තැඹිලි කතාව 🌴

in Steem Sri Lanka3 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද ? හැමෝම පරිස්සමින් ඇති කියල මම හිතනවා.මේ දවස් වල හොදටම වැස්ස නිසා ගොඩක් පරිස්සමින් ඉන්න වෙනව. අපි ඉන්න පැත්තටත් හොදටම වැස්ස.ලෙක්චර් එක්කට හරියට පිලිවෙලට යන්න නෑ.තෙමිල තමා යන්න වෙන්නෙ. ඉතින් පහුගිය සති අන්තයේ උන නියම සිදුවීම් ටිකක් කියන්න මම හිතුවා.

මෙහෙ අපිට ගොඩක් මහන්සි වෙලා ප්‍රැක්ටිකල් වැඩ කරන්න වෙන නිසා ඉක්මනට මහන්සි වෙනව.එතකොට පරිසරයත් රස්නෙ නිසා මටනං ටිකක් විතර අමාරුයි.ඒ නිසාම පුලුවන් හැමවෙලාවෙම වගේ තැඹිලි බොනව අපිනම්. ඒ වගේම ආසාවක් අපිට පහුගිය සෙනසුරාදා ඇති උනා. මගේ බයිසිකලෙත් වින්කලේට දීලා පොඩ්ඩක් බලාගන්නත් ඕනිඋන නිසා මායි අපේ රූම් එකේ කොල්ලෙකුයි උදේම ගියා වින්කලේට.ඉක්මනට එන්න තමා හිතාගෙන ගියේ.බයිසිකල් එක පෙන්නුවට පස්සෙ ඒකෙනම් ලොකු අවුලක් තිබ්බෙ නෑ.ඉක්මනට ඒකත් හදාගෙන අපි ගියා තැබිලි බොන්න.අවාසනාවක මහත. එදාම තැඹිලි කඩේ නැන්දා එදා කඩේ වහලා.ඉතින් අපි දෙන්න ආයෙම එනකොට කෑම කඩේලග නවත්තලා කන්න හිතිලා පරාටා කෑවා. කෑවට පස්සෙ තීරණය කරා කොහෙන්හරි තැඹිලි ගෙඩියක් බීලම යනව කියල.

තවත් තැඹිලි කඩයක් කලාඔයටත් එහා පැත්තෙන් තියෙනවා කියල අපි දන්නවා.කමක් නෑ කියල ඉතින් එහෙට යන්න ගග්තා. කලාඔය හරියෙන් යනකොට ඉවසන්නම බෑ. ඇදුම් මොකුත් තිබ්බෙත් නෑ නාලා අදින්න ඒ උනාට කමක් නෑ කියල හිතල බයිසිකල් දෙක නවත්තලා කලාඔයෙන් නෑවා අපි දෙන්නා. වතුර ටිකනම් නියමයි.ගොඩට එන්න හිතෙන්නෙම නෑ. නාලා ආවම පිහිදගන්නවත් මොකුත්ම නෑ. ඉතින් වේලෙනකං ටිකක් වෙලා හිටිය.රස්නය නිසාම මෙහේ ඉක්මනට වේලෙනව අපිව. ඊටපස්සෙ ආයෙ අපි ගියා තැඹිලි කඩේ හොයාගෙන.අවසානෙදි අපිට හම්බුනා තැඹිලි කඩේ.

ඒ කඩේ කරන්නෙ සීයා කෙනෙක්. ඉතින් තිබ්බ තිබහට මමනං තැඹිලි ගෙඩි දෙකක්ම බිව්වා. තිබහටත් වඩා පෙරේතකම කිව්වත් වැරදි නෑ ඉතින්. තැඹිලි ගෙඩි දෙකක්ම බීල එකපාරටම බයිසිකලේ පදින්න බෑනෙ.ඉතින් එතන අපි දෙන්න ටික වෙලාවක් හිටියා.අවසානෙදි කැම්පස් එකට යමු කියල අපි ආවා. ඒ එන අතරතුරත් කන්න කියල බයිට් වගයක් අරගත්තා. පැයෙන් විතර එනව කියල දාගත්ත ගමන අන්තිමට ආවෙ දවල් කෑම වෙලාවෙ.

WhatsApp Image 2022-11-04 at 09.08.31 (1).jpeg

WhatsApp Image 2022-11-04 at 09.08.31.jpeg

WhatsApp Image 2022-11-04 at 09.08.30 (1).jpeg

WhatsApp Image 2022-11-04 at 09.08.30.jpeg

එක අතකට එහෙම ගිය එකත් හොදයි හිත නිදහස් වෙන්නත් එක්ක. නැත්තං නිකම්ම වැඩගැන හිතල අමාරු වෙනව. ඉතින් තවත් මතකයක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.
ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

Sort:  

wow what a life
(rasne naththn thawath hoda wenn thibb habai)

ඒක නම් නියමයි. කොල්ලෙක් වෙන එකේ පුදුමාකාර වාසි ගොඩක් තියෙන්නෙ.

ඒකනම් ඇත්ත

Coin Marketplace

STEEM 0.05
TRX 0.28
JST 0.045
BTC 64333.27
ETH 1857.16
USDT 1.00
SBD 0.38