A Long Walk To Freedom...

in Steem Sri Lanka2 years ago

09.07.2022

මේ දවස මෙතරම් සතුටුදායක වෙයි කියලා බොහො පිරිසක් හිතන්න නැතුවට ඇති.. ඇත්තටම මම ත් Galle Face පිටිය දෙසට යන්නට පෙර එහෙම තමයි හිතාගෙන හිටියේ.. අපි එකිනෙකාට එදා උද්ඝෝෂණයේ අමුතු අමුතු අත්දැකීම් ටිකක් ඇති. මේ මාගේ පෙලගස්මයි..

d10.jpg

9 වෙනිදා ගෝල් ෆේස් යනවා කියලා කස්ටියට දැනුම් දුන්නේ සතියකට වගේ කලින් ද කොහෙද.. මම මේ දවස් ටිකේම හිටියේ කැම්පස් එක පැත්තේ.. මේ පාර අපේ union එක කොළඹ කැම්පස් එකේ union එකත් එක්ක එකතු වෙලා දෙගොල්ලොම එකට කොළඹ කැම්පස් එක ලඟ සිට පාගමනින් යන්න තමයි සැලසුම් කරලා තිබ්බේ..

7, 8 කියන දවස් වල පෙළපාලියට අවශ්‍ය පෙර සුදානම් කටයුතු සිද්ද උනා.. ළමයින්ට, lectures ලට යන්න බස් කතා කරගන්න එක ටිකක් අමාරුය උනා. 08 වෙනිදා රැලියට අවශ්‍ය බැනර්, බෝඩ් වල අදින ඒවා සිද්ද උනා. ළමයින්ගේ නොමද සහය නිසා ඉක්මනින් වැඩ ඉවර කරගන්න පුළුවන් උනා..

d02.jpg

දැන් 9 වෙනිදා.. කැම්පස් එකට කැම්පස් එකට සම්බන්ද පිරිස එකතු උනා. අපේ හරිත් අය්යත් මුණගැහුනා කැම්පස් එකේදී.. පස්සේ බස්රථ ආවට පස්සේ පිරිස කොළඹ විශ්වවිද්‍යාලය බලා ගියා.. ලමයි පිරිසකට ඉඩ මදි උනා. ඒ හින්ද ආපු බස් එකකට ආයේ ගිහිල්ල එන්නත් උනා.

kol.jpg

එම පිරිස පැමිණි පසු අප පාගමන පටන් ගත්ත.. කොළඹ විශ්වවිද්‍යාලයේ සිට Galle Face දක්වා තමයි එන්න හැදුවේ. එන මග අපිට සංග්‍රහ නොමදව ලැබුනා. Lectures ලත් අපිට කෑම හදන් ඇවිල්ල තිබ්බ. මම අපේ department එකේ කල්ලියක් එක්ක තමයි ගියේ. ලොකු group විදියට යන්න ගියාම සෙනග අතරෙන් යන්න කරදරයි.

gif 3.gif

අපි කොටුවට එනකොට ඒ හරියේ පිරෙන්න සෙනග. ඒ හින්ද අපි ප්‍රධාන පෙළපාලියෙන් මිදිලා අපේ කල්ලිය ඉඩ තීන තැන් වලින් ගියා. ඒම ගිහිල්ල මුලින්ම අපි ගියේ "ජනාධිපති ලේකම් කාර්යාලය"ට. ඒ වෙනකොට සිවිල් ජනතාව ඒක ආක්‍රමණය කරලා තිබ්බේ. අපි එන්න කලින් වෙඩි තැබීමක් වෙලා තිනවා. එයින් කෙනෙක් ජිවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

d05.jpg

අපි ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ගිහිල්ල Galle Face එකට යන්න හැදුවේ. එතකොට ත් එකේ දොරවල් ඇරගන්න ලොකු උත්සහයක් මිනිසුන් දරමින් සිටියේ.. මට‍ එතන එච්චර safe ගතියක් දැනුනේ නෑ. ඒ එක්කම අපේ සෙට් එක දෙකට කැඩුන. විනාඩි 15ක විතර මෙහෙයුමකින් පස්සේ කස්ටිය හොයාගෙන අපි Galle Face Road එකට ආව.

gif 2.gif

මේ හරියේ මාර සෙනගක් හිටියේ.. මිලියනයකට වඩා ඇවිල්ල කියලා තමයි කියලා තිබ්බේ. අපි එතනින් පොඩ්ඩක් One Galle Face එක පැත්තට යනකොට මගේ පරණ යාලුවෝ කීපදෙනෙකුත් මුණගැහුනා. එක වෙනම අත්දැකීමක්‌.

d11.jpg

අපි ඔහොම ඉන්නකොට තමයි අපිට ආරංචිය ආවේ "රනිල් වික්‍රමසිංහ" අයින් වෙනවා කියලා. එතකොට Galle Face එකේ හිටපු අය ප්‍රීතියෙන් උද්දාමයට පත් උනා. අපිට ඒ වෙලාවේ මාර සතුටක් දැනුනේ.. මේ සටනේ කොටස්කරුවෙක් උන එක ගැන..

