බුක්ෆෙයා ගියාsteemCreated with Sketch.

in Steem Sri Lanka6 days ago


image.png

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. කාලෙකින් මට ආටිකල් එකක් ලියන්න හිතුනා.ඉතින් මන් අද ආටිකල් එකෙන් ඔයාලා එක්ක බෙදාගන්න හිතුවේ මේ සති කිහිපය ගෙවුණු විදිහ ගැන. මේ දවස් ටික එක දිගටම lectures තිබුන දවස් ටිකක්. හරිම මහන්සියි ඉතින්. සිකුරාදා ලෙක් ඉවර වුණාට පස්සෙ මන් ගෙදර ගිය. අම්මත් මන් ගෙදර නිසා අක්කලා එක්ක බුක් ෆෙයා ආවා. ලස්සන ලස්සන පොත් ගොඩක් අරන් ගිහින් තිබුනා. මන් ආයෙ කැම්පස් ආවෙ සදුදා උදෙන්ම. ගාල්ල කොළඹ බස් වල එන එක මහන්සි වැඩි නිසා හයිවේ එකේ ආවා. හොදම වැඩේ කියන්නේ සෑහෙන දුරක් හිටගෙන එන්න වුණා. මන් උදෙන්ම ආවෙත් උදේ තියෙන ලෙක් එකට එන්න. ඒත් ඇවිල්ලා බලද්දී ඒ ලෙක් එක නෑ කියලා msg එකක් දාලා. මාත් බුක්ෆෙයා යන්න දවසක් නැතිව හිටියෙ එක දිගටම ලෙක් නිසා ඒ පාර ඉතින් යාලුවෙක් එක්ක මන් එදා බුක්ෆෙයා ගියා. ගොඩක් පොත් වලට 20% ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අපි දෙන්නත් පොත් අරගෙන. අම්මා ගෙදරින් එද්දී උයලා දුන්න බත් එක එහෙමත් කාලා එතනින් ආවා.


image.png

බුක්ෆෙයා එක ඉස්සරහම DSI එකේ සේල් එකකුත් තිබුනා. ඒ සේල් එකෙත් 20%, 25% වගේ ඩිස්කවුන්ට් තිබුනා. ඉතින් අපි ඒකටත් ගිහින් ආයෙ කැම්පස් එන්න 154 බස් එකකට ආවා. අම්මෝ හොදටම සෙනග හුස්ම ගන්නවත් බැරි තරම්, ඒත් බස් එකට තව සෙනග දා ගන්නවා. ඒ විදිහට නම් කැම්පස් එක ලගට ගියොත්නම් හිර වෙලා මැරෙයි කියලා හිතුනා. ඒ පාර මගින් බැහැලා බඩු වගයකුත් ගන්න තිබුන නිසා කොටුවට ආවා. කොටුවෙන් ගන්න ඕන බඩු ටිකත් අරගෙන 138 බස් එකක කැම්පස් එකට ආවා. ඒ බස් එකේනම් සෙනග නෑ. කැම්පස් එකට එද්දී තව යාලුවෝ කට්ටියකුත් සෙට් වුණා. ඒ පාර ඉතින් කට්ටිය එක්කම ඇවිල්ලා තේ එකක් එහෙම බීලා. කතා කර කර ඉදලා මාත් හවස් වෙලා බෝඩිමට එන්න පිටත් වුණා. ඒ යන ගමන් රෑට කන්න බත් එකකුත් කඩේකින් අරන් ගියා. නැත්තන් බෝඩිමට ගිහින් ආයෙ එන්න වෙනවනෙ. ඉතින් මගෙ ඒ දවස ගෙවුනෙ ඔය විදිහට. අලුත් ආටිකල් එකකින් හම්බවෙමු. බායි යාලුවනේ.

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

මොනාද ගත්ත පොත් 😌

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 62704.97
ETH 2442.73
USDT 1.00
SBD 2.66