පුරහඳ කළුවර
සිංහල දෙමළ ජනවාර්ගික ගැටුම පසුබිම් කරගෙන ලාංකීය සිනමාවේ විශාල සිනමා නිර්මාණ ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. එහෙම වුණත් ඒ නිර්මාණ සියල්ලම අතරින් ඉතාමත් හොඳ නිර්මාණයක් විදිහට පුරහඳ කළුවර සිනමා පටය හඳුන්වන්න පුළුවන්. 2007 වර්ෂයේ දී නිර්මාණය වුණුමේ චිත්‍රපටිය අග්‍රගන්‍ය සිනමාවේදියෙක් වන ප්‍රසන්න විතානගේ අතින් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මේ නිර්මාණය සඳහා පාදක වෙලා තියෙන්නේ යුද කලාපයට ආසන්නව රජරට නුවර කලාපයේ යුද්ධයෙන් දිළිඳු බවින් සහ දැඩි නියඟයෙන් පීඩා විඳින ගමක සිටි එක් දිළිඳු පවුලකින් යුද්ධයට ගිය තරුණයෙකුගේ ඛේදනීය මරණයක් සහ ඔහු මිය ගිය බව පිළිගන්නේ නැති පියකුගේ ශෝකාන්තයක්. මේ පුරහද කළුවර චිත්‍රපටය ආරම්භ වෙන්නෙ මේ විදියට. මුලින්ම පෙන්වන්නේ නියගයෙන් සහ අව්වෙන් වියළී ගිය පරිසරයකින් යුත් ගමක්. වැසි පොදක්වත් නැති මේ ගම ඉතාම කර්කශ පරිසරයක්. මේ පෙන්න දවස පසළොස්වක පෝය දවසක්. අවමංගල රථයක් ගම දිහාවට එනවා පෙන්නනවා.රථයේ ඉන්න අය ඒ දේහය කාගේ නිවසේ ද කියා පාපැදියේ එන ග්‍රාමාරක්ෂක බටයෙක්ගෙන් අහනවා. ඒ අවමංගල රථයේ තියෙන්නේ යුද්ධයට ගිහින් මියගිය බණ්ඩාරගේ දේහය සහිත සීල් තබන ලද මිනී පෙට්ටිය යි. බණ්ඩාරගේ පියා වන වන්නිහාමි ගෙපැලේ ඉඳගෙන බුලත් විටක් හපනවා. මේ කර්කශ පරිසරයත් එක්ක ඔට්ටුවුන ඔහුට සතා සීපාවා අහස ගහකොළ සහ පරිසරය ගැන අපූරු ඉවත් තියෙනවා. අවමංගල රථයෙන් එළියට ගත් දේහය අඩි පාර ඔස්සේ ගෙපැල වෙත ගෙන යනවා. කුස්සියේ පිටිපස්සේ හැලි වලං සෝදමින් සිටි සුනන්දා විලාප තියමින් දේහය වෙත දිව යනවා. ඇය බණ්ඩාරගේ බාල සොහොයුරියයි. වන්නිහාමි අන්දයෙක් උනත් ඔහුගේ ඉව අන්ධ නෑ ඔහු මේ සියල්ලම නිහඬව දරා ගන්න්වා. වන්නිහාමිගේ එකම විශ්වාසය සුනන්දා විවාහ කර දෙන තුරු, අඩක් ඉදිකල නිවස ඉදි කරනතුරු සහ ග්‍රාම සේවක ගෙන් ගත් ණය මුදල පියවන තුරු මෙවැනි රාජකාරී රැසක් මැද කිසිසේත් බණ්ඩාර මිය නොයන බවයි. මල ගෙදර ගැන ආරංචිය ලැබුණු වන්නිහාමිගේ වැඩිමහල් දියණිය වූ යමුනා ඇගේ ස්වාමිපුරුෂයා සහ පුංචි දරුවා සමඟ මලගෙදරට එනවා.
