රාවණ කතාවේ ඇත්ත....

in Steem Sri Lanka3 years ago (edited)

Ravana_British_Museum.jpg
Source

අපි හැමෝම කියවලා,අහලා තියෙන විදියට රාවාණා විසින් සීතාව ලංකාවට පැහැරගෙන ඒමට හේතු වුනේ මේ කතාවයි.රාමාගේ මල්ලී ලක්ශ්මන ලංකාවට පැමිණ රාවණාගෙන් ආයුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගේ නංගි සුපර්ණිකා සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගන්නවා.එම සම්බන්ධය පස්සෙ කාලෙක ලක්ශ්මන ඉන්දියාවට ආවත් එක්කම බිදවැටෙනවා.

සුපර්ණිකා තමන්ට අහිමිවෙන්නට යන ආදරය සොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ශ්මන එක්ක රණ්ඩුවක් ඇති කරගන්නවා.එතනදී සුපර්ණිකාගෙ එක කනක් තුවාල වෙන්න ලක්ශ්මන හපනවා,ඉන් අනතුරුව මෙම තුවාලයත් සමගම ලංකාවට පැමිණෙන සුපර්ණිකාව දැක්ක රාවණට වුනු දේ ඇසූවිට හොදටම තරහා යනවා.මේ දේට පළිගැනීමට හිතාගෙන තමයි රාවණා මායා ධර්ම හොදින් දන්නා ධූමරාක්ශ සමග දඩුමොණරයේ නැගී සීතව පැහැරගැනීමට එන්න යන්නේ.

unnamed (2).jpg
Source

රාවණා සීතව පැහරගෙනවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා.හැබයි වදදීලා හිංසා කරලා නෙවෙයි සියලුම සැප සම්පත් ලබාදීලා.කතාවක් තියෙනවා රාමා සහ සීතාගෙන් ආදරය ඉල්ලා සිටියා කියලා,ඒක නම් අමූලිකම බොරුවක්.

දන්නවද සීත කියන්නේ රාවණාගේ කවුද කියලා?

සීතා කියන්නේ රාවණාගෙ දුව.

හිතාගන්නවත් බෑනේද?ඒත් මේ දේ තමයි ඇත්ත.

රාවණා රජුගේ බිරිද වන මන්දෝදාරිට එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ධ වෙනවා.ඒ කියන්නේ නිවුන් දරු උපතක්.මෙම උප්පත්තීන් ගැන පෙර ලකුණු කියන පඩිවරු මෙම උප්පත්තීන් මැදියම් රැයට පෙර සිදුවුවහොත් රටට සහ රජතුමාට යහපතක්,ආශිර්වාදයක් වන බව හා මෙන්ම,මධ්‍යම රාත්‍රියට පසුව සිදුවුවහොත් රටට සහ රජුට අයහපතක් අයහපතක් මෙන්ම රාජ්‍යද විනාශවන බවට ප්‍රකාශ කර සිටියා.

මෙම හේතුව නිසා සිත කැළඹුනු රාවණ රජු තමන් නිර්මාණය කරන ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩාකල ඉබේ පහල වුනු ශිව ස්ත්‍රෝත්‍රය ගායනා කරන්නට පටන් ගත්තලු.ටික වෙලාවක් ගියවිට පණිවිඩයක් ආවලු බිරිදට පුතෙක් ලැබුණා කියලා.නමුත් දෙවනි උපත ගැන කියවුනේ නැති නිසා කළබල වී බිරිද සිටින ශාලාවට ආවලු.ඒ වනවිට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුනු විටදී දෙවන උපත සිදුවුවාය.

මේ ගැන සිත්තැවුලට පත්වුනු රජු පළවෙනි උපතින් බිහු වූ කුමරුට ගිරිමේඝ ලෙස නම තැබුවේය.ඊට හේතුව වුයේ උපත සිදුවන වේලාවේ මහා හඩින් ගොරවමින් වැස්ස නිසාය.දෙවන උපතින් බිහිවුනේ දුවෙකි.දෙවන උපත මධ්‍යම රාත්‍රිය පසු වී සිදුවූ නිසාත් තමන් තියාගැනීමට බැරි නිසාත් සදුන් ලීයකින් නිමවපු පෙට්ටියක දාලා මුහුදේ පාකර යවා තිබෙනවා.පසුව බිරිදට පවසා තිබෙන්නේ දෙවන උපතින් ලැබුණු දරුවා මියගිය බවය.

