නොදන්නා ගමනක දිනයක් - සිව්වන කොටස - 5% to Sl Charity

in Steem Sri Lanka2 years ago

WhatsApp Image 2022-05-16 at 10.21.58 AM (1).jpeg

ඔන්න ඉතින් ඉතාමත් උද්වේගකර සිද්ධිමාලාවක් ගෙවිලා ගිය කාලයක් තමයි පහුගිය දවස් කිහිපය. මමත් සතියක විතර කාලයක් තදබල විදියට අසනීපවෙලා හිටියේ. අද තමයි ඔලුව උස්සගන්න පුලුවන්කමක් ලැබුනේ. ඉතින් මං අද කියන්න යන්නේ මගේ චාරිකාවේ ඉතිරි කොටස ගැන. මං හිතනවා අපේ යාලුවෝ කලින් කොටස් තුනම කියවන්න ඇති කියලා. කලින් කොටසේ මගේ කතාව නතරවෙද්දී අපි හිටියේ පොතුවිල් නගරයේ. දහවල් ආහාරයෙන් පසුව අලුතෙන් මිලදීගත් බඩු භාණ්ඩත් බයික්වල බැඳගෙන අපි නැවතත් අපේ ගමන ආරම්භ කලා. තවමත් අපි මේ කොහෙද යන්නේ කියන කුතුහලය හිතේ තියාගෙන තමයි අපි ගියේ. ටිකෙන් ටික අපේ ගමන් මාර්ගය පටුවෙන ආකාරයක් තමයි දිස්වුනේ. පටු මාර්ගය අවසානයේ අපි වැටුනේ වැලි පාරකට. මුහුදු වැලි සහිත මේ මාර්ගය දෙපස විශාල සොහොන් කොත් ප්‍රමාණයක් දැකගැනීමටත් අපිට හැකි උනා. සොහොනක් මැදින් ගමන් කිරීම හිතට පොඩි චකිතයක් ගෙනල්ලා දුන්නත් හිතේ තිබුණු කුතුහලය නිසා ඒ ගැන වැඩි දැනීමක් තිබුනේ නෑ.

WhatsApp Image 2022-05-16 at 10.21.58 AM.jpeg

අපේ ගමනාන්තයට අපි ඇවිල්ලා කියලා තේරුනේ ඉදිරියෙන් පෙනෙන්නට තිබුණු ලස්සන මුහුදු තීරය දැක්කම. අපි ඇවිල්ලා තිබුනේ පානම වෙරළට. ලංකාවේ තියෙන ලස්සනම වෙරළක්. අපි එතනට යද්දී වාහන දෙක තුනක් විතරයි රථගාලේ තිබුනේ. අපේ බයික් ටිකත් එතනින් නවත්තලා අපි ගියේ කඳවුරු බඳින්න හොඳ තැනක් හොයාගන්න අදහසින්. සුදුසු තැන් කිහිපයක්ම හමු උනත් අපි හැමෝම කැමති උනේ ලොකු ගල් ගොඩක් ළඟ මුහුදු වෙරලේම තිබුණු ස්ථානයකට.

WhatsApp Image 2022-05-16 at 10.21.57 AM.jpeg

තැන තෝරාගෙන ඉවර උනාට පස්සේ බඩු ටිකත් උස්සගෙන පයින්ම යනවද නැත්නම් බයික් එක වෙරළටම ගන්නවද කියලා ටිකක් වෙලා කල්පනා කරා. මෙච්චර දුරක් ඇවිල්ලා බයික් එක මඟ දාලා යන්නේ මොකටද. කෙලින්ම කඳවුරු බඳින තැනටම බයික් ටික ගත්තා. ඇත්තටම ඒක අපි හිතන තරමටම ලේසි උනෙත් නැහැ. බඩුවල බරත් එක්ක බයික් මුහුදු වැල්ලේ එරෙන්න ගත්තා. ඒත් ඉතින් අපි මගින් හැරෙන ජාතියක් නෙවෙයිනේ. ඔන්න ඉතින් ඊටපස්සේ බයික් ටික නවත්තලා අපි අරන් ගියපු බඩුමුට්ටු බිමට බාගත්තා. ඊටපස්සේ බිස්කට් එකක් කනගමන් කෝපි එකක් හදාගෙන බීවා. ගල් තලාවේ හැදිලා තියෙන ස්වභාවික ගල් ගුහාවකට වෙලා අපි අව්ව අඩුවෙනකන් පොඩි විවේකයක් ගත්තා.

WhatsApp Image 2022-05-16 at 10.21.56 AM.jpeg

බයික් නවත්තලා තියෙන හින්දා අපේ තැන නැතිවෙන්නේ නෑ කියලා විශ්වාස හින්දා තමයි අපි අව්ව අඩු වෙනකන් එතන විවේක ගත්තේ. ඔන්න ඉතින් ඉර අව්ව ටිකක් අඩු උනාම අපි අපේ කඳවුරු බැඳීම ආරම්භ කරා. එතනින් එහාට කතාව මං ඊළඟ කොටසෙන් ගේන්නම්.

Sort:  

Lassana trip ekak. Lassana beach ekak.

Coin Marketplace

STEEM 0.27
TRX 0.11
JST 0.030
BTC 71227.76
ETH 3816.97
USDT 1.00
SBD 3.43