මළගෙදරින් පසුව ග්‍රාම සේවක බණ්ඩාරගේ වන්දිය ලබා ගැනීමට අදාලව පිරවිය යුතු පෝරමය වන්නිහාමිට ගෙනල්ලා දෙනවා. එහෙත් වන්නිහාමිගේ ලෝකයේ බණ්ඩාර මිය ගිහින් නෑ. ඒ නිසා බණ්ඩාර මියගිය බව පිළි නොගන්නා වන්නිහාමි ගෙදර අනෙක් අයට හොරෙන් පෝරමය පරණ සූට්කේස් එකක සඟවලා තියෙනවා. ග්‍රාම සේවක වන්දිය ලබාදීමට වෙහෙසෙන්නේ ඉන් ඔහුට ලැබීමට ඇති නය මුදල පියවා ගැනීමේ අදහසින්. එහෙම උනත් වන්නිහාමි ග්‍රාම සේවයකට කියන්නේ බණ්ඩාර ජීවතුන් අතර සිටිද්දී වන්දිය ලබා ගැනීම කරන්න බෑ කියලා. වන්නිහාමි වන්දිය ලබා ගැනීම ගැන උනන්දු නොවුනත් පවුලේ අනෙක් අයට එය මේ මොහොතේ අත්‍යවශ්‍යයි. නිවසේ ඉතිරි කොටස ඉදි කිරීමට, ග්‍රාම සේවකගේ ණය ගෙවීමට,සෝමදාසට ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට විතරක්ම නෙවෙයි බණ්ඩාරගේ තුන් මාසයේ දානය රැඳී තියෙන්නෙත් මේ වන්දි මුදල මතයි. වන්නිහාමිගේ මේ විරෝධය ගෙදර අනෙක් අයට ලොකු ගැටලුවක්. දවසින් දවස පවුලේ අගය හිඟකම් ඉහළ යන නිසා සුනන්දා නගරයේ ඇගලුම් කම්හලක රැකියාවට යනවා ඒත් සෝමදාස එයට තදින්ම විරුද්ධ වෙනවා. කෙසේ හෝ බණ්ඩාරගේ තුන් මාසයේ දානයට අවශ්‍ය මුදල් බණ්ඩාරගේ හමුදා මිතුරන් පිරිසකගේ උදව්වෙන් ලැබෙනවා. ඒක මේ පවුලට විශාල සහනයක්.
මේ අතර බණ්ඩාර ඇත්තටම මිය ගියාද නැද්ද දැන ගන්නට වන්නි හාමිට ඕන වෙනවා. ඔහු තමන්ගේ දුර්වල බව ගැනවත් හිතන්නේ නැතිව උදැල්ලක් රැගෙන බණ්ඩාරගේ මිනී වල හාරන්න යනවා. වන්නිහාමිගෙ අතුරුදහන් වීමෙන් කලබල වුනු නිවැසියන්ට සහ ගන්ධයන්ට ඔහුව මුණ ගැසෙන්නේ අඳුරේ හුදෙකලාව ඉන්න විට යි.
මේ අතර එක දවසක් වන්නිහාමි නගරයේ සතිපොළට යනවා. ඔහු එහිදී ටී ෂර්ට් එකක් මිලට ගන්නව මේ මොහොතේ ඒක වෙළඳපොළේ හිටිය සුනන්දා දකිනවා. ඔහු එය ගෙදර ගෙනවිත් පැරැණි සූට්කේසයේ සඟවා තබනවා. ඉන් පසුව ඔහු තනිවම, පෙර දිනේ දී අසාර්ථක වුණ මිනීමල හැරීමේ කටයුත්තට යළිත් යනවා. ඒ බව ආරංචි වුණු ගම්වැසියන් ද ගම්වැසියන් ද එනවා. වන්නිහාමි ඒ වන විටත් වන විටත් වලේ විශාල ප්‍රමාණයක් හාරා අවසන්. එතනට පැමිණි පිරිස අතර සිටි සෝමදාස ඉදිරියට පැමිණ වන්නිහාමිගේ උදැල්ල ගෙන පස හාරා පෙට්ටිය ගොඩට ගන්නවා. ඊට පස්සේ පෙට්ටිය විවෘත කරනවා. ඒ මිනීපෙට්ටිය ඇතුලෙ තියෙන්නෙ කෙසෙල් ගසක කඳක් සහ කළු ගල් දෙකක්. මේ සිද්ධිය එක්ක වන්නිහාමේ බණ්ඩාර තවමත් මියගිහින් නෑ කියන මතයට ස්ථිරවම එනවා. මේ සිද්ධිය ආරංචි වුණු ග්‍රාම සේවක ද එතැනට පැමිණ සියල්ලන්ටම බැන වදිනවා. එහෙත් වන්නිහාමිට ඒ ගැන කිසිම ගානක් නෑ. බණ්ඩාර මියගොස් නැති නිසා ඔහුට දැන් වන්දිය ද අවශ්‍ය නෑ. වන්නිහාමිගෙ ජයග්‍රහණය කියාපාන්නා වගේ ඒ මොහොතේ පොද වැස්සක් ද වැටෙනවා. වන්නිහාමි සෙමෙන් සෙමින් වැව දෙසට යනවා. ඒ හැන්දෑවේ කොල්ලන් සෙල්ලම් කරමින් වැවේ පීනනවා ඔවුන්ගේ සතුට වන්නිහාමිගේ ද සතුට සමග බැඳෙනවා. ප්‍රසන්න විතාන්ගේ සිනමා වේදියාගේ පුරහඳ කළුවර චිත්‍රපටය අවසන් වන්නේ මේ විදිහට.
