යහපත් දරුඵල ලබන්න පැරැන්නන් කළ වතාවන්
අතීතයේ මෙන්ම වර්තමානයේ ද දෙමව්පියන් තම පවුලට ගුණවත් දරුවන් ඉපදෙනු දැකීමට ප්‍රිය කරති.වර්තමානයේ දී මෙන් නොව අතීතයේදී එවැනි ගුණවත් ණැනවත් දරුවන් තමන්ට ලබා ගැනීම සදහා දෙමව්පියන් ව්ව්ධ වත් පිළිවෙත් පිළිපැදීමට මෙන්ම ඉටුකරලීමට කටයුතු කළහ.ඒ සදහා ඉපැරණි ක්‍රම ඇදහිලි ,කෙම් පනත් ක්‍රම මෙන්ම ස්වාභාව ධර්මයෙන් උගත් දැය ද කාලයක් තිස්සේ උපයෝගී කරගෙන ඇති බව පෙනේ.
යහපත් ගුණවත්, ණැනවත් ,දරුවකු ලැබීම තම පවුලටත් ,ගමටත්, රටටත් ,ලෝකයටත් ඉමහත් සෙතක් වන බවත් එවන් දරුවකු ලොවට දායාද කිරීම තම යුතුකම බවත් පැරැණි ජනතාව විශ්වාස කලහ.එම නිසාම විවිධ ක්‍රම සහ විධි ඒ සදහා උපයෝගී කරගත්හ.ඒ සදහා එකතරා ක්‍රියාවලියක් ඔවුන් අනුගමනය කලහ.
මෙම ක්‍රියාවලිය පළමු පියවර හදුන්වනු ලැබුවේ ගර්භධානය ලෙසය.ගර්භධානය යනු මව් කුස තුළ පුරුෂ බීජ ස්ථාපිත කිරීමයි.ස්වාමි පුරුෂයා බිරිඳ සමීපයට යෑම ගර්භධානය සදහා ආමන්ත්‍රණය කිරීම ඇයගේ ගර්භයෙහි කලලය ස්ථාපනය කිරීම යන අවස්ථා ගර්භධානයට අයත් වෙති.එසේ කරන අවස්තාවේ තමන්ට ගුණවත් ණැනවත් දරුවකු ලබා දෙන ලෙස ඉල්ලමින් දෙවියන් යැදීමද සිදුකර ඇත.
"කාන්තාව ඔසප් වීමත් සමගම එන ප්‍රථම රාත්‍රියේ සිට රාත්‍රී කාල 16 ක් තුළ ගර්භධානය සදහා සුදුසු බවද එහෙත් කාන්තාව ස්නානය කිරීමෙන් පිරිසිදුවන
පස්වැනි රාත්‍රියේ සිට සම්භෝගයේ යෙදීම සුදුසුය." යනුවෙනි.දරුවකු කාන්තාවකගේ කුස තුළ පිළිසිඳගැනීම සදහා කරනු ලබන ගර්භධානය වැදගත් වන්නේ එය උපදින දරුවාගේ භාග්‍ය සම්පන්න භාවයද ගුණවත් භාවයද බොහෝ දුරට තීරණය කරන හෙයිනි.
උපදින දරුවා ගැහැනුද පිරිමිද යන්න තීරණය කිරීමද මෙම ගර්භධානය සැලසුම් සහගතව සිදුකිරීමෙන් එනම් ගර්භධානය සිදුකරන දින හා කාල වේලාව අනුව තීරණය කල හැකි බවද පැරැන්නන් විශ්වාස කලහ.
ඒ අනුව ගර්භධානය සිදුකරන කාන්තාවගේ නාසයෙහි දකුණු සිදුරෙහි නුග රසය හෙලීමෙන් පුරුෂ උපතක් සිදුවෙතැයි විශ්වාසයක් ඔවුන් අතර විය.වම්පස සිදුරෙහි යෙදීමෙන් ස්ත්‍රී උපතක් බලාපොරොත්තු විය.පැරණි කෙම් ක්‍රම වලින්ද මෙවැනි දෑ සිදුකර ගැනීමට පැරැන්නන් සමත්ව ඇත.කෙම් යනු පූජා ක්‍රමයකට සමාන යම්කිසි ගුප්ත බලයක් ඇති ක්‍රියාවකි.සිතේ ඒකාග්‍රතාව මත බොහෝවිට කතා නොකරමින් ඉටු කරන ක්‍රම වල බලය වැඩි බව ඔවුන් දැන සිටි අතර එම ක්‍රම කෙම් ක්‍රම අතීතයේ පටන් හැදින් වුහ.
ඒ අනුව පිරිමි දරුවකු පිලිසිදවා ගැනීම සදහා කල යුතු කෙම් ක්‍රමයක් ලෙස නුග දල්ලක් පිටි අතින් කඩා පොඩි කර ඉස්ම බිරිඳගේ දකුණු නාස් පුඩුවට දැමීමෙන් පසුව එක් වීමයි.ගැහැනු දරුවකු නම් වම් නාස් පුඩුවට එම යුෂ දමා එක් විය යුතු බවයි.දරුවකු කුස තුල පිලිසිද මාස කීපයකින් පසු ස්ත්‍රී හෝ පුරුෂ භාවය තෝරා ගැනීමේ හැකියාවක් පැරණි සමාජයේ වැඩිහිටියන් තුළ පැවතුණි.කළලය කුසේ දකුණු පසට බරව පිහිටියේ නම් එහි පුරුෂ ලක්ෂණ බවද වම් පසට බරනම් ස්ත්‍රී ලක්ෂණ ඇති බවද ගැමියෝ විශ්වාස කලහ.ඔරුව සේ බඩ උස්ව තිබේ නම් නපුන්සක ලක්ෂණ ඇති බවද මතයක් පැවතින.
ගැබ කුමරු හටගතා....
දිනෙන් දින මෝරතා....
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා....
දරුවා මව් කුසෙහි පිළිසිදගත් දිනයේ සිට සිය පවුලේ සහ සමාජයේ විශේෂ සැලකිල්ලට භාජනය වූ ගැබිනි කාන්තාව දරුවා බිහි කිරීම සදහා ඇයගේ මව් පියන්ගේ නිවසට ඉතා ප්‍රවේශමෙන් රැගෙන යාම ස්වාමියාගේ සහ එම නෑදෑ පිරිසගේ වගකීම ලෙස පැරැන්නන් සැලකූහ.අතීත සමාජයේ සෑම දෙනාගේම අදහස වුයේ පවුලට ගුණවත් ණැනවත් වැඩදායි දරුවකු ලබාගැනීමය.ඒ සදහා ඔවුහු බොහෝ කැප කිරීම් සිදුකරන ලදහ.