Ranam Aram Thavarel (2024)

in Steem Sri Lanka14 days ago

හැමෝටම සුබ දවසක් කියලා අද කතාව ලියන්න පටන් ගන්නම්. නිවාඩුවක් හම්බුනාම ඉතින් මම ආසම දෙයක් තමයි ෆිල්ම් එකක් බලලා ඇදට වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න. ඉතින් එහෙම ඉන්න වෙලාවක බලපු ෆිල්ම් එකක් ගැන තමා අද ලියන්න යන්නේ. මම කලින් දාපු ලිපිය වගේම මේ ලිපියෙනුත් මම ලියන්න යන්නේ අභිරහස් ඝාතන කිහිපයක් ඇසුරෙන් නිර්මාණය වූ කතාවක් ගැන.

IMG_3687.jpeg

මේ චිත්‍රපටියේ නම තමයි Ranam Aram Thavarel. Mystery / Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2024 පෙබරවාරි 23 වෙනිදා. මේ චිත්‍රපටිය අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sherief විසින්. ඒ වගේම තමයි IMDB අගය 7.4/10 අගයක් වගේම, Google පරිශීලක මනාපය 92% පමණ තිබෙනවා.

IMG_3689.jpeg

මෙහි ප්‍රධාන චරිතය වන ශිවා ගේ චරිතය නිරුපණය කරන්නේ Vaibhav Reddy විසින්. මිට අමතරව Tanya Hope, Nandita Swetha, Venkat Prabhu, Suresh Chakravrthy යන අය සෙසු චරිත නිරූපණය කරනවා.

IMG_3690.jpeg

සෑම අභිරහස් ඝාතන මාලාවල් තියෙන කතාවල් වගේ මේ චිත්‍රපටියෙත් අවසානයේදි තමයි හැමදේම දැනගන්න හම්බෙන්නේ. ශිවා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ශිවා කියන්නේ චිත්‍රපටි අධ්යක්ෂක වරයෙක්. මෙයාට වෙච්ච රිය අනතුරක් නිසා එයාට පරණ දේවල් අමතක වෙනවා. ඊට පස්සේ එයා රැකියාවක් විදිහට තෝරගෙන තියෙන්නේ හදුනා ගැනිමට නොහැකි මිනිමැරුම්, අපරාධ වල සැකකරුවන්ගේ, මළසිරුර වල රූපය චිත්‍රයට නගන එක. ඊට අමතරව මෙයා විසදන්නට බැරි නඩු වල අපරාධ වාර්තා ලියලා දෙන එක තමා කරන්නේ.

IMG_3691.jpeg

ඉතින් ඒ විදිහට වැඩ කරගෙන යනකොට මෙයාට අමුතුම ඝාතන අපරාධයක මෙහෙයුමට සම්බන්ද වෙන්න සිදුවෙනවා. ඒ තමයි නගරයේ තැන් තුනක මල සිරුරු වල කොටස් දාපු පෙට්ටි තුනක් හම්බෙන එක. මේකෙන් එක පෙට්ටියක් පොලිස් ස්ථානය ඉදිරිපිට තමයි දාලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අභිරහස මොකක්ද කියලා විසදන්න පටන් ගන්නේ එතන ඉදන් තමයි.

කොහොම හරි කතාවේ කුතුහලයෙන් පිරුණු කොටස් ආරම්භ වෙන්නේ එතන ඉදන් තමයි. ඉතින් දමිළ කතා රසිකයින්ට ඉතාමත් අසාවෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටියක් විදිහට මේක නරඹන්න පුලුවන්. එහෙනම් ඔයාලටත් මේක නරඹන්න කියලා ආරාධනා කරමින් මම ලිපිය අවසන් කරනවා.

ස්තූතියි 🖋️

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @chathux,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Thank you soo much ✨

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 62596.14
ETH 3021.48
USDT 1.00
SBD 3.65