IDENTITY

in Steem Sri Lanka11 months ago

1000151308.jpg
source

ඉතින් මලයාලම් ෆිල්ම් බලන්න කැමති ඒ වගේම මේ ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්ම අද අරගෙන ආව සුපිරිම ෆිල්ම් එකක්. ඒ වගේම තමයි මේ ෆිල්ම් එක release උනේ මේ අවුරුද්දෙමයි.Murder, Mystery, Suspense, Thriller කියන catogory කීපයටම අයත් වෙන මේ ෆිල්ම් එකේ නම තමයි identity.ත්‍රීශා සහ ගෝමස්ගේ සුපිරි රංගනයෙන් හැඩවුන මේ ෆිල්ම් එකට දැනටමත් Imdb 9ක ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. කුතුහලය පිරුණු මේ ෆිල්ම් එක ඔයාලා මගහැරගනවන්න කරන්නෙ ලොකු වැරැද්දක් කියලා imdb අගය දැක්කම ඔයාට තේරෙනවා ඇති.හරි ඉතින් වෙනද වගේම යමු ෆිල්ම් එක ගැන පොඩි අදහසක් ගන්න.

එක්තරා ස්ථානයක සිදුවන මිනීමැරුමක් අලීශා කියන තරුණිය දකිනවා. ඒත් එවලෙ වෙන අනතුරක් නිසාා ඇයට ඝාතකයගේ මුහුණ මතක නැහැ.ඉතින් ඒ නිසාම මේ පරීක්ෂණය බාර වෙනවා රහස් පරීක්ෂකයෙක් වගේ තීක්ෂණ බුද්ධියක් තියෙන පොලිසියට උදව් වෙන කටු සටහන් අදින හරන්ට.හ්රන් ඊට පස්සේ අලීශා කියන විදියට මේ ඝාතකයගේ කටු සටහනක් අඳිනවා.මේ විදිහට ඝාතකයගේ මුහුණ විදිහට එන්නේ හිතාගන්නවත් බැරි කෙනෙක්ගෙ මූණක්.ඉතින් ඒ මුහුණ කාගෙ වෙන්න පුළුවන්ද? මේ ඝාතනයත් එක්ක සැඟවිලා තියෙන අභිරහස කුමක්ද?මේ ඇත්තම ඝාතකයා කවුද? මෙන්න මේ ප්‍රශ්නත් එක්ක කුතුහලයේ පිරුණු කතාවක් එක්ක ඇදිල යන ෆිල්ම් එකක් තමයි මේක.පටන් ගත්ත වෙලාවෙ නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.ලගදි ඉදන් මලයාලම් ෆිල්ම් එකක් හොයපු ඔයාලට කිසිම දෙගිඩියාවක් නැතුව recommend කරන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් තමයි මේක.

Sort:  

ලගදි ආපු මලායාලම් Thriller එක්ක බලද්දි නම් හිතපු තරම් සුපිරි නෑ මට නම් හැබැයි 😕

Ending එකනම් පොඩි අවුලක් තියෙනව 🙂