World Cinema HistorysteemCreated with Sketch.

in Steem Sri Lankalast year


image.png
source

අද ආටිකල් එකෙන් කතා කරන්නේ ලෝක සිනමාව ගැන. මේක යුග කීපයක් විදිහට වර්ග වෙනවා. ඒපූර්ව සිනමා යුගය, නිහඬ සිනමා යුගය,කතානාද සිනමා යුගය, විදිහට.මොකද්ද පූර්ව සිනමා යුගය කියන්නේ.. සිනමාවෙ පදනම තමයි රූප සටහන් කරගැනීම සහ ප්‍රක්ෂේපනය කියන තාක්ෂණික ක්‍රියාවලිය. ඒකට මූලික පර්යේෂණ සහ ප්‍රාථමික සොයාගැනීම් කරපු යුගය තමයි පූර්ව සිනමා යුගය කියන්නෙ. ඔය යුගයෙදි සිනමාවේ බිහිවීමට නිශ්චල ඡායාරූප ශිල්පය, තාක්ෂණික විනෝද මාධ්‍යය,දෘෂ්ඨියේ අඛණ්ඩතා සිද්ධාන්තය කියන කරුණු බලපානවා. තාක්ෂණික විනෝද මාධ්‍යය වල ආරම්භය චීන සෙවනැලි නාට්‍යය කලාව.සෙවනැලි චලනය කරන කලාවේ වර්ධනීයම අවස්ථාව තමයි 17වන සියවසේදි මැජික් ලන්තෑරුම බිහිවීම. මේකෙන් වෙන්නෙ ඇඳපු රූපයක් බිත්තියකට පතිත කරවන එක. ඒ කියන්නෙ ප්‍රොජෙක්ටර් එකේ මූලිකම අවස්ථාවක්.
පීටර් මාක් රොජේර් දෘෂ්ඨියේ අඛණ්ඩතා සිද්ධාන්තය හදුන්වලා දෙනවා. ඒ සිද්ධාන්තය පදනම් කරගෙන එක එක ජාතියේ සෙල්ලම්බඩු එහෙමත් හදනවා. 1877දි ප්‍රංශයෙ එමිල් රෙනෝල්ඩ්ගේ ප්‍රැක්සිනස්කෝප්, තෝමස් අල්වා එඩිසන්ගෙ කයිනෙටස්කෝප් ඒ වගේ සෙල්ලම් බඩු. ඊට පස්සෙ එන්නෙ නිහඬ සිනමා යුගය.


image.png
source

එඩ්වඩ් ජේ මයුබ්‍රිජ් නිශ්චල රූප චලනය කරන සිද්ධාන්තය හොයාගන්නව. ඒ නිශ්චල කැමරා 12ක් යොදාගෙන දුවන අශ්වයෙකුගේ චලනය සටහන් කර ගැනීම. ජුලියස් මරේ, එඩිසන් මේ කාලේ වැදගත් අය. 1894දි එඩිසන් නිව්යෝක්වල කයිනෙටස්කෝප් පාලර් එකක් පටන් ගන්නව. වරකට එක්කෙනෙක්ට විතරයි බලන්න පුළුවන්.ඊටපස්සෙ එඩිසන් ලෝකෙ පළවෙනි චිත්‍රාගාරය වන බ්ලැක් මාරියා හදනව.ඊට පස්සෙ එනවා ප්‍රංශයේ ලුමියර් සොහොයුරන්. 1895 දෙසැම්බර් 28 ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ ආපනශාලාවෙ බිම් මහලෙදි මහජන මාධ්‍යයක් සහ කර්මාන්තයක් විදියට ලෝක සිනමාව ආරම්භ වෙනව. ඒ ලුමියර් සහෝදරයින්ගේ දායකත්වයෙන්.


image.png
source

සිනමාවේ නව තාක්ෂණික සොයා ගැනීම් සහ ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. එතනින් පළමුවෙනිය තමයි ජෝර්ජ් මෙලියස්. විෂුවල් ඉෆෙක්ට්ස් සිනමාවට හඳුන්වල දෙන්නෙ මෙලියස්. විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි, හොරර් ෆිල්ම්ස්වල ආරම්භය මෙලියස්. ඔහුගෙන් සිනමාවට ලැබුනු හොඳම දේ තමයි ස්ටොප් මෝෂන් මූලධර්මය. 1896දි ඔහු ස්ටොප් මෝෂන් මූලධර්මය භාවිතා කරල The Vanishing Lady කියල ෆිල්ම් එකක් හදනවා.මෙලියස්ගෙ වැදගත් ම ෆිල්ම් එකක් තමයි 1902 හදපු Trip to the Moon. එඩ්වින් එස්. පෝටර් කියන්නෙත් වැදගත් කෙනෙක් ඔහු සංස්කරණයේ පියා. The Great Train Robbery ඔහුගේ නිර්මාණයක්. සිනමාව කලාත්මක මාධ්‍යයක් ලෙස ආරම්භ වෙන්නෙ D. W. ග්‍රිෆිත්ගෙන්.ග්‍රිෆිත්ගෙ වැදගත් ම ෆිල්ම් දෙක තමයි The Birth of a Nation සහ Intolerance.මේ අතරෙ හොලිවුඩ් සිනමාව තුළ 1927දි විප්ලවයක් වෙනව. ඒ තමයි වෝනර් බ්‍රදර්ස් සමාගම ලොව පළමු කතානාද චිත්‍රපටය වන The Jazz Singer නිර්මාණය කරනවා. ඊට පස්සෙ කතානාද සිනමාව ආරම්භ වෙනවා. තවත් ආටිකල් එකකින් හම්බවෙමු.

Sort:  

ඒ කාලේ සිනමාවයි අද වෙනකොට ඒකේ තියෙන දියුණුව ගැන හිතත්දී..."ඒක නම් මාරම දෙයක්" ❤️

Congratulations on bringing a quality content. You have earned a positive vote from team 2, and it is delivered by @starrchris.

IMG-20240930-WA0213.jpg

Many Blessings...🙏🏻