All quite on the western front ෆිල්ම් එකේ සිනමටෝග්‍රැෆි කියවමුදsteemCreated with Sketch.

in Steem Sri Lanka4 months ago

image.png
source

Edward Berger විසින් අධ්‍යක්ෂණය කළ All quite on the western front චිත්‍රපටය රට වෙනුවෙන් යුද වැදීම සඳහා ජර්මානු තරුණයන් යුද ගිනි ඇවිලෙන බටහිර පෙරමුණ වෙත යොමු කිරීම දැක්වෙන චිත්‍රපටයක්. ජාතික වීරයෙක් විදිහට රට වෙනුවෙන් යුද වැදීමට ඇති කැමැත්ත නිසා ම දෙමව්පියුපියන්ගේ අත්සන පවා ව්‍යාජ විදිහට සකස් කර යුද්ධය සඳහා ඉදිරිපත් වන පෝල් යුද්ධයේ බියකරු බව දැන ගන්නේ ප්‍රමාද වෙලා. යුද්ධයේ කටුක යථාර්ථයන් ගැන නිරූපණය කරන මේ චිත්‍රපටයේ ආරම්භක දර්ශනයෙන් මේක යුධමය චිත්‍රපටයක් කියලා හිතන්න බැරි තරම් සාමකාමී වටපිටාවක් පෙන්නනවා . චිත්‍රපටය ආරම්භ වෙන්නේ කඳු පන්තියක් සහිතව ඈත වනාන්තරයක් දිස් වන භූමි දර්ශනයකින් (Landscape ). මේක තත්පර කිහිපයක් දර්ශනය වෙනවා. ඊට පස්සෙ වනාන්තරයක ඇතුළ පෙන්නනවා. මේකෙදි සංරචනයෙහි අංගයක් වන රේඛා (Lines) භාවිතා කරලා තියෙනවා. පසුව දර්ශනය වන්නේ සතෙකු මවු තුරුලේ නිදා සිටින ආකාරය. මේක කැමරා කරලා තියෙන්නේ Golden Ratio විදිහට. පසුව රේඛා මගින් යොමු දිශාව දක්වමින් ගස් අතරින් අලංකාර ලෙස අහසේ දර්ශනයක් කැමරා ගත කරලා තියෙනවා . මේ සදහා විවිධ කැමරාකෝණ කැමරා රීතීන් භාවිතා කර තිබේ. ඉන්පසුව Bird eye angle මගින් පහළ ( පොළොව මතුපිට ) දර්ශනය වන අතර ක්‍රම ක්‍රමයෙන් මීදුම් අතරින් මෙම දර්ශනය පැහැදිලි වෙනවා . තැන තැන විසිරී ඇති මළ සිරුරු අපට දර්ශණය වන්නේ එවිටය. ඒ සඳහා ජිබ් ආර්ම් එකක් භාවිතා කර ඇති බව පැහැදිලි වේ. එය බිම් මට්ටමෙන් කෙටිදුරක් ඉදිරියට ගමන් කරයි. කැමරා ශිල්පියාගේ දක්ෂතාවය මින් පැහැදිලිවේ. පසුව මළ සිරුර දර්ශනය වෙමින් යන අතර ඈතින් යුද ගිනි ඇවිලෙන දර්ශනයක් එමඟින් පෙන්වයි. ඉන් පසුව යුද අගලක් තුළ දර්ශනයවේ. සොල්දාදුවන්ගේ සටන් අතරතුර කැමරාව ද ඒ සමඟම යම් චලනයක් පෙන්නුම් කරයි. මෙය ගිම්බල් එකක් ආදාරයෙන් one take shot එකක් ලෙස රූගත කරඇත. මෙමගින් යුද්ධයේ කලබලකාරී ස්වභාවය, යුද බිය ඉතා තීව්‍ර ලෙස ප්‍රේක්ෂකයාට දනවනවා. යුද අගලෙන් පිටත දර්ශනයේ දී සොල්දාදුවන් සටන් කිරීමට දිවයන අතර කැමරාව ද ඒ සමඟම ඉදිරියට යනවා. මේ සඳහා Dolly Track එකක් භාවිතා කර ඇත. කෙටි බැලම්මකට මුවා වී සිටින සොල්දාදුවන්ට එපිටින් විශාල ප්‍රදේශයක යුද්ධය පවතින බව මෙම රූප රාමුවේ Depth එක මගින් පෙන්නුම් කරනවා. තම මිතුරන් මැරුණු පසු ඉදිරියට දිව යන හෙන්රිච්ව Following Shot එකක් මගින් කැමරාගත කරයි. මෙහිදී ගිම්බල් එකක් ආධාරයෙන් කැමරාව රැගෙන යයි.