පාසල් මතක

in Steem Sri Lankalast year

1000119996.jpg
source
සුන්දර මතකයන් රැඳුණු කාලයක් තමයි පාසල් කාලය කියන්නේ.ඉතින් ඒ කාලෙ පාන්දරම ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න තියෙන ආසාව හින්ද නෙවෙයි ,සෙල්ලම් කරන්න තිබුණ පිස්සුව හින්දා.ඉතිං පාන්දර ඉස්කෝලෙට එන අපි උදේ බෙල් එක වදිනකන් සෙල්ලම් කරලා කරලා දාඩිය පෙරාගෙන තමයි පන්ති වලට යන්නේ.ආයි ඉතින් interval එකටත් එහෙම්මම තමයි.ඒ කාලේ ජීවිතයේ මොනව කියල ප්‍රශ්නද? තිබුනේ එකම ප්‍රශ්නය පාසල් වාර විභාගය විතරයි.ඉතින් ඇත්තටම ඉස්කෝලෙ ගාවින් ය්ද්දි පොඩි කට්ටිය සෙල්ලම් කරන විදිය දැක්කම ඒ කාලෙ මතකයන් ඉබේටම හිතට එනවා.මේ දාල තිබුන article එක කියෙව්වම මට මේ ගැන ලියන්නම හිතුනා.ඉතින් ඔයාලගේ පාසල් කාලය ලස්සන වගේම සුන්දර මතකයනුත් මේක කියවලා ලියාගෙනම යන්න.


අද උදේ පොඩි වැඩකට ඉස්කෝලෙට ගියා. ඉස්කෝලේ පිට්ටනිය ගාව මං පොඩි වෙලාවක් රැඳුනා. ඒ වෙලාවේ තමයි මං පහළින් අමුණලා තියන ෆොටෝ එක ගත්තේ. මතකය අවුරුදු 20ක් විතර ආපස්සට ගියා.

වෙනදා උදේ 8 ට ඉස්කෝලේ පටන් ගන්න කාලේ. උදේ 7.00 වෙද්දි ඉස්කෝලෙට දුවන්නේ වෙන මොහොකටවත් නෙවෙයි, බෝල ගහන්න. පොත් බෑග් එක පිටින්ම යන්නේ පිට්ටනියට. ගිහින් ගහක බෑග් එක එල්ලලා කරන්නේ 7.55 වෙනකන්ම බෝල් ගහන එක. පරණ කැඩුණු ඩෙස්ක් එකකින් ගලවගත්ත ලෑල්ලක් තමයි අපේ බැට් එක, ජීවිතේට හොඳ බැට් එකකින් ගහන්නේ නෑ. ඔය ෆොටෝ එකේ ඉන්න දරුවත් එහෙම ලෑල්ලකින් තමයි ගහන්නේ. ලෑලි කෑල්ලයි, ටෙනිස් බෝලෙයි, පරණ ඇන්ද නවපු පුටුවයි. ඔය ටික තිබුණා නම් වෙන මොකුත් ඕනේ නෑ.

ඔය පොඩි පිට්ටනියේ දිග අතට ඒ දවස් වල සෙට් 5ක් විතර බෝල් ගහනවා පිළිවෙලකට. අවුරුදු 20ක් ගිහිල්ලත් ඒ දේවල් වල ලොකු වෙනසක් නෑ කියලා අදත් දැක්කා. 9 පන්තියේ ක්‍රිකට් ගහපු අපේ සෙට් එක රණවීර, ධනුල, ජයවර්ධන, එරන්ද, සුරංග, කසුන් මධුශංක, දිනූශ්, නලිඳු, කසුන් චින්තක. මුන් සමහරක් දැන් කොහේ ඉන්නවද කියලා දන්නෙවත් නෑ.

සමහර මතක එක්ක පොඩි කාලෙම ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා…

Sort:  

ඇත්තටම ඒ කාලෙ තමා ජීවිතේ ලස්සනම කාලෙ.. 🥰

Miss good old school days whenever I see kids playing at schools.

Yeah me too 🙂

Coin Marketplace

STEEM 0.05
TRX 0.29
JST 0.043
BTC 67836.33
ETH 1961.67
USDT 1.00
SBD 0.38