Squid Game or Alice in Borderland? | 5% For SL-Charity

in Steem Sri Lanka3 years ago

Squid-Game-Alice-in-Borderland.jpg
Source

හැමෝම මේ දවස්වල කතා වෙන දෙයක් තමයි මේ ළඟදි release වුණ Squid Game කතා මාලාව. මමත් ඒක ගැන දැන ගත්ත දවසේ ඉඳලා බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. මොකද ඒ දැන ගත්ත දවස් වල මට exam තිබුණා. ඉතින් exam ඉවර වුණ ගමන් කරේ ඒක බලපු එක.

fc57c86f14e5be075e9b4b1c1ac62240.jpg
Source

Squid Game එක ගැන නම් අලුතෙන් කියන්න දෙයක් නෑ. ඒක ගැන මේ වෙනකොටත් හැමෝම දන්නවා. ඒ වුණත් ආයෙත් ටිකක් ඒ ගැන මතක් කරොත් මෙහෙමයි. මේකෙදි වෙන්නෙ ණය ගෙවාගන්න බැරුව ඉන්න එහෙමත් නැත්නම් මුදල් වල ලොකු අවශ්‍යතාවයක් තියන මිනිස්සුන්ව එයාලගේ කැමැත්තෙන්ම game එකකට එක්කගෙන යනවා. ම්කෙදි එක player කෙනෙක් වෙනුවෙන් වෙන් වුණු වටිනාකම වොන් මිලියන 100 ක්. හැම game එකක් අවසානයේදිම eliminate වෙන තරගකරුවන්ගේ වටිනාකම cash prize එකට එකතු වෙනවා. මේකට තරගකරුවෝ 456 ක් සහභාගී වෙනවා. ඒ කියන්නේ මේකෙන් දිනන කෙනාට වොන් බිලියන 45.6 ක් ලැබෙනවා. මේ මුදල දිනා ගන්න නම් තරගකරුවන්ට සිද්ධ වෙනවා දවස් 6ක් ඇතුලත games 6 ක් play කරන්න. ඒ විතරක් නෙමෙයි ඉතින් දිනන්නත් ඕන.

Screen_Shot_2021_10_01_at_1.11.24_PM.jpeg
Source

සල්ලි නැතුව ණය වෙලා පණ බේරගන්න ණයකාරයොන්ගෙන් හැංගි හැංගි ජීවත් වෙන මිනිස්සුට තවත් එක අවස්ථාවක් තමයි ඒ දෙන්නෙ. ඒ කොහොම වුණත් අන්තිමට එක්කෙනෙක්ට තමයි ඒ සල්ලිත් අරන් පණපිටින් එතනින් පිටවෙන්න වාසනාව ලැබෙන්නෙ. නැත්නම් කාටවත් නෑ!

ඊළගට Alice in Borderland. මේක 2020 දී release වුණ ජපන් tv series එකක්. මම සාමාන්‍යයෙන් ජපන් ඒවා බලන්නෙම නැති තරම්. මේකත් මට හම්බුනේ Squid Game ගැන ආර්ටිකල් එකක කියවද්දී. අපි මීට කළින් අහල තියෙන්නෙ බලලා තියෙන්නේ Alice in Wonderland විතරයි. එතකොට මොකක්ද මේ Alice in Borderland කියන්නේ? නම් දෙක එක වගේ වුණාට මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ.

Alice_in_Borderland_recensione.jpeg
Source

Alice in Borderland කියන්නෙත් Squid Game වගේම එකක්. ඒක ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි. අරිසු, චෝටා සහ කරුබෙ කියන්නේ හොඳම යාළුවෝ. අරිසු online games වලටම ඇබ්බැහි වුණ එක්කෙනෙක්. දවසක් මේ තුන් දෙනා ටෝකියෝ නගරය මැද්දෙ තනි වෙනවා. වෙන විදියකට කිව්වොත් වාහන, සෙනග පිරිලා කාර්යබහුල වෙලා තිබුණ ටෝකියෝ නගරය ක්ෂණයකින් හිස් වෙනවා! මිනිස්සු අතුරුදහන් වෙලා. යාළුවෝ තුන් දෙනාට තේරුම් ගන්න බෑ මොකද්ද ඒ වුණේ කියලා. ඔහොම ඉන්නකොට තමයි පළවෙනි game එක පටන් ගන්නෙ. එතකොට මෙයාලා දැන ගන්නවා මෙයාලා වගේ තනි වුණ තවත් අය ඉන්නවා කියලා. මෙයාලට games වලින් දින්නම තව දවස් කීපයකට ජීවත් වෙන්න වීසා ලැබෙනවා. මේ විදියට වීසා කල් ඉකුත් වෙන්න කළිං එයාලා games වලට සහභාගී වෙලා වීසා අරගන්න ඕන. එහෙම නැති වුණොත් හරි තරග වලින් පැරදුනොත් හරි ලැබෙන්නෙ මරණය.