source
මේ චිත්‍රපටය ජනවාර්ගික අර්බුදය, යුද්ධය දකුණේ මනුෂ්‍ය ජීවිත වලට බලපාලා තියෙන ආකාරය ගැන පැවසෙන කතා පුවතක්. මේ චිත්‍රපටයේ ග්‍රාම සේවයකට නම් බණ්ඩාර කියන්නේ යුද්ධයට ගිහිල්ලා වෙඩි කාලා මැරුණු තවත් එක් සෙබළෙක් විතරයි. ඔහුට වන්නිහාමිගේ හැඟීම් හඳුනා ගැනීමට කිසි අවශ්‍යතාවයක් නෑ. ඔහුට අවශ්‍ය කෙසේ හෝ තම ණය මුදල ලබා ගැනීමයි. ඒකට තියෙන ලොකුම බාධාව වන්නිහාමි වන්දි පෝරමේ ඇඟිලි සලකුණ නො තැබීමයි. සිනමාවේදියා වන්නි හාමිගේ චරිතය ඉතා සංයමයෙන් හසුරුවල තියෙනවා. වන්නිහාමිගේ චරිතයේ නිහඬ බව චිත්‍රපටයේ සංවේදී බව රඳා පවතීමට බෙහෙවින් ම රුකුලක් වෙනවා. වන්නිහාමිගේ නෙත් සගල සහ නිහඬ බව ප්‍රේක්ෂකයාට සෑම මොහොතේම බරපතල කතාවක් හෙළිදරව් කරනවා. මළ කදවත් සොයාගන්න බැරි විදිහට මිය ගිහින් සීල් කෙරූ පෙට්ටියකින් ආව බණ්ඩාර නැවත කෙදිනකවත් පණ පිටින් නොඑන බව හැමෝම දන්නවා. මේ ඇත්ත තත්ත්වය තේරුම් නොගන්නා වන්නිහාමිට මෝඩ ගැමියෙක් යැයි හිතලා අපි සිනහ නොවී දාරක ප්‍රේමයෙන් පිරී ඉන්න උතුම් පියෙක් විදිහට දකින්නේ ඒ නිසා. වන්නිහාමිගේ චරිතය රඟපාන දක්ෂ සිනමා රංගනවේදියෙකු වන ජෝඅබේවික්‍රම ඒ චරිතයට ඉහළම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. මේ සිනමා නිර්මාණය ජනතාව මේ තරම් ආදරයෙන් වැළඳ ගන්නත් ඔහුගේ රංගනය කෞශල්‍ය නිසා කිව්වොත් ඒකත් නිවැරදියි. අපි තවත් චිත්‍රපටයකින් ඉක්මනටම හම්බවෙමු.
This post has been upvoted by @italygame witness curation trail
If you like our work and want to support us, please consider to approve our witness
Come and visit Italy Community
Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.
Come and visit Italy Community
Thank you for this movie review. I definetely watch the movie. ❤️
I also learned this for one of my modules. It's very harrowing to watch how this movie discuss the broader social issues.