මෙම shot එක ලබාගෙන තියෙන්නේ ප්‍රධාන චරිතය center වන ආකාරයට. එම shot එක cut වීමෙන්පසු චිත්‍රපටයේ නම දර්ශනය වෙනවා . ඉන්පසුව ගොඩ ගසා ඇති මළ සිරුරු පෙන්නනවා . මෙහිදී ආලෝකය හා අඳුර නිර්මාණශීලී ලෙස භාවිත කර එම දර්ශනය ලබාගෙන තියෙනවා . එය ආවරණයවු ස්ථානයක් බව එයින් පැහැදිලි වෙනවා. ඒ වගේම සොල්දාදුවන්ගේ සපත්තු ගොඩගසා ඇති ආකාරය Golden point එකකට එනසේ focus කර ඊට ඈතින් ඇති දර්ශනය out of focus කර කැමරාගත කරලා තියෙන ආකාරයෙන් මෙම දර්ශනය සඳහා Depth එකක් එක්වෙලා තියෙනවා . ඉන්පසු දර්ශනය වන බැරැක්කවලින් Lending Lines දැකගන්න පුලුවන් . ලෙයින් තෙත්වූ නිල ඇඳුම් එකතුකරන ස්ථානය frame within frame මගින් කැමරා ගත කර ඇත. මෙහිදී ආලෝකය සහ අඳුර ද නිසිලෙස භාවිතා කරලා තියෙනවා . ඉන්පසුව එම නිල ඇඳුම් කරත්තයක දමා ගෙන රැගෙන යන දර්ශනයක් තියෙනවා . ඒක කැමරා ගත කරලා තියෙන්නේ Symmetrical composition සහ frame within freme ශිල්පීය ක්‍රම යොදා ගනිමින්. නිල ඇඳුම් වේලීම සඳහා තබා ඇති දර්ශනය ඉතා පහළ කෝණයකින් රූගත කර ඇත. කාන්තාවන් ඇඳුම් මැසීමේ නිරතවන ආකාරය මුලින්ම පෙන්වන්නේ එම කාන්තාව center වන ආකාරයටය. එම කාන්තාව ඉවත් වූ පසු ඊට එපිටින් ඇති දේ දර්ශනය වෙනවා . Close up shot එකක් මගින් හෙන්රිච් යන නම ඉස්මතු කොට දක්වා ඇත. ඇදුම් මැසීමෙහි නිරත වන පිරිස ඉහළ කෝණයකින් රූගත කරමින් Pattern and texture නිරූපණය කර ඇත. මසා නිමකළ නිළ ඇදුම් රැගෙන කරත්තයේ ගමන් කරන ආකාරය freme by freme ආකාරයෙන් කැමරාගත කර ඇත. එසේම එම රථය ඈතින් ගමන් කරන ආකාරය very long shot එකක් මගින් ඉතා අලංකාර ලෙස කැමරා ගතකර ඇත. ගොඩනැඟිල්ල ඇතුළත කොරිඩෝවේදී ජ්නේලයකින් ආලෝකය පතිතවන ආකාරය අලංකාර ලෙස කැමරාගත කර ඇත. නවක සොල්දාදුවන් වෙත ආමන්ත්‍රණය කරන දර්ශනය එම චරිතය center වන ආකාරයට රූගත කර ඇත. ඔවුන් නිල ඇඳුම් ලබා ගැනීමට පේලි සැදී ගමන් කරන ආකාරය පෙන්වීමට සංරචනය හි ක්‍රමවේදයක් වන lending line ශිල්පීය ක්‍රමය භාවිත කර ඇත. මෙහිදී පෝල්ගේ දෙපා කේන්ද්‍ර කරමින් Isolate the subject (DOF) ශිල්පය ක්‍රමය යොදාගනිමින් කැමරාගත කර ඇත. පෝල් ඇතුළු සියලු දෙනා නිල ඇඳුමෙන් සැරසෙන ආකාරය hight angle මඟින් රූගත කර ඇත. ඔවුන් නිල ඇඳුම් වලින් සැරසී ගමන් කරන ආකාරය lines මඟින් ඉතා අලංකාරව පෙන්නනවා.

