කාන්තා ක්‍රිකට් වසන්තය

in Steem Sri Lankalast month

FB_IMG_1713405296474.jpg

ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ ක්‍රිකට් ගැනම දෙයක් තමයි.කාලෙක ඉඳන් ලියන්න හිටපු දවසින් දවස කල් ගියපු ඒත් ලියන්න හොඳම වෙලාවත් මේකම වෙන මාතෘකාවක් ගැන තමයි අද ලියන්න යන්නේ.ඒ තමයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන. ඔයා ක්‍රිකට් වලට ඇබ්බැහි වුන රසිකයෙක් උනත් ක්‍රිකට් වලට යම්තාක් දුරට ආස රසිකයෙක් වුණත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන කතා කලොත් ඔයාගෙ මතකෙට එන මුල්ම නාමය නම් චමරි අතපත්තු තමයි.මොකද චමරි අතපත්තු කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න විශිෂ්ට ක්‍රීඩිකාවක්.මම පෞද්ගලිකව ඇය bat කරනවා බලන්න මාරම ආසයි.මොකද ඒ Style එක ඇත්තෙන්ම කිව්වොත් මට නම් Next level.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිබිදීම ගැන කතා කළොත් ඒ ඇගයීමෙන් 70% ට එහා චමරිට හිමි විය යුතුමයි.මොකද ඒ තරග ගොඩක් ජයග්‍රහණය පිටුපස චමරිගේ විශිෂ්ට ඉනිමක් රැඳිල තියෙනව.පිත්තෙන් වගේම පන්දු වෙන දස්කම් දක්වන්න ඇය සමත් වෙලා තියෙනවා.ඒ වගේම කණ්ඩායමේ නායිකාව විදියටත් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන්න ඇය සමත් වෙලා තියෙනවා.

FB_IMG_1713405303915.jpg

ඉතින් අද ලියන්න යන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට මුහුණ දුන් ලෝක වාර්තා ද පිහිටුවමින් ජයගත් තරගය ගැන.මං දන්නවා ගොඩක් දුරට ඒ තරඟයේ චමරිගේ ඉනිම ඔයාලා දැනටමත් බලලා ඇති.ඉතින් ඒ ඉනිම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ලකුණු 304ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දු යවන්නන් පිටියට පිවිසියේ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කොට තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණින්.නමුත් ඔවුන්ගේ අරමුණු සුනු විසුණු කරමින් කාන්තා ක්‍රිකට් පිටියේ හොඳම හඹායාමද සනිටුහන් කරමින් ඒ වගේම වාර්තාගත සබඳතාවක්ද නිලක්ෂි ද සිල්වා සමග ගොඩනංවමින් තරඟයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

FB_IMG_1713405292608.jpg

කණ්ඩායමේ නායකාව විදියට වගකීම් ඉටුකරමින් තරඟයේ වැඩි බර කරට ගත් චමරි අතපත්තු ලකුණු 195 ක දැවැන්ත නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කරමින් ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන්ට රිසිසේ පහර එල්ල කිරීමට සමත් වුනා.ඉතින් සියල්ලන්ගේ ඇස් පිනවන ඉනිමක් දියත් කළ චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ, වර්තමානයේ සහ අනාගතයේ තම නාමය නොමැකෙන ලෙස සනිටුහන් කිරීමට දැනටමත් සමත් වී අවසන්.ඉතින් මේ තරඟයේ ජයග්‍රහණයත් සමඟ තරගාවලිය එකට එකක් ලෙස සම කිරීමට ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.ඉතින් තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ලබා ලබාගන්නා තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලෙන්.

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 67621.06
ETH 3787.11
USDT 1.00
SBD 3.50