කුවේනිගෙන් මෝහිනීට...

in Steem Sri Lanka14 days ago (edited)

ඉතින් හැමෝම වෙනද වගේම සතුටින් පරිස්සමින් ඇති කියල හිතනව.හිතුන වෙනස්ම විදියෙ කතාවක් ඔයාලට ගේන්න.මුලින්ම කියන්න ඕනෙ මේ කතාව ගේන්නෙ අයියනම් නෙවෙයි.ඔව් අදත් වෙනද වගේම පොඩි chanse එකක් හම්බුනා මට ඔයාලට දෙයක් ගේන්න.

පොඩි ලොකු කවුරුත් දන්න නමක් තමයි"මෝහිනී" කියන්නෙ.සමහරුන්ට අහපු ගමන් බය හිතෙන,සමහරුන්ට හිනා යන හරි අමුතු මනඃකල්පිත නමක් ඒක.මමනම් තාම ඇස් දෙකට දැකල නෑ.මම හිතන්නෙ නෑ හැබැයි දැකපු අය ඇති කියලත්.කොහොම උනත් කුවේනිගෙන් මේ මෝහිනීට ලියවුනු හරි ලස්සන ලියුමක් ගැනයි මේ කියන්නෙ.

පිරිමින්ට බය වෙයන් උබ මෝහිනී...

හැමදාම කියවුනේ ගෑනු චපලයි කියල
නෑ කියවුනේ පිරිමින්ගෙ ද්‍රෝහිකම්
ලස්සන කුමරියක් විජය සරනපාවා ගත්ත
දරු දෙන්න එක්ක අසරණ වුනා මන්

ආදරේදි මොන හිතත් නිවෙනවා
ගෑනු හිත් ලාමකනෙ බන්
සනුහරක් වනසාපු වරදට
සනුහරෙන් අයින්කර දැම්ම
රූමත් කුවේණිය මන්

යකඩයක් උනත් රත් වෙද්දි නැවෙනවා
නංගියේ වරදීවි බොට ආයෙමත්
තනිපංගලමේ රෑ ගමන් යන්නෙපා
මෝහිනී උබ පරිස්සම් වෙයන්

යක්සනියක් උනත් උන් නමිම ගන්නවා
බයක් නෑ යකෙකුටවත්
සලුව හදනවා කියලා
ආයෙ බඩ කරාවි
මෝහිනී උබ
පිරිමින්ට බය වෙයන්

බෝසත් කුලයේ පිරිමිත් ඉන්නවා
මුන ගැහිලනම් නෑ අපිට කවදත්
සසරෙ අපි පතා ආ හැටි වෙන්නැති
ඒකනේ විදවන්නෙ අපි දෙදෙනා මෙහෙමත්...

IMG-20240421-WA0102.jpg

පාලු පාරේ අදත් හිටියලු
පාලු මූසල හංදියේ
කවුරු එනකල් බලා උන්නද
අදත් මගෙ සුදු නංගියේ

දරුවා දෝතින් වඩාගෙන නුබ
සිටිය මුත් තව හන්දියේ
දරුව දුන් වූ එන්නෙ නෑ බං
හිත හදාපන් නංගියේ...

මතට ලොල් වූ අමන සලෙලුන්
ඇත්තෙ මූසල හංදියේ
දරුවා දෙන්නට ටිකක් හිතපං
මෝහිනී සුදු නංගියේ...

උබේ තනියට දරුව ඇති බං
හදාපන් හිත නංගියේ
තවත් දරුවෙක් උබට දෙයි බං
ගෙදර පලයන් නංගියේ...

ඉතින් මේ මෝහිනීට කියන කතාවක්.ඒත් කාන්තාවක්.අද කාන්තාවන්ට තියෙන තැන අමුතුවෙන් පසක් කරන්න ඕනෙ නෑ කියල මන් හිතනව.ඉතින් සමාජයේ කාන්තාවක් සිටිය යුතු විදියත් මේකෙන් හරි අපූරුවට පෙන්නනව.ඒ වගේම අපි කවුරුත් නොදන්න සැගවුනු කතාව මොහිනී කියන කාන්තාවගේ ජීවිත කතාව තුල තියෙන්න පුලුවන් කියල මෙන්න මේ විදියට කියනව.

කව්රුම කව්රුත් නොදන්න
නුබම විතරක් දන්න
කාටවත් නොකියූ කතාවක්
අතීතේ අරුම දවසක
කදුලින්,සුසුමෙන් ලියවෙන්නැති...
කදුලු විතරක්ම,සුසුම් හරිහරියට
වේදනා ඉකිලුම්මැද
පපතර කුනු කයක් ලග
සිනිදු පියුමක් පරවෙන්නැති

හිතක් නැති කයක් මිස
පුදදුන්නට කරුමයට
නොකියාම හිස්කුසේ
ලෙයක් පණ ගැහෙන්නැති

මමත් අම්මෙක් කියා
පිළුනු වූ හීනයක
අහක දමනුව නොහැකි
නුඹත් අම්මෙක් වෙන්නැතී...

කාගෙ හෝ පාප කදවිද
සංසාරෙ කල පවට
අකළටම මිලින වනු පිණිස
පුතුද නුඹ උපදින්නැති
මෝහිනී....

රැයක් ගානේ ඇවිද පාපතර උන්සොයා
උබට දැන් මහන්සිත් ඇති
අදුරුම රැයක මතකයන් රිදවනකොට
පාරක් ගානෙ ඇවිත් උන්සොයනවත් ඇති
ඒත් බලාපන්,
පුතු වඩනවට වඩා
රෙද්ද අන්දන්නට නොවෙද උන් තවම
කැමති ඇති
ගනින් යකිනි වෙස්
කඩාබීපන් බොටුව
සත්තමයි පව් නෑ උඹට
තව ගැහැනියක් ඉන් රැකෙනු ඇති...

ඉතින් පරිස්සම් වෙන්න මේක අමුතු සමාජයක්.තමන්ගෙ ආරක්ශාව,තමගෙ පැවැත්ම,හැදියාව මේ සේරම එකතු වෙලා හැදෙන තමනෙ ගවුරවය,මේ සේරම තමන් විසිනම ආරක්ෂා කරගන්න ඕන දෙයක්.ගැහැනු නමට කැලලක් එකතුවෙන එක හරි ලේසියෙන් වෙන්න පුලුවන් දෙයක්.ඉතින් එහෙම නොවෙන්න වග බලාගන්න එක අපේ වගකීමක්.මොහිනී කතාවෙන් උනත් වැඩිහරියක්ම කියන්නෙ අද වෙනකොට ගැහැනියක් ඉන්න ඕන ආකාරය.

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.033
BTC 63732.43
ETH 3135.73
USDT 1.00
SBD 3.83