Alice-in-Borderland (1).jpg
Source

මේකෙයි Squid Game එකෙයි Story එක වෙනස් වුණාට concept එක එකයි. දෙකේදිම තරගකරුවන් වෙනුවෙන් ඔට්ටු අල්ලපු කොටසක් ඉන්නවා. ඒ වගේම game master කෙනෙකුත් ඉන්නවා. හැබැයි මේකෙදි Squid Game එකේ වගේ දින්නම cash prize නෑ. කන්න බොන්න ළගට ගෙනත් දෙන්න crew එකක් නෑ. කරන්න තියෙන්නෙ ජීවත් වෙන්න වීසා ගන්න එක. මෙයාලට game එකකින් දින්නම ලැබෙනවා කාඩ් එකක් (කාඩ් පැක් එකේ තියන ඒවා.) ඒක තමා වීසා එක.

alice-in-borderland.jpg
Source

මට මේක බලලා ඉවර වුණාම ප්‍රශ්න දෙක තුනක් ආවා. ටෝකියෝ වල මිනිස්සුන්ට මොකද වුණේ? Squid Game එකේ නම් පැහැදිලිවම තරගකරුවන්ව අරගෙන වෙනම දූපතකට යනවනෙ. මේකෙ එහෙම වුණ දෙයක් පැහැදිලි නෑ. ආයේ මේ කාඩ් 52ම එකතු කරාම එයාලට මොනවද ලැබෙන්නෙ කියලත් මේකෙ පැහැදිලි නෑ. Season 2 ක් ගැන බලාපොරොත්තු තියලා තමයි මේක අවසන් වෙන්නෙ. Season 2 එකේදී එයාලා level up වෙලා face cards වලට play කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙයි. අර ප්‍රශ්න වලටත් ඒකෙදි සමහරවිට උත්තර ලැබෙයි.

මට Squid Game එකට වඩා Alice in Borderland ඉස්සරහින් තියනවා. Squid Game එකට අකමැතියි නෙමෙයි. ඒක emotionally ගත්තොත් සාර්ථකයි. Alice in Borderland එකෙත් ඒ හැමදේම තිබුණා. ඒ නිසා මට මේකේ පොඩි මෙව්වා එකක් තියනවා. 🌚

Sort:  

දෙකම බලලා නෑ මන්. Pending list එකට දාලා තියන්න ඕන පස්සෙ බලන්න. 😇

දෙකම බලන්න 🙊🙊

ජපන් ඒවා මාත් බලලා නෑ....🙆 අලුත් අත්දැකීමක් වෙයි මේක බැලුවොත්....🤗🤗

ඔව් මටත් එහෙමයි 🙊

Squid game beluwat psse thami Alice in borderland gena ahuwe mn. Eth thma blnna une na. Squid game beluwt passe dalgona candy hdnna hithune nedda 😅😅

මේකත් ලස්සනයි 😋

dalgona candy hdnna hithune nedda

ඒකක් කාලා බලන්න හිතුනා. ඒ සීන් එක මරු😂

Dekama interesting wage.. balanna ona welawaka.

ඔව් same concept 🙊🙊

Squid Game

mn tic tok wala dakala thiynwa meka sambanda ewa. mokadda kiyala dn danagaththe. thanks

You're welcome🙊🙊🙊

Squid game eke kali kali balama mama dan kathwa dannwa🙈 anike kathwath lassani wage

ඔව් ඒ story එකත් ලස්සනයි 🙊

මම Alice in Borderland බලල නම් නෑ. ඒත් මේක කියෙව්වම හිතුනෙ ඒකත් Squid Game වගේම මිනිස්සුන්ගෙ Physicology එක ගැන ගොඩක් හිතල කරපු නිර්මාණයක් කියල. මට හිතෙන විදියට අපි ඒවට කැමති වෙන්නෙ ඒවට ගොඩක් natural flow එකක් තියන නිසා. අපිත් ඒ වගේ තත්ත්වෙකට පත් උනොත් අපි හැසිරෙන ක්‍රමය ගැනත් හිතෙනවා.

ඔව් ඒක ඇත්ත. මම මෙහෙම game එකකට ගියොත් දවසක්වත් survive වෙන්නෑ 🥴

Alice in Borderland

මං ජපන් කතා බලලලම නෑ.. මේක කියෙව්වාම නම් ඒක බලන්නම ඕන කියලා හිතුනා🙊

මමත් ජපන් කතා බලන්නෙ නෑ මේක නම් සෙට් වුණා

Mn meka nm balala na..Japan ewa godk follow krl bln na..But meka nm hodai wge...

ඔව්, මේක සෙට් වෙයි 🙊

Added to bucket list ♥️

🙊😋😋

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 63898.89
ETH 3129.16
USDT 1.00
SBD 3.90