ඉසුරුමුණි පෙම් යුවල

in Steem Sri Lanka2 years ago

ඉසුරුමුණිය කියන නම ඇහුන සැණින්, ඉසුරුමුණිය විහාරයටත් කලින් කාටත් මතක් වෙන්නෙ ඉසුරුමුණි පෙම් යුවල.

මේ ගල් කැටයම නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒත් ඒ කතාව දන්නා කෙනෙකුත් අපි අතර නැතුව ඇති.

මේ ගැන තියෙන කතා අතරින් දෙකක් වන්නේ,

පලමු වැන්න​, මේ ගල් කැටයමෙහි ඉන්නෙ ශිව දෙවියන් සහ පාර්වතිය බවයි.

මහාචාර්ය පරණවිතානයන් පවසා තිබෙන්නේ මේ, සාලිය සහ අසෝකමාලා බවයි.

ශිව සහ පාර්වතී කතාවත්, සාලිය අසෝක මාලා කතාවත් පසුව සොයා ගමු.

ඇත්තටම මේ ඉසුරුමුණි යුවල කවුරැන්දැයි කවුරු දනීද?

ඉතිහාසයේ තිබෙන ආකාරයට නම් මේ ගල් කැටයම වෙනත් ස්ථානයකදී නිම කර, ඉසුරුමුණියට රැගෙනවිත් තිබෙනවා.

image.png
Source

මේ ඉසුරුමුණිය පෙම් යුවල දෙස බලාගෙන කොතෙක්නම් කවි ගීත එදා මෙදා තුර ලියවෙන්න ඇතිද.

මගේ හිතට ඔවුන් ගැන සිතුනෙ මේ වගේ දෙයක්. හුදෙක් මගේ කවි සිතිවිල්ලක්.

කවි හුගක් ලියනවා
ඉසුරුමිණියේ පෙමට
යුවල නුඹ කැටයමක්
වුවේ කෙලෙසක කිමෙද

පෙමක් නොව අප උන්නෙ
කැටයමට රුව දෙන්න
කෙටුවෙ ඔහු ගලේ නොව
හදවතෙයි ඒ හැගුම

ප්‍රේමයෙන් පටන් ගන්නා කොතෙකුත් කතා ඇත. එමෙන්ම, ප්‍රේමයෙන් අවසාන වන කොතෙකුත් කතාද ඇත.

ආරම්භයත් අවසානයත් අතර ප්‍රේමය හා විරහව වෙනස් වෙනස් අයුරින් බලපාන කතා ලක්ෂ ගනන් අප නොදැනුවත්වම මැකී යනවාද ඇත.

ඉතිං ඉසුරුමුණිය මේ කුමන කතාවක්දැයි නොදන්නාතාක් අපට එය මිහිරි කැටයමකි,කතාවකි, කවියකි.

යම් දිනක ඔවුන්ගේ කතාව දැනගතහොත්, තවදුරටත් කුතුහලයක් නොමැති වේවි. ඇතැම් විට මිහිරි බවද ගිලිහේවි.

එය දන්නා අයෙක් නොමැති හෙයින්, මේ නොදත් පෙම් යුවලට, තවත් බොහෝ කල් කවි කල්පනා බිහි කරන්නත්, ප්‍රේමයේ නිදසුන වී සිටින්නත් හැකි වේවි.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

ගලක් හින්ද ඉන්නව මිසක් නැත්තන් මේ දෙන්නත් ඩිවෝස් වෙලා මොකද කෙල්ලො ගාව වැඩිවෙලා ඔහොම ඉන්න බෑනේ 🤯

Ekanm athdakimak wage 😂

විනාඩි 5යි හිටියේ මගේ අහින්සක පාට පේනවනේ ෆොටෝ ගන්නව වැර්දීලු

A0289137-A176-4904-831E-06F0CE38903E.jpeg

😂😂

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 70786.17
ETH 3822.35
USDT 1.00
SBD 3.50