image.png
source

නවක යුධ භටයින් සහිත රථ පෙළ පාරේ මැදින් ගමන් කරන ආකාරය Symmetrical composition භාවිත කරමින් ඉතා අලංකාර ලෙස කැමරාවට හසු කරගෙන ඇත.එසේම රථය තුල සිටින පෝල්ව අනිත් පිරිස blur කරමින් විශේෂ කර දර්ශනය කරලා තියෙනවා . මෙහිදී ආලෝකය හා අඳුර ද භාවිතා කර ඇත. හමුදා කඳවුරේ දර්ශනය ඉහළ කෝණයක සිට රූගත කර ඇත. ගෑස් පිපිරීමෙන් කලබලකාරී ලෙස හැසිරෙන පෝල් ඇතුළු පිරිස ගිම්බල් භාවිතා කරමින් සමීප දර්ශන මගින් රූගත කර ඇත. ගෑස් ආවරණය පැළඳගෙන සිටින පෝල් හට තමා ඉදිරියේ ඇති පිරිස දර්ශනය වන ආකාරයට එවැනි ආවරණයක් තුළින් කැමරාකරු ඉතා නිර්මාණශීලී අයුරින් එම දර්ශනය රූගත කරලා තියෙනවා. යුධ අගල තුළ දර්ශන බොහොමයක් රූගත කරලා තියෙන්නේ රාත්‍රී අඳුර සහ මද ආලෝකය භාවිතා කරමින්. යුද අගල වෙත ප්‍රහාර එල්ල වන අවස්ථාවේ එම කලබලකාරී ස්වභාවය, බිය ත්‍රාසයජනක බව වඩාත් හොඳින් නිරූපණය කිරීමට ගිම්බල් භාවිතා කරමින් following shot ආකාරයෙන් රූගත කිරීමෙන් හැකිවෙලා තියෙනවා . බංකරයට ඉහළින් ඇති පස් කැමරා කාචයට සමීපව ඊට ඉදිරියෙන් අගල තුළට වැටෙන ආකාරය ඉතා කලාත්මක ලෙස රූගත කර ඇත. එම දර්ශන රැසක් රූගත කර ඇත්තේ අක්ශි මට්ටමේ කැමරා කෝණය භාවිතා කරමින්.

