ගාඩි| Children of da Sun

in Steem Sri Lanka3 years ago

ඊයෙ අපි ගියා ගාඩි බලන්න. අපේ පළවෙනි choice එක වෙලා තිබුණෙ ගජමෑන් වුණාට බැලුව අයගෙන් ලැබුණ ප්‍රතිචාර එක්ක අපි හිතුවා ගාඩි බලන්න ඕනෙ කියලා. ගාඩි ගැන ලියවුණ ලස්සන රිවීව් එක්ක මං හිතුවා ඒක බලන එක හොඳ වෙයි කියලා. හැබැයි මං මේ අත්දැකීමෙන්මයි කියන්නෙ. Social media වල share වෙන ගොඩක් review වල බොරුව අතිශයෝක්තිය එහෙම සෑහෙන්න තියෙනවා. හැබැයි ගාඩි බලලා මං එළියට ආවෙ අපරාදෙ කියන හැඟීමෙන් නෙමෙයි. ඒක ඇත්තටම ලස්සන නිර්මාණයක්.

1676897767699.jpg
Facebook

අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා, ඉස්සර කාලෙ හිටිය මිනිස්සු හරීම හොඳයි වගේ අදහස් වලට තද කනේ පාරක් ගහන්න "ගාඩි"ට පුලුවන් වෙලා තියෙනවා. සමහර තැන් වලදි අපේ රටේ මිනිස්සු හැසිරිලා තියෙන්නෙ, විශ්වාස කරලා තියෙන්නෙ මිනිස්සු විදියට කරන්න තියා හිතන්න වත් හොඳ නැති දේවල්.

IMG_20230219_165804.jpg

සෙංකොට්ටන් කියවලා ඉවර වෙනකොට ඔයාලට දැනුණ දුක, කම්පාව සහ සමහරක් විට කලකිරීම සමහර විට ගාඩි බැලුවමත් දැනෙයි. ඉතාම අඩු දෙබස් ප්‍රමාණයකින් විශාල පණිවිඩයක් දෙන්න ගාඩි ට පුලුවන් වුණා කියලා මට හිතෙනවා. සජිත අනුත්තරගෙයි, අලුත් නිළිය ඩිනාරා පුංචිහේවා ගෙයි රඟපෑම් තිබුණෙ වෙනම ලෙවල් එකක. ඇත්තටම බලාගෙන ඉන්න ආසයි. සජිතව අපි කොහොමත් දන්නවනෙ. පුංචි කාලෙ ඉඳන්ම දන්නවා. ඩිනාරා අලුත්. ඇත්තටම එයා හරිම ලස්සනයි.

ඒක අවසන් වුණ විදියට මං එච්චරම කැමති නැති වුණත් ඒක ඉතාම හොඳ නිර්මාණයක් කියලා කියන්න බැරි නෑ.(මට අනුව) අනෙක අපි කැමති විදියට කතන්දර ඉවර වෙන්නෙ නෑනෙ. ඒක අනුවේදනීය කතාවක්. මිනිස්සුන්ගෙ හිත් තෙත් කරන, හැම මනුස්සයෙක්ට මනුස්සයෙක්ට වගේ සලකන්න කියා දෙන,සමහරක් විට ඉතාම හොඳ යැයි අපිට විශ්වාස කරන්න උගන්නලා තියෙන්න රජවරුන්ගෙ සිටුවරුන්ගෙ දුප්පත් මානසිකත්වය ගැන කියලා දෙන කතාවක්!

ගිහින් බැලුවට පාඩුවක් වෙන එකකුත් නෑ!

Sort:  

This is a movie that I wanted to watch and then I was asked to watch this for an assignment. Now I'm procrastinating watching it because of assignment mentality.

oyage post eka kiyewwama balanna ona kiyala hituna

baluwata paduwak nathi wei neda. matath FB eke thiyenawa dakkama balanna ona kiyala hithuna.