Anpodu Kanmani (2025)

in Steem Sri Lanka11 months ago

ඔන්න ඉතින් කවුරු හරි කපල් එකක් කසාද බැන්දාම ඒ දෙන්නා හිතන්නේ නිදහසේ ඒ දෙන්නගේ අසාවල් ඉෂ්ට කරගෙන ජීවත් වෙන්නනේ ඒ උනාට ගොඩක් ගෙවල් වල පවුල් වල අය, යාළුවො නම් බලාගෙන ඉන්නේ වෙන දෙයක්. ඒ මොකක්ද? වෙන මොකක්ද ඉතිං හැමෝම අහන්නේ "සුභ ආරන්චියක් නැද්ද ඉතිං?" ඕක තමයි ඉතිං හැමෝගෙම ප්‍රශ්නේ. ඉතිං අද අරගෙන එන කතාව ඔය සුභ ආරන්චිය නිසා වෙච්ච දෙයක් ගැන කතාවක්.

IMG_9783.jpeg

Anpodu Kanmani කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණු මලයාලම් සිනමාවක්. මලයාලම් සුපිරි Crime/Thriller කාණ්ඩයෙන් ඈත්වුණු සාමාන්‍ය මලයාලම් Story එකක් මේක. IMDB 5.4/10 අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Liju Thomaz විසින්. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Arjun Ashokan 'නකුලන්' ලෙසත්, Anagha Narayanan 'ශාලිනි' ලෙසත් චරිත නිරූපණය කරනවා.

IMG_9781.jpeg

ඉතින් කතාව පැත්තට හැරුනොත් චිත්‍රපටිය මුලදිම නකුලන්ගේ සහ ශාලිනිගේ විවාහය සිද්ද වෙනවා. ඉතින් මේ දෙන්නා කසාද බැදලා ඉන්නේ නකුලන්ගේ නිවසේ. එම නිවසේ ඔහුගේ අම්මත් ඉන්නවා. ඉතිං මේ කතාවේ ලොකුම ප්‍රශ්නේ 'තාම සුභ ආරන්චියක් නැද්ද' ඔන්න ඕක ඇහෙන්න පටන් ගන්නවා. ඉතිං මේ දෙන්නගේ විවාහය සිද්දවෙලා මාසයක් යනකොට වගේ ඉදන් එක දිගට එක දිගට ගමේ මිනිස්සුන්ට තිබුන ප්‍රශ්නේ තමයි 'තාම සුබ ආරන්චියක් නැද්ද' ඉතින් කියන එක. හිතන්නකෝ ගමේ අහල පහල ඉන්න ගෑනු ටික සැරින් සැරේ ඇවිල්ලා ඕක අහනකොට කොහොමද කියලා දැනෙන්නේ 🙂 ඉතිං මේ දෙන්නටවත් නැති උමනාවක් තමයි ගමේ අයට තිබුනේ.

IMG_9782.jpeg

ඉතිං කාලයක් යද්දි ශාලිනිට නොයෙකුත් කතා මිනිස්සු කියන්න පටන් ගත්තා. මෙයාලගේ අම්මා දෙවියන් ලගට ගිහින් නොයෙකුත් දේවල් කරනවා, අහල පහල අය එක එක බෙහෙත් ගෙනල්ලා දෙනවා. බැරිම තැන මෙයාලා වෛද්‍ය ප්‍රතිකාරත් ගන්නවා. අවසානේදි ඇය දරු ප්‍රසුතියක් සිදු කරනවා. මේ අතර කාලයේදි ඔවුන්ට එක එක ප්‍රශ්න වෙනවා. ඉතිං මේක ඒ දෙන්නට තිබුන ප්‍රශ්නයක් නිසා ප්‍රමාදවීමක් නෙමෙයි. හැමදේටම හරි කාලයක් තියෙනවා, කාගෙවත් කතා තමන්ගේ ජිවිතයට ප්‍රශ්නයක් කරගන්න එපා, එතකන් ජිවිතේ සතුටින් ඉන්න කියන එක තමයි මේ කතාවෙන් දෙන ආදර්ශය.

Thank You...

Coin Marketplace

STEEM 0.06
TRX 0.31
JST 0.061
BTC 68834.86
ETH 2081.77
USDT 1.00
SBD 0.50