දිනන්නම ඔට්ටු වෙන මිනිස්සු

in Steem Sri Lanka29 days ago

1000128585.jpg
source

ආදර සබඳතාවක් නැවතුණා කියලා, ආදරවන්තයා හෝ ආදරවන්තිය තරහ උනාා කියලා ඔවුන්ගෙන් පලිගන්න ඒ වගේම ගෙදර අම්මා තාත්තා එක් කරන්ඩ වෙලා ඔවුන්ගෙන් පලිගන්න , ඒවා ප්‍රශ්න විදියට දැකලා ජීවිතෙන් සමුගන්න තරුණ ජීවිත අතරේ මං දැකල තියෙනව මැරෙන්න ඕන තරම් ප්‍රශ්න තියාගෙන නොමැරි මැරි මැරි ජීවත් වෙන මිනිස්සු.ඔවුන් කන කට්ට මටනම් හිතා ගන්නවත් බැහැ.ඒ වගේම ඔවුන් කන කට්ට දැක්කහම , ඔවුන් ජීවත් වෙන්න විඳවන හැටි දැක්කහම අපිට තියෙන්නෙ මොන ප්‍රශ්නද කියල වෙලාවකට හිතෙනවා.ඉතින් ගොඩක් වෙලාවට ඔයත් මමත්, ගොඩක් මිනිස්සු ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික අය.ඉතින් ගොඩක් මිනිස්සු උපතින්ම AC කාමරවල ඉඳන් සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු නෙවේ.

ඒත් කවදා හරි තමන්ට නැතත් තමන්ගේ ළමයින්ට හරි හොඳ ජීවිතයක් හොඳ අනාගතයක් වෙනුවෙන් කැපවෙන මිනිස්සු තමයි ගොඩක් ලංකාවේ ඉන්නේ.ඉතින් ඔයාගේ අම්මා තාත්තත් මගේ අම්මා තාත්තත් ඒ වගේ අහිංසක බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන විඳින දුක් ගානකට නොගෙන උපරිමය අපි වෙනුවෙන් කරන්න දඟලන මිනිස්සු.ඔවුන්ටම කියලා ආසාවල්, කන්න කැමති දේවල්, අඳින්න කැමති ඇඳුම් කොච්චර තිබුණත් ඒවා අපි වෙනුවෙන් කැප කරපු, ඒ වගේම අනාගතයටත් කැප කරන මිනිස්සු.ඉතින් ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව වෙන්න අපේ ජීවිතයේ සාර්ථක වගේම සමාජයේ හොඳ තැනක අපි ඉන්නවා බලන එක.ඔවුන් ආපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ දේ ඇරුණුකොට.ඉතින් අපිට ඒ දේවත් ඔවුන්ට ලබා දෙන්න බැරි නම් මම හිතන්නේ ළමයි විදියට අපි අසාර්ථකයි.ඉතිං කොච්චර ප්‍රශ්න තිබුණත් එහෙම කැපවෙන මිනිස්සු වෙනුවෙන් අපිත් යමක් කරන්න ඕනමයි නේද???

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community