අහස කියන්නෙ කලාගාරයක්.. 😍 - 5% For SL Charity

in Steem Sri Lanka3 years ago

20210706_183552 (1).jpg

Free වෙලාවට අහස දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉද්දි වළාකුළු අස්සෙන් එක එක රූප පේනවා. මම නම් ඒකට ඇබ්බැහි වෙලා වගේ. Free වෙලාවට විතරක්ම නෙමෙයි කොහෙ හරි යනකොට කොච්චර හදිසි ගමනක් වුණත් පුරුද්දට වගේ අහස බැලෙනවා.

20210705_183642.jpg

ඔෆිස් ගිහින් ගෙදර එන වෙලාවට මඟ දිගටම උඩ බල බල එන්නෙ. 🙊 ඉර බැහැගෙන යන වෙලාවට හවස අහසෙ පුදුම ලස්සනක් තියෙන්නෙ. උඩින් තියෙන photo එකයි පහළින් තියෙන photo එකයි capture වෙලා තියෙන්නෙ එකම තැනකදි. ඒක දැක්කෙත් දැන් මමත්. ගෙදරට හැරෙන පාරෙදි තමයි ගත්තෙ. එක එක දවසට පාට පාටින්. 😍 කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ. ඒක භාවනාවක් වගේ.

20210716_183609.jpg

මෙතන තියෙන ෆොටෝස් ඔක්කොම වගේ මන් ඔෆිස් ඇරිලා ගෙදර එන ගමන් එක එක දවස් වල ගත්ත ඒවා. 🙊 අපේ ගෙදර තියෙන්නෙත් ටිකක් විතර කන්දක් උඩට වෙන්න වගේ. ඒ නිසා ඈත අහස ලස්සනට පේනවා.

selfiecamera_2021-07-05-18-41-50-515.jpg

ඒවගේම මන් ගොඩක් ආසයි වහින වෙලාවට මනෝ පාරක් දාගෙන වැස්ස දිහා බලන් ඉන්න. අපේ කලබලකාරී මනස සන්සුන් කරන්න පුලුවන් බෙහෙතක් තමයි වැස්ස කියන්නෙ. ඒ වගේම වහින වෙලාවට හොඳට නිදාගන්නත් පුලුවන්. 🙈

PicsArt_09-26-12.57.08.jpg

ඔය ඈතින් තියෙන්නෙ අපේ තාත්තගෙ වගාව. 😇 මන් වෙන දවසක ඒ ගැන කියන්නම්කො. තාප්පයක් වගේ වැට දිගටම හැදිලා තියෙන්නෙ දඹල වැලක්. අතරින් පතර මල් එකක් දෙකක් තියෙනවා. තාම මල් හැදෙන්න පටන් ගත්තා විතරයි. ඉස්සරහට ගමකට දඹල දෙන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ඉතින් ගෙදරත්, තෙලට , කිරට, මිරිසට, සම්බෝලෙට හැම විදිහටම කන්න වෙයි. 🙄 උඩ තියෙන ෆොටෝ එක ගත්තට පස්සෙ මට හිතුනා නිකමට වගේ ඒ පැත්තට යන්න. වැස්ස ටිකක් අඩු වෙනකම් ඉඳලා මන් ගියා දඹල වැල ළඟට. ඒකෙ දඹල කරල් ටිකක් හැදිලත්. 🙊 ලොකූ වැලක් නිසා පේන්නෙ නෑ. හැංගිලා තිබුණෙ. මේ ටික කැඩුවෙ අද උදේ. බැලුවෙ නැත්තම් අපරාදෙ. 🙄 දඹල සීසන් හැස් අරයිව්ඩ් !!! 😂🤘

PicsArt_09-26-03.32.42.jpg

අපේ වත්තෙ පලතුරු, එලවළු වර්ග එහෙම ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියෙදි ඔයාලට බලා ගන්න පුලුවන් වෙයි. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. සුභ දවසක් !!!

ස්තුතියි !❤️

Sort:  

I totally agree with your argument 👍. We need to try because without trying to do, we will not know what to do for the next step after failing 👍👍

Exactly 😇

ow ahala diha free welawata balan inna math asai. apeth dambala wale dambala hadenn aran dan

Dambala hadenna aran tika dawasak yaddi ammage recipe wala udatama enna patan gaththama thamai dambala athi wenne.!!! 🙊

අහස දිහා බලන් ඉන්න එක නම් එපා වෙන්නෙ නෑ. නාරං හැදිලද නාරං 🥺.

🙄 නාරං එකක් දෙකක් නම් තිබුණා. තාම කන්න පුලුවන් තත්වයට ඇවිල්ලා නෑ. චූටියි 🙊

අහසේ photos ටික හරිම ලස්සනයි 😍😍

ඒවගේම මන් ගොඩක් ආසයි වහින වෙලාවට මනෝ පාරක් දාගෙන වැස්ස දිහා බලන් ඉන්න.

මමත් කැමතියි. ඒ වෙලාවට ලෝකේ නැති ඒවා මතක් වෙනවා මට 😂❤️

ඇත්ත ලෝකෙ පෙරලන්න පුලුවන් තරම් දේවල් හිතෙනවා ඒ වෙලාවට 🙊❤️

ඔෆිස් ගිහින් ගෙදර එන වෙලාවට මඟ දිගටම උඩ බල බල එන්නෙ. 🙊

ඉක්මනටම ඩ්‍රයිවර් කෙනෙක් ගන්න වෙයි..🙊

ඊට පස්සෙ ඉතින් ගෙදරත්, තෙලට , කිරට, මිරිසට, සම්බෝලෙට හැම විදිහටම කන්න වෙයි.

lockdown කාලේ කොස් කාපු වගේ තමයි ..🙊😂

Lockdown කාලෙත් අපේ ගෙදර දඹල තිබුණා කොස් වගේම සාපයක් වෙන තරමට 🙊

😂😂

Photo tikanam maru , havasta thamai ahasa lassanama 😍

Thank you 😍
Mamath aasama hawasa ahasata thamai ❤️

මං ඉස්සර ක්ලාස් ඇරල හවස හයේ බස් එකේ ගෙදර යනකොට මමත් අහස දිහා බලන් තමයි යන්නෙ . ගිනිගත්හේනෙ ඉඳන් දියගලට යන ටිකට ඉර තැඹිලි පාටට ලොකුම ලොකුවට බැහැගෙන යනව ඈත කඳුවලට...

කොච්චර බලන් හිටියත් ඇති කියලා හිතෙන්නෙ නම් නෑ 😍

ඉස්සරහට ගමකට දඹල දෙන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ඉතින් ගෙදරත්, තෙලට , කිරට, මිරිසට, සම්බෝලෙට හැම විදිහටම කන්න වෙයි.

🤣🤣🤣

ඉස්සර අපේ සීයා හවසට මටයි මල්ලිටයි අහසේ තියෙන වලාකුළු දිහා බලාගෙන ඒවැයි ඇදිච්ච රූප වලින් කතා කියල දෙනවා. ඉස්සර හරි සුන්දරයි .😔

පොඩි කාලෙ දේවල් මතක් වෙද්දි හිතෙනවා ආයිත් ඒකාලෙට ගිහින් එන්න තිබුණා නම් කියලා. 😐❤️

Coin Marketplace

STEEM 0.29
TRX 0.13
JST 0.033
BTC 63252.23
ETH 3035.50
USDT 1.00
SBD 3.73