බබාගේ බාප්පා

in Steem Sri Lanka2 years ago

දැන් මාස කීපයකට කලින් අපේ ගෙදරට චූටි බට්ටිච්චෙක් ආවා කියලා මම දවසක් කිව්වා නෙ. අපි එයාට දුන්න නම තමයි "ඔශෙලි".

ඔන්න ඉතිං අපේ ඔශෙලි බබා ගෙදර ආවට පස්සෙ ඉඳලා එයාගෙ බාප්පා දවස් කීපයක්ම බබාව බලන්න එන්න මගෙන් ඇහුවත්, එක එක හේතු නිසා කල් ගියා. කොහොම හරි ගිය මාසෙ දවසක, තෑගි එහෙමත් අරගෙන ඔශෙලිගෙ බාප්පා මෙහේ ආවා. බබාට විතරක් නෙමෙයි, පුංචිටත් කේක් එහෙම ගෙනත් තිබුනා 😁.

ඔශෙලි බලන්න එන්න ඇවිත් බස් එක එහෙම මග ඇරිලා පොඩ්ඩක් විතර රස්තියාදු වෙන්නත් උනා.

WhatsApp Image 2022-11-30 at 21.03.20.jpegතෑගි

මේ තමයි ඔශෙලි බබාගෙ බාප්පා මුලින්ම අපේ ගෙදර ආව දවස. කලින් අක්කගෙ වෙඩින් එකේ දෙවනි මනමාලයා උනාට අපේ ගෙදර එන්න උනේ නැ එදා. මේ දවසෙ තමයි, එයා දැනගත්තෙ මම කොච්චර කැපවීමෙන් ද කොලඹ එන්නෙ කියලා. සති අන්තයේ දවස් වලට බස් නැති නිසා, තාත්තා තමයි සියලුම ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නෙ 🤕.

ඔශෙලි බබා බලන්න ආවට, බාප්පට එයාව වඩාගන්න උනෙත් නැ. එයා පොඩ්ඩක් චුරු බුරු වෙලා හිටිය දවසක් එදා. අඬන්න මූන හදාගත්ත ගමන්මයි. වෙනදට මගේ ඇඟේ එල්ලිලා ඉන්න කෙනා එදා මාත් එක්කත් තරහා වෙලා වගේ. සමහරවිට පුංචිව බෙදාගන්න වෙනවට තරහා උනාද දන්නෙත් නැ.

image.png

ඒ දේවල් කොහොම වෙතත්, අම්මත් එක්ක එකතු වෙලා අපි මේ බාප්පා කොල්ලට රස කෑම වේලක් හදා දුන්නා. අම්මත් එක්ක එකතු වෙලා කිව්වට මම එදා මගේ හැකියාවන් පෙන්නන්න ගියේ නැ ඉතිං. අම්මට සහායක උනා විතරයි. මගේ ඉවුම් පිහුම් කුසලතා පෙන්නන්න තව කල් තියෙනවනෙ.

බාප්පා ආව වෙලාවෙ චුරු චුරු වෙලා අඬාගෙන හිටියත්, අරගෙන ආව තෑගි වලටනම් ඔශෙලි හරි කැමති. වැඩියම කැමති ඒවා හපන්න තමා 😂. මේ දවස් වල ඒක තමයි ඔශෙලිගෙ ප්‍රියතම රාජකාරිය.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

Aye enna one lagadima chuti doni balala yanna...

Doni n Punchi 🤭

doni witarak balanna awama doni case @imanthadd

🤣🤣🤣

Anee harima lassana namak babata dala tiyenne 💖

Thanku 😍

එයාට ලස්සන නමක් දාලා.😍

මේ දවස් වල ඒක තමයි ඔශෙලිගෙ ප්‍රියතම රාජකාරිය.

😁❤

ow. nama torannath mahansi una sahena

anee e name eka mara lassanai... ow chuty babalage wade ithin sellam baduwak hari hapa hapa inna eka thamai.. hee hee..

Api itin eyage kolam balagena innawa

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 71191.31
ETH 3811.63
USDT 1.00
SBD 3.48