image.png
source

ප්‍රහාරයෙන් පසු යුදඅගල තුළ හිරවී සිටින පෝල්ගේ මුහුණ fill the frame ක්‍රම ශිල්පය යොදාගෙන රූගතකර ඇත. පස් තුළ සිටින පෝල්ට ඔහුගේ ඉහළින් සිටින පිරිස දර්ශනය වන ආකාරය worm eye කෝණය මගින් කැමරාගත කරතිබේ. හමුදා කාර්යාලය තුළ දර්ශනයේදී ලිපි ගොනු රැගෙන එන පුද්ගලයා freme within frame ආකාරයට කලාත්මක අයුරකින් කැමරා ගත කරඇත. ඉන්පසු දර්ශනයේ තම යුද රථය පිටුපස පෝල් වාඩි වී යන දර්ශනය center කර ඇත. පෝල් හා කැට් රථයෙන් බැස ඈතින් ගමන් කරන ආකාරය rule of thirds සහ golden point ආකෘතිය භාවිතා කර රූගත කර ඇත. ඉන්පසුව වනාන්තරයේ දර්ශනයේ rule of thirds සහ lines භාවිතා කර ඇත. පෝල්ගේ මිතුරා කරත්තය අසලට දිවයන දර්ශනය rule of thirds සහ Golden point ආකෘතිය භාවිතා කර කැමරා ගත කර ඇත. යුධ කඳවුරෙහි රාත්‍රී දර්ශනය ඉහළ කෝණයකින් කැමරා ගත කර ඇති අතර එමගින් patterns & texture දර්ශනය වන අතර ඈත තැන තැන දල්වාඇති ගිනිමැලවලින් දර්ශනයට ගැඹුරක් එක්කර ඇත. යුද්ධයෙන් විනාශ වී ගිය සුන්බුන් සහ මිනී පෙට්ටි golden ratio භාවිතා කරමින් කැමරාකරණය කර ඇත. කැළෑව තුලින් ගමන් කරන විට ගසක් මත රැඳී ඇති මළ සිරුරක් දර්ශනය වන අතර එය golden point ආකාරයට රූගත කර ඇත. දුම්රිය සහ දුම්රිය මාර්ගයේ ඇති lines මගින් යොමුදිශාවක් දැක්වෙන පරිදි කැමරාගත කර ඇත. ගෑස් ආඝ්‍රාණය වී මියගොස් සිටින පිරිස ඉහළ කෝණයකින් රූගත කර ඇති අතර එමගින් patterns & texture එකක් දර්ශනය වේ. ඈතින් දුම්රියක් පැමිණෙන දර්ශනය point එකක් ආකාරයෙන් ආරම්භ වී line මගින් එයට විචිත්‍රත්වයක් එක් වන අයුරින් රූගත කර ඇත. ජෙනරාල්ගේ කාර්යාලය golden ratio ශිල්පය භාවිතා කර කැමරා ගත කර ඇති අතර එම දර්ශනය සඳහා අඳුර සහ ආලෝකය ද ක්‍රමවත් පරිදි යොදා ගෙන ඇත. දුම්රියේ ඇතුළත සිට පිටත සිටින දෙදෙනෙකු දර්ශනය වන අතර lines,sheps, lighting භාවිතා කරමින් එය ජේම්ස් ෆ්රෙන්ඩ් ඉතා දක්ෂ අයුරින් කැමරාකරනය කර තිබේ. හමුදා සොල්දාදුවන්ගේ නිදන කුටිය තුළට ලන්තෑරුමක් රැගෙන පුද්ගලයකු පැමිණෙන ආකාරය අඳුර හා ආලෝකය භාවිතා කරමින් අලංකාර ලෙස කැමරාගත කරඇත. ඈතින් විදුලි ලාම්පු දල්වා ගෙන පැමිණෙන යුධ රථ පෙළ ද රූගත කර ඇති ආකාරය ඉතා නිර්මාණශීලීය. එම පිරිස ගමන් කරන ආකාරය ද lines ආකාරයට රූගත කර ඇත. සතුරු කණ්ඩායම සමඟ සාකච්ඡාව සිදුවන ස්ථානය අඳුර ආලෝකය සහ lines භාවිතා කර යොමු දිශාවක් සහිතව කැමරා ගත කර ඇත. යුධ අගල තුළ කඳවුරේ සිටින නිලධාරියාට පිටත ඇති දර්ශනය freme within frame ආකාරයට කැමරා ගත කර ඇත. ඉන් පසුව යුද අගල bird eye angle එකකින් දර්ශනය වෙනවා. යුද භූමිය හරහා දිව යන පෝල් ඇතුළු පිරිස ගිම්බල් භාවිතා කරමින් රූගත කර ඇත. මෙහිදී following shots ද භාවිතා කර තිබේ. යුද අගල තුළ දර්ශනය ගැස්මක් ද සහිතව ඇස් මට්ටමේ කෝණයෙන් handheld රූගත කර ඇත. මෙහිදී golden raito ,rule of thirds, depth ආදිය භාවිතා කර ඇත. මෙම දර්ශනවල depth එක මගින් යුද භූමියේ ඈත විශාල වපසරියක් හොඳින් පෙන්නුම් කරයි. ඉතා සමීපව බෝම්බ පිපිරෙන ආකාරය වෙඩි හුවමාරු වන ආකාරය කැමරාගත කිරීමෙන් මෙම චිත්‍රපටය තුළින් ත්‍රාසය භීතිය හොඳින් දැනවීමට එය හේතු වී ඇත. ගිනි දැල් ඇවිලෙන යුද භූමිය ඉහළ කෝණයකින් විශාල වපසරියකින් දැක්වෙන පරිදි කැමරාගත කර ඇත. යුද පිටියේ ලෙයින් තෙත්වූ දියකඩිති මතින් පෝල් තනිව ඇවිද යන ආකාරය බිම් මට්ටමේ කැමරා කෝණයකින් රූගත කර තිබේ. ජෙනරල් මේසයක සිට ආහාර ගන්නා දර්ශනය අඳුර හා ආලෝකය භාවිතා කරමින් golden ratio ආකාරයෙන් රූගත කර ඇත. යුද පිටියේදී තුවාල ලැබූවන් හට ප්‍රතිකාර කරන ආකාරය ඉහළ කැමරා කෝණයකින් texture එකක් පෙනෙන ආකාරයට රූගත කර ඇත. පෝල්ට හා කැට්ට එපිටින් ඇති කඳවුරේ දර්ශනය frame within frame ආකාරයට කැමරා ගත කර ඇත.

