Female Representation In FilmsteemCreated with Sketch.

in Steem Sri Lanka21 hours ago


image.png
source

හායි යාලුවනේ. සිනමා නිර්මාණයක් ගත්තම කාන්තාවගේ චරිතය විවිද විදිහට නිරූපණය කරලා තියෙනවා. අපි අද ආටිකල් එකෙන් ලංකාවේ ෆිල්ම් එකක් අරගෙන ඒකෙ කොහොමද කාන්තාව නිරූපණය කරලා තියෙන්නේ කියන එක ගැන කතා කරමු. ගැහැණු ළමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සුමිත්‍රා පිරිස්. ඒ 1978. මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි ගැමි සමාජය තුළම එකිනෙකට වෙනස පෙනී යන කාන්තා චරිත දෙකක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කිරීම. ඒ චරිත ලෙස මේ චිත්‍රපටයේ කතා නායිකාව වන කුසුම් ගේ චරිතය හා ඇයගේ නැගණිය වන සෝමාගේ චරිතය ගන්න පුළුවන්. චිත්‍රපටිය ගොඩනැගිල තියෙන්නෙ කුසුම්ගේ චරිතය වටේ යැයි කියන්න පුළුවන්. කුසුම්ගේ හා නිමල්ගේ යොවුන් ප්‍රේමය පිළිබඳව භාවමය විවරණයක් ලෙස මෙම චිත්‍රපටය ඉදිරිපත් කරනවා. කුසුම්ගේ චරිතයෙන් දැකිය හැක්කේ වැඩවසම් චර්යා ධර්මානුගතව හැඩ ගැසුණු ගැමි තරුණියයි. සාම්ප්‍රදායික සමාජ පද්ධතීන්ට ගරු කරන දෙමාපිය වැඩිහිටි වචනයට පිටු නොපාන කීකරු යුද්ධයක් කුසුම්ගේ චරිතයෙන් දැක ගන්න පුළුවන්. කුසුම් සහ නිවන් අතර ඇති ප්‍රේම සම්බන්ධය බිඳවැටීමටද හේත ද හේතු වන්නේ නිමල්ගේ මව කෙරෙහි කුසුම් තුළ තිබුණු ගෞරවය හා ලෙන්ගතුකමයි. එනිසා ඇය තමන් තුළ ඇතිවුනු ප්‍රේමය යටපත් කරගැනීමට තීරණය කර ගන්නවා.


image.png
source

තවද තම පුත්‍රයාට විශාල දැවැන්තක් සහිතව උසස් පවුලකින් විවාහයක් කරදීමට නිමල්ගේ මව තුළ වූ බලවත් අවශ්‍යතාවය ද නිමල් හා කුසුම් අතර හටගත් ප්‍රේමය බිඳ දැමීමට හේතු වෙනවා. කුසුම්ගේ ගුණයහපත්කම කීකරුකම දක්ෂකම හොඳින් වටහාගෙන සිටිය ද එවැන්නියකට තම පුතු විවාහ කර දීමට නිමල්ගේ මව අකමැති වන්නේ වර්තමාන ධනවාදී සමාජ ක්‍රමයෙහි පවතින ආර්ථිමාර්ථකාමීත්වය තරඟය ඉහළට නැග ගැනීමේ ආශාව ධනය පිළිබඳ හැඟීම වැනි මිනිසා පෙළෙන හැඟීම්වලින් ඇගේ චරිතය දුෂණය වී පැවැති බැවිනි. කුසුම් තම කුරිඳුන් ප්‍රේමය කැප කරන්නේ නිමල්ගේ පවුලක් තමාගේ පවුලත් අතර පන්තිමේ වශයෙන් තිබූ පරතරය වටහා වටහාගත් හෙයිනි. මෙසේ පවතින පන්ති පරතරය නිමල්ගේ අනාගතයට කෙසේ වුවත් කුසුම්ගේ අනාගතය සදාකාලිකවම අඳුරු කිරීමට තරම් ප්‍රබල වේ. චිත්‍රපටයේ එක් අවස්ථාවක නිමල් එහෙනම් අපි යමු කුසුම් යැයි කියූ විට ඊට පිළිතුරු දෙන කුසුම් කියන්නේ අපිට ආයෙ මෙහෙම හමුවෙන්න ලැබෙන්නේ නෑ නිමල් අපි තව ටිකක් ඉමු යනුවෙන්. කුසුම් ඇයගේ හැඟීම් ආශාවන් යටපත් කර ගැනීමට උත්සාහ කරත් ඇතැම් අවස්ථාවලදී ඒවා ඉස්මතු වෙයි. එසේ වුවත් උනන්දනීය තමා කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගැනීමටත් පවුලේ නම්බුව රැක ගැනීමටත් ගැමි චර්යා ධර්ම නොබිඳීමටත් ඇයට සිය කැමැත්තට පිටුපෑමට සිදු වෙනවා. කුසුම් තමා මුළු හදවතින්ම ආදරය කළ පෙම්වතා මෙන්ම ඔහු හා ගත කළ කාලය ද අමතක කොට දැමීමට පෙළඹීමෙන් පෙනෙන්නේ ඇය දැඩි හිතක් ඇති තැනැත්තියක් බවයි එහෙත් අනිත් අතින් බලන විට පෙනී යන්නේ සමාජ ධර්මතාවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් දැරිය නොහැකි කමින් විනාශයට පත්වන තැනැත්තියක් ලෙසයි. ඒ අනුව කුසුම් කෙරෙන් පෙනී යන්නේ ගැමි සමාජය විසින් ශික්ෂණයක් ලෑබූ කාන්තාවක්. අපි තවත් ආටිකල් එකකින් තවත් ෆිල්ම් එකක් ගැන කතා කරමු.


image.png
source

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ashen99,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community