ඔබ අනුමත කරනවද??

in Steem Sri Lanka2 months ago (edited)

file-20181106-74751-1be3qbk.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්න යන්නේ කාලීන මාතෘකාවක් ගැන.මේකත් මේ දවස් වල ගොඩක් මතභේදයට ලක්වුන මාතෘකාවක්.මේක ගැන ලියවුනු ගොඩක් article මට කියවන්න ලැබුනා. ඒ article වලින් සමහර ඒවනම් මම පෞද්ගලිකව එකග වෙන්නැති ඒව . ඒ වගේම ටිකක් අනුමත කරන්න පුලුවන් උන article කීපයකුත් කියවන්න මට අවස්තාව ලැබුන. ඉතින් මම හිතුව ඒව ඔයාලටත් කියවන්න දැම්මනම් හොදයි කියල. මගේ මතයත් මීට ගොඩක් සමානයි .කියවල බලන්නකො ඔයාල එකග වෙන්නෙ නැති තැන් තියනවන්ම් ඒව comment box එකට දාන්න.🙂

Leon the professional චිත්‍රපටයේ නැටලී පෝර්ට්මන් රඟපාන විට මෙන්ම Taxi driver චිත්‍රපටයේ ජෝඩි ෆොස්ටර් රඟපාන විටත්, ඔවුන් වයස 18ට අඩු ළමයින්..

මේ නිසාම මේ දරුවන් දෙදෙනා රැක බලාගන්න කණ්ඩායමක් මෙන්ම කවුන්සිලර්වරියක්ද ඒවගේම මොවුන්ගේ දෙමව්පියන්ද රූගතකරන ස්ථානයේ සෑමවිටම රැඳීසිට තිබෙනවා..
දර්ශනයක් රූගතකර අවසානයේ නැවත සුපුරුදු පරිදි ඔවුන්ට රිලැක්ස් වෙන්නට කාලයක් වෙන්කරදීමට අධ්‍යකෂවරුන් දෙදෙනාම කටයුතු කර තිබුණා..

චිත්‍රපටයේ සියල්ලම වැඩ කටයුතු අවසන්කර පසුව නැවත සාමාන්‍ය ජීවිතය අාරම්භ කිරීමට පෙර මේ ළමා නිලියන් දෙදෙනාවම වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.. ඔවුන්ගේ මනසට සිදුවූ බලපෑම අවමකිරීමට අධ්‍යකෂවරුන්ගේ වියදමෙන් කවුන්සිලර්වරුන්ගේ සේවය ඔවුන්ට ලබාදී තිබෙනවා...
මොවුන් ලෝක සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පිනියන් වුනේ අන්න ඒ රැකබලාගැනීම නිසා..❤

ඉතින්, අපේ රටේ නම් රංගනය සෙල්ලමක් වුනාට ඒක ඊට වඩා බරපතල කාරණාවක්.. විශේෂයෙන් ළමා නළු නිලියන් ගැන කතාවේදී එය ඉතාම පර්යේෂණාත්මකව කලයුතු දෙයක්..

මේ මහණ වීම සහ චරිතය ගැන යටගියාව දන්නේ නැහැ.. නමුත් කුඩා දරුවෙකු තමන් නොවන කෙනෙකු ලෙස සෑහෙන කාලයක් ගතකිරීම සැබවින්ම දරුවෙකුගේ මනසට හානියක් කරනවා...😯😈

මනෝ විද්‍යාව සහ ප්‍රතිකාර ගැන වචනයක්වත් නොදන්න රටක අපි ඉන්නේ හැබැයි....😇

මේ ළමයව මහන කරපු හාමුදුරුවෝ මේ ළමයට කියලා තියෙනවා ඔයා ලස්සනට හාමුදුරු කෙනෙක් වගේ රඟපෑව වගේ ඔයා ඇත්තටම මහණ වුනානම් ශෝක් කියලා. ඔය හාමුදුරුවෝ වගේම ඔය ළමයට කී දෙනෙක් ඔය කතාව කියන්න ඇතිද?
ඔය ළමයට අර හාමුදුරුවෝ අරහෙම කිව්වත් මේ ළමයගේ උත්තරය වෙලා තියෙන්නේ එහෙම මහණ වෙන්න ආසාවක් නැහැ කියලා. හැබැයි පස්සෙ මහණ වෙන්න ආසයි කියලා කියලා සතියක්වත් නැහැ ළමයව මහණ කරලා. (මට ඇහුනේ සතියක් වගේ නිවැරදි කරන්න)

මේ ළමයගේ මල්ලිත් මහණ වෙලා තියෙනවා මීට මාස කිහිපයකට කලින්, මල්ලිටත් මහණ වෙන්න ආසව ඇතිවෙලා තියෙන්නෙ අයියා රඟපාන සාමනේර චරිතය දැකලා.

මට මේ ළමයගේ අම්ම කතා කරනවා ඇහුනා. ඒ අම්ම කියනව එයාගෙ ලමය නිවැරදි පාර තොඉරගත්ත එක ගැන සතුටුයිලු, දැන් කාලේ අනිත් ළමයි කරන ඒවා එක්ක බැලුවම.

එවගේම මේ ලමයගේ කතාවෙන් තේරෙන්නෙ බුද්ධාගම ගැන කිසිම හරිහමන් අදහසක් නැහැ කියලා. තවත් ටිපිකල් තට්ට සාදු කෙනෙක් ලක් මවට එක්වුනා. මොකද මෙ ලමයගෙත් ආසවලු හැම පංසලකටම ගිහින් බණ කියන එක, හැම පාසලකටම ගිහින් බණ කියන එක, චෛත්‍ය රාජයානන් කෙනෙක් එක් කරන එක etc...

මෙකෙන් මම දැකපු දේවල් දෙකක් තියෙනවා

එක. ළමයින්ගේ මනස ක්‍රියා කරන හැටි ගැන ලංකාවෙ මිනිස්සුන්ට තියෙන දැනුවත්කම 0% යි.
අවුරුදු 16ට අඩු ලමයෙක්ගේ කන්සෙන්ට් එක කන්සෙන්ට් එකක් විදියට ගනන් ගන්න බැහැ කියන එකවත් තේරුම් ගන්න බැරි තරමට බෞද්ධ සමාජය මෝඩ වෙලා.

දෙක. ලංකාවෙ නලුවෝ/නිලියෝ චරිත රඟ පාන්නෙ නැහැ, එයාලා රඟපාන්නේ එයාලගේ සැබෑම චරිතේ කියන එක තමයි ලංකාවෙ මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ දුවන්නේ.
කවුරුහරි ප්‍රසිද්ධ දක්ශ නිලියක් ගණිකාවකගේ චරිතයක් කරන්න පෙළබෙන්නෙ නැහැ, එහෙම රඟ පෑවොත් ලංකාවේ පාරෙ බැහැලා යන්න බැහැ. මොකද මිනිස්සු හිතන්න ගන්නවා මේ නිලිය ඇත්තටම ගණිකාවක් කියලා.
එවගේ තමයි හාමුදුරු චරිතයක් කවුරුහරි හොඳට කරොත් මිනිස්සු හිතනවා මේ මනුස්සයා ඇත්තටම හාමුදුරු කෙනෙක් වගේ නිවුනු කෙනෙක් කියලා.

Coin Marketplace

STEEM 0.27
TRX 0.13
JST 0.032
BTC 65122.20
ETH 2988.31
USDT 1.00
SBD 3.68