බඹරු ඇවිත් බොලව්steemCreated with Sketch.

in Steem Sri Lanka14 days ago (edited)


image.png

1978 දී තිරගත වුන මෙම චිත්‍රපටිය ධීවර ගම්මානයක ජන ජීවිතයේ විෂය කරගත් චිත්‍රපටයක්. බඹරුන් ලෙස සංකේතවත් කරල තියෙන්නෙ ධීවර ගම්මානයට පැමිණෙන පිටස්තර පිරිසයි. චිත්‍රපටයේ ප්‍රධාන දෙකොටසක් අතර ගැටුමක් නිරූපණය වෙනවා. එක් පාර්ශවයක් පිළිතුරු මුදලාලිගේ පුත් වික්ටර් බේබි මහත්තයාගේ නායකත්වයෙන් යුතුයි. අනෙක් පාර්ශවයෙහි මූලිකත්වය ධීවර ගම්මානයේ ආධිපත්‍ය දරන ඇන්ටයි. වික්ටර් නගරයේ හැදී වැඩි එහෙම අධ්‍යාපනය ලබා දිවි ගෙවූ අයෙක්. ඒවගේම ඔහු ධනේශ්වර සමාජ පංතිය නියෝජනය කරනවා. වික්ටර් ගමට ඇවිල්ල නගරයේ ජීවත්වුන විදිහටම ඉන්න උත්සාහ කරනවා. ඔහු තම මිතුරන් සමඟ මත්පැන් දුම්වැටි පානය කරනවා. යාන වාහනවල ගමන් බිමන් යනවා විනෝදකාමී ජීවිතයක් ගත කරනවා. ගමට ආව මේ පිරිසේ ක්‍රියාව ගමට පුරුදු නෑ . ධීවර ගමට ආවේණික නොවූ ගති ලක්ෂණවලින් මොවුන් සමන්විතයි. වික්ටර්ට බලය වගේම ධනයක් තියෙනවා. ධීවර ගම්මානයේ ජීවත් වෙන හෙළන නමැති තරුණිය ට ඔහු කැමති වෙනවා. හෙළෙන්ට බොහෝ කාලයක ඉඳලා ධීවර ගම්මානයේම සිරිල් කියන කෙනා ආදරය කරනවා. එහෙත් එය ප්‍රතික්‍ෂේප කළ හෙළන් වික්ටර්ට කැමති වෙනවා.

එහෙත් සිරිල් තම නිර්ව්‍යාජ ආලය හෙලන්ට ප්‍රකාශ කිරීමට නොයෙක් පියවර ගන්නවා. පසුව මෙම ප්‍රශ්නයට ඇන්ටා ද මැදිහත් වෙනවා. ඇන්ටා හෙලන් සහ වික්ටර් අතර ඇති සම්බන්ධයෙන් නැත් කිරීමට නොයෙක් උත්සාහ ගන්නව. බලපෑම් එල්ල කරනව එහෙත් එය සාර්ථක වෙන්නෙ නෑ. සිරිල් මියයන්නේ නොසිතු අයුරින් මියයාමට පෙර දින වික්‍රම මහත්තයා සමඟ ඔහු ගැටුමක් ඇතිකර ගන්නවා. සිරිල්ගේ මූර්ති ශරීරයේ වැල්ලට ගොඩ ගසා තියෙනව ඒ කෙසේ සිදුවුණාදැයි සිතාගැනීමට බෑ. ඒත් ඊට හේතුව වික්ටර් විය යුතු බව සැක කරනවා. සිරිල් ගේ මරණය අහඹු සිදුවීමක් නොව එයා අදෘශ්‍යමාන බලවේගයක ප්‍රතිඵලයක් බව ඇන්ටාට අවබෝධ වෙනවා. සිරිල්ගේ මරණයෙන් පසුව සිදුවන්නේ ඇන්ටාගේ මරණයයි. ඇන්ටා මරා දමන්නේ වික්ටර්ගේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස්ය. ඇන්ටා බීමතින් නිදා සිටින විට ප්‍රැන්තිස් පොරොවක් ගෙන ඔහුව කපා කොටා ඝාතනය කරනවා. ඇන්ටාගේ මරණයෙන් කෝපවෙන ගමේ මිනිසුන් ප්‍රැන්සිස් මරා දැමීමට ධීවර ගම්මානය පුරා ඔහුව සොයනවා. ෆ්‍රැන්සිස් දුවගෙන ඇවිල්ලා ගසක් මුදුනට නගිනවා. ඔහුගේ කලබලේ නිසා හිසේ බඳින ලේන්සුව ගැලවිලා ගස මූලට වැටෙනව ඒක ගම්මු දකිනවා. ඒ නිසා පැන්සිස් ඉන්න ගස හඳුනාගත් ගමේ මිනිස්සු එය කපා දමනවා. මේ වනවිටත් වික්ටර් තමාගේ බලය භාවිතා කොට ආරක්ෂක අංශ සමඟ අදාළ ස්ථානයට පැමිණෙමින් ඉන්නවා. ආරක්ෂක අංශ හමුවේ ගම්මුන් එතනින් ඉවත් වෙනවා. ඒ වන විටද ගස බාගෙට කැපී තිබුන නිසා වික්ටර් ඇතුරු පිරිස එතනට පැමිණෙන විට ගස බිම පතිත වී ෆ්‍රැන්සිස් මැරෙනවා.

වික්ටර්ගේ ආරක්‍ෂාව සඳහා ගමට පොලිසියක් ද පිහිටුවනවා. මේ සියල්ල අවසානයේ වික්ටර් සනත් සමග නගරයට යනවා වීරසේන කොළඹ බලා පිටත් වෙනවා. සිරිල් ගේ අවංක අහිංසක නිර්ව්‍යාජ ප්‍රේමයත් වික්ටර්ගේ විනෝදකාමී ප්‍රේමයත් අහිමි වූ හෙලෙන් වැලිකතරේ තනි වෙනවා.
ඉතින් මේ වගේ තවත් ආර්ට්කල් එකකින් අපි ඉක්මනටම හම්බවෙමු.

Sort:  

ඒ කාලේ ෆිල්ම් වලත් තිබිලා තියෙන්නේ වෙනම ලෙවල් එකක් 🔥

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 62985.30
ETH 3106.93
USDT 1.00
SBD 3.87