තල්ගස්මංකඩ

in Steem Sri Lankalast year

තල්ගස්මංකඩ කියන්නෙ යාලෙ තියෙන එක ප්‍රදේශයක්. ඒ නිසා තල්ගස්මංකඩ නමින් යාල වනෝද්‍යානය ඇතුලෙ වනසංරක්ශන දෙපාර්තමේන්තුවේ සංංහාරක බන්ගලාවකුත් තියෙනව. යාලෙ උපරිම සුන්දරත්වය විදින්න නම් මේ වගේ කැලේ මැදෙදෙ තියෙන බන්ගලාවක නවතින්න්ම ඕන..ඒකෙනුත් තල්ගස්මංකඩ විශේෂයි.

IMG_20221108_091129.jpg

වනසංරක්ශන දෙපාර්තමේන්තුවට අයත් සංචාරක බන්ගලා කීපයක්ම යාල කැලේ ඇතුලෙ තියෙනව..වරහන, හීන්වැව, ඔන්ඩාච්චි, බුතව, දඹකොටේ, තල්ගස්මංකඩ කියන්නෙ එවැනි කීපයක්. මේවයි තියෙන්නෙ අවම පහසුකම් උනත් සෑහෙන ඉල්ලුමක් තියෙන නිසා අඩුම මාස දෙකකට කලින්වත් වෙන් කරවගන්න ඕන, වනසංරක්ශන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් හරි බත්තරමුල්ල කාර්‍යාලයෙන් හරි.

IMG_20221108_095814.jpg

තල්ගස්මංකඩ සුවිශේෂ වෙන්න හේතු කීපයක්ම තියෙනව. එකක් තමයි මේ බන්ගලාව තියෙන්නෙ යාල කලාප අංක 1 , කෙළවරටම වෙන්න මැනික් ගඟ මයිම්ව. මෙහේ නවතින කෙනෙක්ට මැනික් ගගින් නාගන්නත් අවස්ථාව තියෙනව. මැණික් ගඟෙන් එහා ඉවුර යාල කලාප අංක 2. යාපනයේ ඉදන් කතරගම පාද යාත්‍රාවේ එන මිනිස්සු යාල මැදින් එනව කියල ඔයාල අහල ඇති. ඒ පාර වැටිල තියෙන්නෙත් එහා පැත්තෙ ඉවුර ඔස්සේ..ඒ කාලෙක නැවතුනොත් පාද යාත්‍රාව බලාගන්නත් පුලුවන් . තව වැසි කාලෙට යාලට උඩින් තියෙන වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවර කරාම මේ බංගලාව බාගයක් විතර වතුරෙන් යට වෙනවලු. ඒ දවස් වලට කවුරුවත් මේකෙ නවතින්නෙ නෑ. වැඩ කරන සේවකයො දෙන්නත් බඩු මුට්ටු ටික උඩින් තියල ගමේ යනව කියල තමා කිව්වෙ.

IMG_20221108_095805.jpg

IMG_20221108_095825.jpg

විශේෂම දේ ඒකත් නෙවෙයි. යුද්දෙ පටන් ගත්‍ත කාලෙ 2007-8 වගේ යාලෙ හමුදා මෙහෙයුමකින් ත්‍රස්තවාදීන් මැරුණ කියල කතාවක් මතක ඇති. ඒ මේ තල්ගස්මංකඩ සංචාරක බංගලාව යටත් කරගෙන ඉදපු කොටි. හමුදාවෙ කීප දෙනෙකුත් ඒ සටනෙදි නැති වෙලා තියෙනව.
IMG_20221107_133346.jpg

මෙහෙම බාධක ගොඩක් මැද්දෙ රැකිල තියෙන තල්ගස්මංකඩ අවට සත්තු ගොඩ දෙනෙක් බලාගන්නත් පුලුවන්. එතන ඉදන් මීටර 500 ක් වගේ ඇතුලත තමයි අපි වලස් පවුලකුයි තනි වලහෙකුයි දැක්කෙ. රෑට වලහ බංගලාව අසලට එනව කියපු නිසා අපි බලන්න ආසාවෙන් රැකවල් දාගෙන හිටියත් එදා නම් ආවෙ නෑ. ඒ වෙනුවට උරුළෑවෙකුත්, මුව රංචුවකුත්, වල් ඌරො වගේ සත්තු කීප දෙනෙක් බලගන්න පුලුවන් උනා රාත්‍රියේදි.

මේ බංගලාවලට විදුලිය නෑ. යන්තම් ලයිට් කීපයක් පත්තු කරගන්න සෝලාර් පැනල් වලින් ක්‍රියාත්මක වෙන බැටරියක් තියෙනව. ෆෝන් එකක්වත් චාර්ග් කරන්න අමාරුයි ඒකෙන්. වතුර තියෙන්නෙ පහලින් ගලා බසින මැණික් ගගේ වතුර..ඒක නිසා බොන්න වතුර ගෙදරින් අරන් යන තරමට හොදයි. නිදාගන්න තියෙන්නෙ එලිමහනට විවුර්ත වුන සාලයේමයි. තව කාමර දෙකක් තියෙනව ඕන නම් ඇදක් දාගෙන නිදාගන්න පුලුවන්.

DSC_0047.jpg

IMG_20221107_133350.jpg

බොහොම සුහදශීලී සේවක මහත්තුරු දෙන්නෙක් ඉන්නව කෑම හදල දෙන්න.අපි අවශ්‍ය බඩු ටික සපයන්න ඕන. මේ වගේ තැනක පහසුකම් නම් අවම මට්ටමේ තියෙන්නෙ. හැබැයි අපි කැලේ ඇතුලෙ නවතිනව කියන්නෙ ඒ වෙනස විදින්න ඕන. සඳ තියෙන රාත්‍රියක කෘතිම විදුලි එළි නැති මහ මූකළානෙ එලියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා ජීවිතේ ගැන කල්පනා කර කර ඉන්න, එක පාරක් යාල ඇතුලෙ බංගලාවක නැවතිලා බලන්න!

-Ceylonese Eye-

FB_IMG_1669965332494.jpg

Sort:  

ශෝක්.😍

සඳ තියෙන රාත්‍රියක කෘතිම විදුලි එළි නැති මහ මූකළානෙ එලියෙ පුටුවක් තියාගෙන වාඩිවෙලා ජීවිතේ ගැන කල්පනා කර කර ඉන්න, එක පාරක් යාල ඇතුලෙ බංගලාවක නැවතිලා බලන්න!

නොස්ටැල්ජික් ෆීලින් එකක් දැනෙන්නෙ මේ වාක්‍ය කියවනකොට. මං ගියා වගේ. අරණකට පෙම් බැඳ මතක් වුණා.

😍 e feeling eka aththatama ganna watinawa ..

Pahasukam adu unath innama ona place ekak wage 😍

pahasukam adu ekath wenas athdakimak ❤️

 last year 

ඔය අත්දැකීම අපිත් විදලා තියනවා. ඒක නම් පට්ට රසයක් කියල වැඩක් නෑ

ඇත්ත. ඒක නම් විඳින්නම ඕන එක පාරක් හරි.

Coin Marketplace

STEEM 0.32
TRX 0.11
JST 0.031
BTC 67344.10
ETH 3749.25
USDT 1.00
SBD 3.69