The Pursuit Of Happiness

in Steem Sri Lanka5 months ago

1000042002.jpg

source

අද අර ගෙනාවේ කාලෙකට පස්සේ motivational movie එකක්.මේක විශේෂත්වය තමයි ඊටත්් වඩා සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගෙන එකක් වීම.2006 වර්ෂය තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ.පැය දෙකක් පුරාවට දිව යන මේ ෆිල්ම් එක family, drama කියන කාණ්ඩ වලට තමයි යටත් වෙන්නේ.ෆිල්ම් එක නිකුත් වෙලා වසර විස්සකට ආසන්න වෙන විටත් මේ ෆිල්ම් එකට imdb දහයෙන් අටක තරම් විශාල අගයක් හිමි වෙලා තියෙනවා.ඇයි එච්චර වටිනාකමක් කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? එහෙනම් ඔයාට බැලුවට පස්සේ හිතේවි මේත් මදි නේද කියලා? ඒ තරම් විශිෂ්ටයි කියලා බය නැතුව කියන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.

ඔයා පොහොසත් වෙන්න හීන දකින කෙනෙක් නම් ඔයාටම ගැලපෙන දේවල් බොහොමයක් මේ ෆිල්ම් එකේ අඩංගු වෙනවා.ඉතින් share මාකට් එක් ගැන investment ගැන ලොකුවටම මේ ෆිල්ම් එකේ සඳහන් වෙනවා.ග්‍රේබ්‍රියෙල් මුචිනෝ සුපිරි ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයාගේ ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.ලෝකයේ දැවැන්තම ව්‍යවසායකයෙක් වගේම ගාඩ්නර් රිච් කොටස් තැ‍රැව්කාර සමාගමේ නිර්මාතෘ වන ක්‍රිස් ගාඩ්නර්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් ගොඩනැගුණ ෆිල්ම් එකක් තමයිි මේක.වර්තමානයේදී ක්‍රිස් ලොකු සල්ලිකාරයෙක් වුණත් ඔහුගේ තරුණ කාලයේදී ඔහු සෑහෙන්න දුප්පත් වගේම හරියට රැකියාවක් වත් තිබුන කෙනෙක් නෙමේ.අඩුම ගානේ ඔහුට නිවසක්වත් තිබුණේ නැහැ.දුප්පත් කමේ සහ ඉවරයක් නැති කරදරවලින් හෙම්බත් වුන ක්‍රිස් ඔහුගේ ධෛර්යය නිසාම කොහොම හරි ජීවිතය ගොඩනගා ගන්නවා.ඒ ගැන තමයි මේ ෆිල්ම් එකෙන් ලස්සනට පෙන්නලා තියෙන්නේ.