අවුරුද්දටම එක පාරක්!

in Steem Sri Lanka10 days ago

BB7FAFDC-248D-492D-8C5C-CBC133F1A538.jpeg

ප්‍රවීන්ගෙ අම්මගෙ උපන්දිනේ තිබුණෙ අප්‍රේල් 20. ඒත් එක එක හේතු නිසා ඒක සමරන්න අපිට විසි තුන් වෙනිදට කල් දාන්න වුණා. ඉතින් අපි තීරණය කළා එදාට අපිම උයලා, අම්මට party එකක් දෙන්න. ගොඩාක් වෙලාවට ඒ party වල ඉන්නෙ මම, කලනි, වත්සලා අක්කා සහ සාරුජන්. ඉතින් එදත් එහෙම තමයි.

F94DDC77-AC25-4A51-B4DD-59AD4CE92774.jpeg

උදේම ගිහින් අපි cake එකක් ගත්තා. ඊට පස්සෙ බඩු ටිකත් අරන් ඉක්මනට ඉක්මනට ඉව්වා. ඉව්වෙ අපි. උයන එක ඇත්තටම love langauge එකක් තමයි. මං ඒකට හරිම කැමතියි. කවුරු වෙනුවෙන් හරි රසට කන්න හදලා දෙන්න. ඒකත් කලාවක්.

2E561A1F-210E-4FFF-B219-A91D708D4559.jpeg

කෑම උයලා ඔක්කොම ඉවර කරලා අපි cake කපන්න ලෑස්ති වුණා. අම්මා cake කපලා තියෙන්නෙ එකම එක වතාවකදි විතරයි. මේ දෙවෙනි වතාව. ඉතින් ඇත්තටම එයාට හරිම සතුටුයි. ලස්සනම සල්වාර් එකක් දාලා, නළලෙ ඩොට් එක තියලා, පව්ඩර් ටිකක් දාලා එයා ලස්සනට හැඩ වෙලා ආවා කේක් එක කපන්න. අපි හැමෝටම එයා වෙනුවෙන් තෑග්ගක් තිබුණා.

එපා එපා කියලා කිව්වට අම්මලා සමහර දේවල් වලට හරිම කැමතියි. ඒ එපා එක ඇතුළෙ තියෙන ආදරේ දරුවොන්ට තේරෙන තරමට අම්මලාට සතුටින් ඉන්න පුලුවන් කියලා මට හිතෙනවා. එහෙම දවස් අවුරුද්දකටම එකපාරනෙ එන්නෙ. සමරන්න තියෙන දවස් සමරන් ඕනෙ!

එයාට සුබ උපන්දිනයක්!

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

දිර්ඝායුෂ ලැබෙන්න ඕන අම්මට ❤️

සුභ උපන්දිනයක් වේවා අම්මට 💐

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 64307.66
ETH 3146.33
USDT 1.00
SBD 3.88