Crucial Win
ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ටික කාලෙකට පස්සේ ආයෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග සංචාරයක් යෙදිලා තියෙනවා.ආසියානු කුසලාන තරගාවලියට කලින් ශ්‍රී ලංකාවට යෙදිලා තිබෙන අවසාන තරගාවලිය තමයි මේක.ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වගේම ඔවුන් පිතිකරණය යෙදිය යුතු ස්ථාන පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට.මොකද කමිදු මෙන්ඩිස් කාලයක ඉඳන් ටෙස්ට් තරඟ රටාව තුළ හොඳ රිද්මයක සිටියත් එක්දින තරඟ රටාව තුලේ පවත්වා ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඔහුගේ ස්ථානයේ ගැටලුවක්ද කියලා සමහරවිට හිතෙනවා.කොහොම හරි අංක හතර ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම්කිසි ගැටලුවක් තිබෙනවා.ඉතින් ආසියානු කුසලානයට කලින් මේ සියල්ල තෝරා බේරා ගැනීමට මේ තරගාවලිය ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් ඊයේ පැවැත්වුණු පළමු තරඟයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.පිතිකරණයට යෝග්‍ය තණතීරුවක් උනත් මුල් පන්දු වාර 20, 30 අවසානයේ එතරම් හොඳ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා පිරිකරුවන්ට හැකි වූයේ නැහැ.ඔවුන්ගේ අරමුණ වූයේ කොහොම හරි කඩුලු ආරක්ෂා කරගැනීමයි.යම්තාක් දුරකට ඒකත් හොඳ තීරණයක්.නමුත් විටෙක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුනු 161ක් ලබා දරුණු තත්ත්වයක සිටියා.එවිට කඩුල්ලේ සිටියේ අවසන් නම් දැරූ පිතිකරුවන් දෙදෙනා පමණයි.ඒ කමිදු මෙන්ඩිස් සහ කවදත් එක්දින පිටියේ සාර්ථක වූ ජනිත් ලියනගේ.වගකීම අනාව කරට එකත් මේ ක්‍රීඩකයන් දෙදෙනා හොඳින් සිම්බාබ්වෙ පන්දු යවන්නන් පාලනය කළේ නොතිබූ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමට ගෙන දෙමින්.තමන්ට ලැබුණු අංක හත ස්ථානයේ හොඳින් පිතිකරණයට යෙදුණු කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් ලබාගැනීමටත් සමත් වුණා.ජනිත් ලියනගේ නොදැවී ලකුනු 70ක් ලබා ගැනීමට සමත් වුණා.299ක අසීරු ඉලක්කයක් හඹා යාමට පැමිණි සිම්බාබ්වේ පිතිකරුවන් සාර්ථකව ඉලක්කය හඹා ගියත් අවසන් පන්දු වාරතුනේ තම පාලනය අතට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ කවුරුත් නොසිතූ අයුරින්.තරඟයේ විශිෂ්ට අවස්ථාවක් ලෙස දිල්ෂාන් මදුශංක කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වුණේ ජයග්‍රහණය මං පෙත් විවර කරමින්.