ඔයාලටත් එහෙමද?

in Steem Sri Lanka17 days ago

අලුත් අවුරුද්ද ඇවිත් ගෙවිලා ගියා. දැන් මට ආයෙමත් අවුරුදු කාලෙ ගැන පුංචි කාලෙ හිතුණු විදියටම හිතෙන්න පටන් අරන් තියෙනවා. අවුරුද්දටම අඳින්න කියලා අලුත් ටී ශර්ට් එකකුත් බෑග් එකේ දාන් ආවා. ලුංගියක් ඇඳලා ෆොටෝ එකක් ගහන්නත් ආස හිතෙනවා. මට ඒ තරම් සතුටක් අවුරුද්ද ගැන තියෙනවා!

BB23C104-6002-4E7E-B980-EE06E310B127.jpeg
pinterest

ඉස්සර අපේ ගෙදරට දකුණු පැත්තෙන් තිබුණ හැම ගෙදරකින්ම අපේ ගෙදර එනවා අවුරුද්දට. අපිත් ගිහින් තියෙනවා. ඒ කාලෙ කොච්චර හොඳද කියලා දැන් හිතනකොට හිතෙනවා. දැන් වෙනකොට ඒ ගෙවල් වල හිටිය සමහර මිනිස්සු මේ ලෝකෙන්ම යන්න ගිහින්. සමහරුන්ට අපිව මතකත් නෑ අපි දන්නෙත් නෑ එයාලව. ඉතින් ඒක එහෙම තමයි.

අපේ ගෙදරට පහළින් තියෙන ගෙදර ඒ කියන්නෙ නැන්දලගෙ ගෙදර අක්කලා අයියලා හතක් හිටියා. එක අයියා කෙනෙක් මේ ලෝකෙන් යන්නම ගිහිනුත් සෑහෙන කාලයක්. අනෙක් අය වෙනම කූඩු හදාගෙන යන්න ගිහින්. එහේ බල්ලොත් බර ගාණක් හිටියා. දැන් ඉන්නෙ නැන්දයි එකම එක අයියා කෙනෙකුයි විතරයි. අපි ඉස්සර අවුරුද්දට එහේ යනවා මාමා අපිටම හදන ඔංචිල්ලාව පදින්න. එයාගෙන් අපිට තෑගි විදියට බඹර චක්‍ර පෙට්ටියක් ලැබෙනවා. ඒත් දැන් ඒ මහගෙදරත් පාලු ගෙදරක්.

ඉස්සර අපි තුන් දෙනා අලුත්ම ඇඳුම් තුනක් අදිනවා අවුරුද්ද දවසට. ඒක හරිම ලස්සන මතකයක්. ඊට පස්සෙ අපේ නෑදෑ වෙන ළමයි එනවා සෙල්ලම් කරනවා. හරිම සුන්දරයි. අපි ලොකු වෙනකොට අවුරුද්ද එනකොට තියෙන ඒ කුතුහලය සතුට යනවා කියලයි හිතුණෙ.

508058EF-F6E4-4350-A569-D436926AC5E4.jpegPinterest

ඒ මේ අවුරුද්ද එනකොට මට හිතුණා සමරන්න ලැබෙන හැම දවසක්ම ලස්සනටම සතුටින් සමරන්න ඕනෙ කියලා. ඒ නිසා අවුරුද්ද ආව එකට මට හරිම සතුටුයි. ඔයාලටත් එහෙමද?

තව එතකොට ඔයාලටත් මට වගෙ පරණ දේවල් හෙම මතක් වෙනවද?

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.032
BTC 57329.79
ETH 2914.99
USDT 1.00
SBD 3.67