ලෝක් කුසලාන සංචිතය

in Steem Sri Lanka11 hours ago

1000124890.jpg
source

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඒ කාලේ වගේ එකදිගට article දාන්නනම් දැන් අමාරුයි ඒත් පුලු පුළුවන් වෙලාවට ඔයාලත් එක්ක දේවල් බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා.හරි ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ ගෙවෙන්නේ නම් එච්චර සුබදායක කාල වකවානුවක් නෙමේ.පකිස්ථානයට එරෙහිව පකිස්තානයේ දී සහ ශ්‍රී ලංකාවේදී ලබපු තරගාවලි පරාජයත් සමඟ එංගලන්ත කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයක් අත්විඳින්න සිදුවුණා.ඉතින් කොහොම කොහොමහරි අපිට ඊළඟට මුහුණ දෙන්න තිබෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලානයටයි.තරගාවලියේ සත්කාරක රටක් විදියට ශ්‍රී ලංකාවත් සම්බන්ධ වෙන නිසා අපිට වැඩි වාසියක් තියෙනවා.

නමුත් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙළගැස්ම ගැන හරි හැටි අවබෝධයක් තේරීම් කමිටුවට තිබෙනවාද කියලා තියෙන්නේ සැකයක්.ලෝක කුසලානයට පෙර පැවැති තරගාවලියට එක්වරම ඇතුළත් වුණු ද්නංජය සිල්වා පකිස්ථාන තරගාවලිය පමණක් සාර්ථකව වුනු කමිදු මෙන්ඩිස් වෙනුවට ඇතුළත් වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට.තේරීම් කමිටුවේ මේ අහඹු තේරීම් ගැන තියෙන්නේ ක්‍රිකට් රසිකයින් විදියට අපිට නම් දැඩි කලකිරීමක්.චරිත් අසලංක එක දිගට අසාර්ථක වෙද්දී ඔහුට විවේකයක් නොදී තව තවත් ඔහුගෙන් කුමක් බලාපොරොත්තු වෙනවද යන්න තවත් ප්‍රශ්නාර්ථයක්.සාර්ථක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙන මිලාන් රත්නායකටත් මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩක් ලැබිලා නැහැ.කෙසේ හෝ අවසානයට ශ්‍රී ලංකා කණ්ඩායම තම සංචිතය නම්කර තිබෙනවා. ඒවගේම තමයි එංගලන්ත කණ්ඩායමත් සමග දෙවන විස්සයි විස්ස තරගයත් අද පැවැත්වීමට නියමිතයි.තරගාවලියේ තීරණයට බලපාන තරඟයක් වෙන මේක කෙසේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරාවිද කියලා ක්‍රීඩා රසිකයින් විදියට අපි දෑස් දල්වා බලා සිටිනවා.