Criminal Justice : A Family Matter

in Steem Sri Lanka5 months ago

1000035631.jpg
source

ඉතින් යාළුවනේ කොහොමද? ඔයාලා පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් මං කලින් ආටිකල් එකේ ඔයාලට අරගෙන ආව Criminal Justice වෙබ් සීරීස් එක ඔයාලා බැලුවද? එදා මම ගෙනාවේ ඒකෙ දෙවෙනි කතා මාලාවනේ.අද ලියන්න යන්නේ ඒකෙ පළවෙනි කතා මාලාව ගැන.ඇත්තටම මේක බැලුවට පස්සේ තමයි මට හිතුනේ මේකේ අනිවාර්යෙන්ම දෙක බලන්නම ඕනේ කියලා.ඒ තරම් සුපිරිම ගනයේ කතාවක් තමයි මේකට තියෙන්නේ.මේ කතා මාලාවටත් imdb 7.6ක ඉහළ අගයක් හිමිවෙලා තියෙනවා.හරි ඉතින් බලමු මේකෙ කතාව මොන වගේද කියලා.

තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වෙන රාජ් කියන ශල්‍ය වෛද්‍යවරයා උදෙන්න ජොගින් සඳහා පිටත් වෙලා ගිහින් ආපසු ගෙදරට පැමිණෙනවා.ඊට විනාඩි කීපයකට පස්සේ ගෙදර වැඩ කරන මෙහෙකාරිය වන කමලා ගෙදරට එද්දි දකින්නේ සෑහෙන්න බිහිසුණු දෙයක්.මොකද ලේ විලක් මැද රාජ කවුදෝ ගැහැණු කෙනෙක්ගේ සිරුරක් බදාගෙන ඉන්නවා.ඉතින් කතාව අහද්දිම අපිට හිතෙන්නේ මේ රාජ්ගෙ බිරිඳ වෙන්න ඇති කියලනේ.නමුත් ඇත්තටම මේ තියෙන්නේ රාජ්ගේ බිරිඳගේ මළ සිරුර නෙවෙයි.එහෙනම් මේ කවුද ? මේ ගැහැනු කෙනාගේ මළ සිරුර මෙතෙන්ට ආවේ ඇයි?රාජ් එයාගේ මළ සිරුර බදාගෙන ඉන්නේ ඇයි? කොහොම හරි රාජ්ගේ බිරිදත් මෙතෙන්ට එනවා. එයාටත් හිතාගන්න බැහැ මෙතන මොකක්ද වෙන්නේ කියලා.ඉතින් මේ අය පොලිසිය මේ ගැන දැනුවත් කරනවා. පොලිසිය ඉක්මනින් මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනවා.යම් යම් සාක්ෂි මත පදනම්ව පොලිසිය ප්‍රධාන සැකකාරයා විදිහට රාජ්ව අත්අඩංගුවට ගන්නවා.නමුත් රාජ්ගේ බිරිඳ වෙන අංජු මේක කරේ රාජ් කියල විශ්වාස කරන්නේ නැහැ.ඒ නිසාම අති දක්ෂ රහස් පරීක්ෂක දැනුමක් තියෙන තීක්ෂණ බුද්ධියකින් යුත් මාධව මිශ්‍රා නීතිඥවරයාට මේ නඩුව භාර දෙනව.ඉතින් ඔහුට මේකෙ සැබෑ අපරාධකාරය හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැනගන්න ඔයාට මිනිස්සු සුපිරි කතා මාලාව බලන්න වෙනවා.