථික අර්බුදයට මුක්කු ගැසීමට සිදු විය. රට පුරා ක්‍රියාත්මක වන හර්තාල් නිසාවෙන් ගුරුවරුන්ගේ වර්ජනයට නැවත වාරයක් මුහුණ දීමට ඔවුනට සිදු විය. මේ නිසා දරුවනට නැවත වාරයක් අධ්‍යාපන අර්බුදයට මුහුණ දීමට සිදුව ඇත. ගුරුවරුන් වර්ජනය කළයුතුමද? ගුරුවරුනට වර්ජනයෙන් මිදී දරුවාගේ අනාගතය දෙස බැලිය නොහැකිද?.. දරුවන් යනු රටේ අනාගතයයි. අද දරුවාට හරි අධ්‍යාපනයක් නොලැබේ නම් හෙට රට බාර ගන්නට වන්නේ නිසි දැනුමක් නැති පුද්ගලයන්ටද? අද දෙමාපියන්ද අසරණව ඇත. කරන්නට දෙයක් නැත. කියන්නට කෙනෙක් නැත. දෙමාපියන්ගේ පරම අපේක්ෂාව වන්නේ තම දරුවනට හොඳ අධ්‍යාපනයක් ලබා දීමය. එත් කෝ එයට අවස්ථාවක්?

image.png

Source

අද රටේ සැළකිය යුතු ළමුන් පිරිසක් ජාත්‍යන්තර අධ්‍යාපනයට යොමුව සිටි. අද රට වැටී ඇති තන්වය නිසා මේ දරුවන්ගේ දෙමාපියන්ට පාසල් ගාස්තු ගෙවා ගැනීමේ දුෂ්කරතාවයට මුහුණ පාන්නට සිදුව ඇත. කුමක් හෝ ව්‍යාපාරයක් කර තම පවුල රැක ගත් පුද්ගලයන්ට අද තම පවුල නඩත්තු කිරීම අසීරු කාරණාවක් වී ඇත. පාසල් ගාස්තු නොව කෑම බීම පවා අරන් දීමට නොහැකි තත්වයක් උදා වී ඇත. රැකියාවක් කරන පුද්ගලයන්ට පවා අහාර පාන වල මිළ අධික ලෙස වැඩි වීම නිසා තමා ගන්නා පඩිය මෙන් තුන් හතර ගුණයක් වියදම් කිරීමට සිදුව ඇත. එසේ නම් ඔවුන් කෙසේ මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් දරන්නේද?

image.png

Source

එපමණද, විශ්ව විද්‍යාලවලට ඇතුළු වී සිටින දරුවන්ටද මුහුණ පාන්නට සිදුව ඇත්තේ මෙවැනිම වූ කර්තව්‍යකටය. ඔවුන් ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කාල සීමාව අසීමාන්තිකව දික් ගැසී ඇත. ඔවුන් අද ලබා ගන්නට සිටින සිහින දින නියමයක් නැතිව කල් තැබීමට සිදුව ඇත. සරසවියෙන් පිටව හොඳ රැකියාවක් සොයා ගෙන, ඔවුන් ගෙන් තම පවුලට, සමාජයට, මෙන්ම රටට කළ යුතු යුතුකම් කිරීමට ඔවුන් මග බලා ගෙන සිටිනවා නොඅනුමණය. ඒත් කෝ එයට වරම්. දරුවනි, අපට ඔබ ගැන ඇත්තේ මහත්වූ කණගාටුවකි. මෙවන් වූ තත්වයක් තුල අපේ දුවා දරුවන්ගේ හෙට දවස කුමක් වේද? දරුවනි නුබලාට දෙවියන්ගේම පිහිටයි.

ස්තුතියි.

Sort:  

ඇත්තටම හිතාගන්න අමාරු කොහොමද මිනිස්සු ලමයිව පාසල් වලට යවන්නෙ කියල මේ වියදමත් එක්ක , පාසල් වෑන් වලට ගත්ත ගානත් කලින්ටටවඩා දෙගුනයක් විතර වැඩියි ඒවත් එක්ක මිනිස්සු අනේ මන්ද 😪

තව ඉස්සරහට මීටත් වඩා අමාරු වෙනවා.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.033
BTC 61519.90
ETH 2995.96
USDT 1.00
SBD 3.45