අවුරුද්දට කලින්

in Steem Sri Lanka18 days ago

154aaa-1024x653.jpg
source

අපේ යාලුවො හැමෝම හොඳන් ඉන්නවා ඇති කියලා මම හිතන්වා. ටික දවසකට පස්සේ හැමෝටම දීර්ග නිවාඩුවක් ලැබිලා තියෙන නිසා පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්වා ඇති කියලා මම හිතන්වා. පාසල් යන ලමයින්ටත් නිවාඩු නිසා පවුලේ හැමෝටම එකට කාලය ගත කරන්න දවස් කිහිපයක් තමයි ඉතින් මේ පටන් අරන් තියෙන්නේ.

සිoහල දමිල පවුල් වල අයටනම් තවත් සතුටු හිතෙන කාලයක්. අලුත් අවුරුද්ද ලග ලගම එන නිසා නිවාඩු දවස් කිහිපයක් උනත් කරන්න තියෙන වැඩ රාජකාරි වලනම් අඩුවක් නැතිවම ඇති. ගෙවල් පිරිසිදු කරන්න, කැවිලි පෙවිලි හදන්න, සාප්පු සවාරි යන්න මේ ආදි නොයෙකුත් වැඩ වලින් නම් අඩුවක් නැතුව ඇති කියලා මම හිතනවා.

ඉතින් ඒ හැමෝම වගේම අපිත් අලුත් අවුරුද්දට ලක ලැහැස්ති වුනේ මෙහෙමයි. වෙනදා වගේම ඉතින් මෙදා අවුරුද්දෙත් මුල්ම රජකාරිය වුනේ ගෙවල් පිරිසිදු කිරීමයි. කාමරෙන් කාමරෙන් අස්පස් කරගෙන මුලු ගෙදරම පිරිසිදු කරලා ඉවරකලා.

ඊළඟ රජකාරිය වුනේ ගෙදර ඕන කරන බඩු බාහිරාදිය අරගෙන එක එක. අවුරුද්ද කිට්ටු උනාම කලඑලියට එන කේක්, බිස්කට් පෙට්ටි හැම කඩයක් ඉස්සරම දැක ගන්න පුලුවන්. අවුරුදු පොලෙන් එලවලුත් අරගෙන, අනික් බඩු බාහිරාදිය අරගෙන ඇවිල්ලා ඒ රාජකාරියත් ඉවර කලා.

WhatsApp Image 2024-04-13 at 8.05.09 PM.jpeg

ඊලඟට අපි ලැහැස්ති වුනේ කැවිලි පෙවිලි පිලියෙල කරන වැඩේ. වෙනදා වගේම කොකිස්, කොන්ඩ කැවුම්, මුo කැවුම්, අලුවා අපි මේ වතාවෙත් හැදුවා. අම්මා තමයි ඇත්තටම මේ වැඩේට දක්ෂම කෙනා. මම ඉතින් එයාගේ වැඩේට උදව් උපකාර කලා. අපේ අම්මාගේ පුරුද්දක් තියෙනවා ලිපේ අලුතෙන් මැටිගාලා අලුත් අවුරුද්දට කිරිබත් උයන්න. ඉතින් මේ වැඩේ තමයි අන්තිම රාජකරිය වුනේ.

WhatsApp Image 2024-04-13 at 8.05.10 PM.jpeg

WhatsApp Image 2024-04-13 at 8.05.10 PM (1).jpeg

අවුරුද්ද ලබන්න තව හරිම පොඩි වෙලවක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ ලබන්නාවු අලුත් අවුරුද්ද හැමෝටම වසනාවන්ත, ලෙඩ දුක් වලින් තොර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්වා.

Sort:  

Happy sinhala and tamil new year 🎉

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 57824.15
ETH 2965.89
USDT 1.00
SBD 3.70