rawana_rising_by_lalintha.jpg
Source

සදුන් ලීයෙන් නිමවූ පෙට්ටිය පාවී ගොස් ගොඩ ගසා තිබෙන්නේ එවිට ඉන්දියාවෙ රජකල දශරත රජුගේ මගුල් හේනටය.(හේනකට ගොඩ ගැහුවේ කොහොමද කියල කල්පනාකරන්න එපා.)ඒ දවසේ එම රටේ වප් මගුල් උත්සවය දවසයි.නගුලෙන් සීසාමින් සිටියදී තමයි සීතා දාලා තිබුනු පෙට්ටිය හමු වී තියෙන්නේ.සීතා කියන නමෙහි තේරුම නගුලෙන් උපන්නී යන්නයි.කාලයත් සමගම සීතා එහි හැඩී වැඩී පස්සේ කාලෙක රාමට මුණගැහෙනවා.

රාවණා රජුට හිසවල් දහයක් තිබෙන බව පැවසෙනවා.එයට හේතුව රාවණ රජු ශාස්ත්‍ර 10ක් දැන සිටීමය.

•ආයුර්වේදය
•ගෘහ නිර්මාණය
•යුධ ශිල්පය
•මායා ධර්මය
•සංගීත ධර්ම
•නැකැත්,ජෝතීෂය ධර්ම
•රසායන ධර්ම
.......................

රාවණ රජු ආයුර්වේදයට බොහෝසේ ආදරය කල අයෙකි.ඔහු ආයුර්වේදය ප්‍රගුනකල රජෙක් වේ.ඔහුට එම දැනුම ලැබෙන්නේ ඔහුගේ සීයා වු පුලස්ථි සෘශිගෙනි.අදටත් පරාක්‍රම සමුද්‍රය ඉදිරියේ තියෙන පිළිමය පුලස්ථි සෘශිවරයාගේය.එය පරාක්‍රමබාහු රජුගේ නොවේ.ඒ බව මෑතකදි සිදුකරන ලද කාබන් කාලනීල පරීක්ෂණය මගින් තහවුරු විය.ඒ වකවානුවේදි පුලස්ථි සෘශිවරයාට වටිනාකමින් මිල කරන්න බැරි විශාල වනයක් තිබුනා.පොත් පත් වල කියැවෙන ආකාරයට එම වනය ශ්‍රී අකුරෙහි හැඩයට තමයි පිහිටා තිබී තිබෙන්නේ.ආයුර්වේදයට අනුව ශ්‍රී යනු ලෙඩ හොද කරන අකුර වේ.රාම රාවණා යුද්ධයේදී මෙම වනය විනාශ වෙනවා.නමුත් අදවනවිටත් එම වනයෙන් කොටසක් ඉතිරිව පවතිනවා.ඒ පුලස්ථි සෘශිගේ පිළිරුවට පිටුපසින් තිබෙන ඝන කැළෑවේය.

images (1).jpeg
Source

තවත් මතයක් තියෙනවා යුද්ධයෙන් රාවණා මැරුනේ නැහැ කියලා.ඒ දේ ඔයාල අහලා ඇතිනේ.ඒක ඇත්ත.ඊට හේතුව රාවණා යනු ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලැබූ අයෙකී.ඒක නිසා රාවණාව මරණ්න කාටවත්ම බැහැ.අදටත් රාවණාගේ සිහිය නොමැතිව තිබෙන ශරීරය හක්ගල කදු මුදුනේ ආරක්ශිතව බෙහෙත් ඔරුවක බහාලා තිබෙන බවට පුරාණ මත පවතිනවා.දේහයෙන් මිදී සිටින රාවණා පුලස්ථි සෘශිගේ ප්‍රථිමාවට පිටුපසින් තිබෙන කැළයේ භවනායෝගීව සිටින බවට පැවසෙනවා.

අපට හිතා ගන්නවත් විශ්වාස කරන්නවත් ආමරුයි තමයි.අනාගතයේ කුමක් වේවිදැයි බලමු..........

Sort:  

සීතා කියන්නේ රාවණාගෙ දුව.

මේ කතාව නම් අහලා තිබුණේ නෑ 🤔

මමත් පොතකින් කියෙව්වේ....

seetha kiyanne duwa kiyala ahala tibunta niwun daruwo gena ahala tibune na.

Rawana gana api nodanna dewal kochchra nam athida?

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 63648.37
ETH 3125.02
USDT 1.00
SBD 3.87