ඔයාගෙ සතුට මගහැරුනද

in Steem Sri Lanka17 days ago

depositphotos_53729691-stock-photo-smile-free-and-happy-woman.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කරලා හිතෙනවා.අද ලියන්න යන්නේ ටිකක් අමුතු සමහරවිට විවේචන එල්ල වෙන්න පුළුවන් මාතෘකාවක් ගැන. ඒත් මේ මාතෘකාව ගැන කතා කිරීම අත්‍යවශ්‍ය නිසා ඒක ගැන ලිව්වනම් හොඳයි කියල හිතුනා.මේ මාතෘකාව ගැන සමාජ මාධ්‍ය ජාලවල පවා මට වැඩිය මේවා ගැන කියවන්න හම්බවෙලා නැහැ.නමුත් අහම්බෙන් මට එහෙම අවස්ථාවක් කියවන්න හම්බුනා.මම ඒකත් දාන්නම් මුලින්ම මගේ අදහස ලියලා ඉන්නම්.කාන්තාවක් මාතෘ පදවිය ලැබුවට පස්සෙ ඇය ජීවිතේ සෑහෙන්න තරම් කැපකිරීම් කරනව.ඒ පදවිය ලබන්න පෙරත් විවාහය වුණාට පස්සේ කාන්තාවන් ජීවිතයේ ගොඩක් දේවල් කැප කරනව.මේ කියවන ඔයාලත් සමහරවිට ඒ ගොන්නෙ ඇති.අම්මලා ජීවිතේ ගොඩක් කැප කිරීම් කරන්නෙ තමන්ගේ ළමයගෙ සැමියගෙ අභිවෘද්ධිය තකා ආශාවෙන් වුණත් , තවත් සමහරක් තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත අදාල නැති උනත් කරන්න සිදුවෙන. ඉතින් මේ සමාජය පිරිසක් ඉන්නවා ඒ කැප කිරීම් ඔවුන් අනිවාර්යෙන් සිදු කළ යුතුයි කියලා මතයක සිටින.කාන්තාවක් මවක් වූ පමණින් ඇයගේ සියලු ආශාවන් එයාලා අත්හරින්න ඕනද? ඒවා හැමදෙයක්ම කැප කරන්න ඕනද? ඇය ආදර්ශමත් මවක් වෙන්න , යහපත් බිරිඳක් වෙන්න මේ කැපකිරීම් හැම දෙයක්ම කරලා බොරුවට සතුටින් ඉන්නවා වගේ සමාජය ඉස්සරහා මවල පෙන්නන්න ඕනද? මේ ම්තයටනම් මම සෑහෙන්න විරුද්දයි. ඔවුන්ගෙත් ආශාවල් , කැමති දේවල් ව්ලට ගරුකරන්න ඉඩක් දෙන්න ඇයි අපිට බැරි. ඔවුන්ගෙ හීන අමතක කරල අපේ හීන වෙනුවෙන් විතරක් කැපවෙන්න ඕන කියල හිතන තරමට ආත්මාර්තකාමී වෙන්න ඕනද? ඉතින් නිකමට ඔයාගෙ බිරිදගෙන් , අම්මගෙන් අහල බලන්න ව්හා කැමති දේවල්, ඔවුන්ගෙ ආශාවල් හැමදේටම විරුද්ද වෙලා යහපත් බිරිදක් ලෙස තියාගන්න තරම්. පුහු මතයක ඉන්න එපා. මේ කතාවත් ඒ වගේ එකක් මට මුහුනු පොතෙන් හම්බවුන . ඒකත් කියවල බලන්න.....


"කොණ්ඩේ පාට කරන්නද?"
මම එයාගෙන් ඇහුවා.
"එපා"
එයාගේ තනි උත්තරේ
මාව නිහඬ කරා...

"ටැටූවක්?"
ආයෙමත් දවසක මම ඇහැවිවා
මුකුත් නොකියාම
එයා මං දිහා බලන් රැවිවා
මගේ ආසාවන් එහෙමිමම මැරුණා ..

අපි කසාද බැන්ඳා
දරැවෝ ලැබුවා
ලොකු දූ ලැබෙනකොට
මම රස්සාව අත්හැරියා..
මගේ අමිමා ගෘහණියකී.
දූ ලියන රචනාවේ එහෙම ලියැවුණා..

එයාට රස්සාවේ වගකීම් වැඩි වුනා..
ගෙදර වගකීම් එක්ක මං
ගෙදරටම කොටු වුනා.
එයා ඉගෙනීමෙන් ඉහළටම ගියා
මම ආස උනත්
එයාට අත්වැලක් වෙන්න තීරණේ කරා..

බැලේ නර්තනය,බෝල්රෑමි,ආසම ගායනය
මගෙන් ඈතට ඉගිල්ලිලා ගියා.
මම කැමති දේවල් මටත් නොදැනිම
අමතක වෙලා තිබුනා..

ගරැ නම්බු නාම,හැමෝගෙන්ම පැසසුමි
එයා වටේ එක්රොක් වී තිබුනා...
මම පිටිපස්සට වෙලා
එයාට අත්පොළසන් දුන්නා..

ආදරණීය මවක්,
යහපත් බිරිඳක්
හැමෝටම ආදර්ශමත් ගැහැණියක්..
එයාගේ කටින් හැමතිස්සෙම කියවුණා..

"තමන්ගේ හීන කැප කරාම ආදර්ශමත්
වෙනවද?"

මගේ හිත මගෙන්ම ඇහැවිවා.

හොඳින්ද කියලා අහපු හැමවෙලේම
"ඔවි මම හොඳින්"...
අහන හැම වාරේම
මගේ කටින් පිටවුණා..
ඒත් ඒ හැම වාරේම
සිවිවන ශික්ෂාපදය මගේ අතින් කැඩුණා..

හැම සුරංගනා කතාවක් වගේ
අපි සතුටින් හිටියා...

සමාවෙන්න
මුද්‍රණ දෝෂයක්.

මම හැර අනිත් අය සතුටින් හිටියා..

මොකද
මට මාවම මඟහැරිලා තිබුනා..

Coin Marketplace

STEEM 0.31
TRX 0.12
JST 0.032
BTC 57810.33
ETH 2939.11
USDT 1.00
SBD 3.70