සල්ලි විසිකරේ හරිම තැන්වලද??

in Steem Sri Lanka3 years ago

1112-540x720.jpg

source
හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව. අද ලියන්නෙ කොච්චර ලංකාවේ වෙනස් කරන්න හැදුවත් වෙනස් නොවෙන දෙයක් මාතෘකාව විදියට පදනම් කරගෙන. මිනිස්සුන්ගෙ අන්ධ භක්තිය ගැන. මට මේක ලියන්න කලින් මේ ගැන තහවුරු කරගන්න පොඩි දේවල් ටිකක් තිබ්බ. ඒ නිසා අකමැත්තෙන් උනත් මේ ගැන ලියන එක ට්කක් කල්දාන්න සිද්ධ වුනා. ටික දවසකට පස්සෙ ඊයෙ කොලබ ගිය නිසා ඒකත් වාසනාවට තහවුරුකරගන්න පුලුවන් උනා. ඒ මොකක්ද කියල කියන්න කලින් මේ ලස්ස්න කෙටි කවිය ලියන්නම්.


මවක තම දරු
ගං දියට දැමු තැන
කාසියෙන් පිරී ඇත
බෝධියේ පිං කැට

මේ කවිය මට අහන්න ලැබුනෙ ගී දහයට කවි දහයක් වැඩසටහනේ මිහිර සිරිතිලකගෙන්. මේකට ගොඩක් අය එකග වෙන එකක් නෑ. ඔයාල දැකල ඇති කලුතර බෝධිය ළඟින් යද්දි සෑහෙන්න මිනිස්සු පඩුරක් දාල යනව. ඔයාලත් දාල ඇති සමහර විට. මමත් පොඩිකාලෙ දාල තියෙනව. ඇත්තටම අපි ඒ සල්ලි දාන්නෙ දාන්න ඕන තැන්වලමද? මේ වැඩසටහනේදි මිහිර සිරිතිලක හරි ලස්සන කතාවක් කියනව. මං ඒක ඔහුගේම වචනෙන් කියන්නම්. අපි ඉන්දියාවට ගිහින් දාල ආපු පඩුරු ටික ඉන්දියාවට වැඩක් නෑ. අපිට වැඩක් තියෙනව ගේන්න බෑ.හරි පුදුමය් මල් පෝච්චියක් තිබුනත් පූජාසනයක් ළඟ ඒකටත් සල්ලි දානව". මේක අර කවියත් එක්ක අමුතු ගැබුරු අර්තයක් දෙනව. කලුතර බෝදිය ලගින් කෝච්චිය යද්දි මිනිස්සු කාසි විසික් කරනව. මට ඒක හොදටම ඊයෙ දැකගන්න පුලුවන් උනා අවුරුදු 60ක විතර මනුස්සයෙක්ගෙන්. ඒකෙන්ම් මට හිතුන මිනිස්සු කොච්චර මුලා වෙලාද කියල.කාසිය විසික් කරල කියන්නෙ බුදුන්ට අල්ලගන්න කියලද?

අපි සල්ලි දෙන්න ඕන තැන් තියෙනව. මිනිස්සු කන්න බොන්න නැතුව පට්ට කට්ටක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නව. මං කියන්නෙ යාචකයන් ගැන නෙවෙයි. ඔවුන් ගැන ඊලග එකෙන් ලියන්නම්. ජීවත් වෙන්න, හම්බ කරන්න, ලමයින්ට උගන්නන්න නොමැරි මැරෙන මිනිස්සු අනන්තවත් ඉන්නව. ඔවුන් පිනට සල්ලි ඉල්ලන්න , අතපාන්න කැමති නෑ , ඔවුන්ට ඒක මදිකමක්, අපිට ඔච්චර දෙන්න ඕනනම් ඔවුන්ට පුලුවන් විදියට සලකන්න ඇහැකිනෙ. ඇයි නිකන් පඩුරු දදා පින් බලාපොරොත්තු වෙන්නෙ. පන්සලක් , බෝදියක් දැක්කම ආසනෙන් පොඩ්ඩක් නැගිටින එකේ ඉදන්ම මිනිස්සු අමූලික ශ්‍රද්ධාවෙන් අන්ධවෙලා ඉන්නෙ.

Coin Marketplace

STEEM 0.05
TRX 0.29
JST 0.043
BTC 67646.57
ETH 1956.30
USDT 1.00
SBD 0.38