එම ස්ථානය lighting මගින් සෙවනැලි ද සහිතව අලංකාර ලෙස රූගත කර ඇත. බිඳුනු වීදුරුවක් තුළින් කැට් ඉදිරිපස බලා සිටින ආකාරය සහ කැඩපතක් තුළින් ඔහු පෙනෙන ආකාරය නිර්මාණශීලී ලෙස කැමරා කාචයට හසුකරගෙන ඇත. පෝල් කූඩුවෙන් බිත්තර ලබා ගන්නා ආකාරය කූඩුවෙන් එපිට සිට කැමරා ගත කර තිබේ. පෝල් වෙඩි වැදුණු කැට් සමග ගමන් කරන ආකාරය සහ හමුදා රථයක් ඈතින් එන ආකාරය golden point ආකාරයට කැමරාගත කර ඇත. ඉන්පසු දර්ශනය මගින් වලාකුළු රහිත අහස සහ golden point හි ඇති ගසක still shot එකක් දර්ශනය වේ. අලුතින් පැමිණි යුධ සෙබලුන් හට ජෙනරාල් ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී ඉහළ කැමරා කෝණයකින් එම පිරිස pattern and texture එකක් දිස්වන පරිදි කැමරාගට්ත කර ඇත. ගොඩනැගිල්ලේ සිටින ජෙනරල්ට දෙපසින් පහළ සිටින පිරිස ඔහුව center කරමින් පිටුපසසිට කැමරාගත කර ඇත. මෙහිදී පෝල්ගේ මුහුණේ කලකිරුණු ස්වභාවය කැමරා shots මගින් හොඳින් නිරූපණය කරලා තියෙනවා. නවක යුද පිරිස සමඟ සටන් බිමට යන ආකාරය rule of thirds යටතේ කැමරා ගත කර ඇත. තුවාල ලබා කඳවුරෙන් පිටතට පැමිණෙන පෝල්ට පිටුපසින් ආලෝකෙන් තොරව අඳුර භාවිතා කරමින් negative space භාවිතා කර එම අවස්ථාවට උචිත පරිදි මෙම දර්ශනය ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඔරලෝසුවක සහ අළු බඳුනක සමීප දර්ශනයක් පෙන්වනවා . එය සිනමාකරු සංකේතයක් වශයෙන් යොදාගෙන තියෙනවා. අවසානයේ දී පෙන්වන්නේ වන්නේ ආරම්භක දර්ශනයේ වගේම වනාන්තරයක still .shot එකක්. James Friend ගේ කැමරා ශිල්පීයක්‍රම සහ ඔහුගේ දක්ෂතාවය මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට ගොඩක් බලපාලා තියෙනවා. තවත් මේ වගේ චිත්‍රපටියකින් ඉක්මනටම හම්බවෙමු.

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.031
BTC 67790.81
ETH 3815.03
USDT 1.00
SBD 3.51