අරගලය වගේ නෙවෙයි දැන් කස්ටියට බඩගින්න.. Pizza Hut එකේ offer එකක් තිනෝ දැකල One Galle Face එකේ එකට යන්න හැදුව, එක වහල.. Galle Face අවට හුඟක් Shopping Malls වහල තිබ්බේ. ඒ හින්ද කන්න තිබ්බේ පොඩි පොඩි පෙට්ටි කඩ. දැන් කස්ටියට සතුටට පෙට්ටි කඩ වල කාල මදි.
ඒකය් අව්ල..

d01.jpg

ඉතින් අපි ඔහොම කඩ හොයාගෙන කොල්ලුපිටිය පැත්තට ගියා.. Keells ත් හැමතැනම වගේ වහල තිබ්බ. ඔහොම යනකොට "අරලියගහ මන්දිරේ" හම්බුනා.. බඩගින්න පැත්තකට තියලා කස්ටිය ඒකට ගියා.. ඇතුලේ සාමාන්‍ය මිනිස්සු හුඟක් හිටිය. තිබුන භාණ්ඩ වලට එච්චර ම හානියක් කරලා තිබ්බේ නෑ. හැබැයි ඒවා හොඳට use කරලා තිබ්බ 😂

අරලියගහ මන්දිරේ තිබ්බ පරණ පින්තුර වලට ඒම හානි කරලා තිබ්බේ නෑ.. ලස්සනට තිබ්බ කරත්තයක් නම් එලියට අරන් තිබ්බ. හුඟක් අයගෙ අවධානය අරන් තිබ්බේ washroom ඒකය් bedroom එකය් තමයි. මන්දිරය ඇතුලට ආපු නැති අපේ සෙට් එකේ ප්‍රබල විරෝධය නිසා අපි ඉක්මනින් එලියට ඇවිල්ල ආයේ කෑම හොයන මෙහෙයුමට ආව..

d08.jpg

කොහොම කොහොම හ‍රි Liberty Plaza එකටම එන්න උනා අපිට. ඒකත් වහල.. හැබැයි ඒකෙ පහල තිබ්බ Keells එක ඇරලා තිබුනේ.හැබැයි ඒකෙ kitchen එක වහල. ඒත් පෙති පාන් වගේ කන්න පුළුවන් දේවල් ඒම තිබ්බ. අපි ඒම බඩු ටිකක් අරන් ඒවා සෙට් කරන් කෑව. හුඟක් කෑවේ නෑ.. මොකද අපි මොරටුවට ගිහිල්ල ආයේ කන්න බලාපොරොත්තුවෙන් හිටියේ..

මෙතෙක් වෙලා අපි හිතන් හිටියේ මොකක්හරි වහනයක් හම්බෙනකන් මොරටුවට පයින් යන්න. ඒ අතරේ කොටුවේ හිටපු ප්‍රෙන් කෙනෙක් කෝල් කරලා කීවා.. කෝච්චියක් කොටුවෙන් අද්දනවා.. කොල්ලුපිටියෙන් නගින්න කියලා.. ඒක ඇහුන විතරයි අපි ඔක්කොම Railway Station එකට දුවන්න ගත්ත. ගානට වෙලාවට එන්න පුළුවන් උනා. හැබැයි අපි ටිකට් ගත්තේ නෑ.. ගන්න උනෙත් නෑ..

gif 1.gif

කෝච්චිය මොරටුවේ නතර කරනවා කියලා තිබ්බ නිසා අපි chill එකේ ආව. මොරටුවෙන් බැස්ස වගේ නෙවෙයි දැන් කැම්පස් පැත්තට යන්න ත් ඕන නේ.. අපි එනකොටම වගේ බස් එකක් තිබ්බ කැම්පස් එක ගාවට යන.. ඒත් අපේ සෙට් එක කීවා පයින් යමු කියලා.. ඉතින් අපි ඒ කිලෝමීටර් 2, 3ත් පයින් ආව.

එන මගදී අපි කටුබැද්ද හන්දියේන් රෑ කෑම ගත්ත.. අරගෙන බොහොම අමාරුවෙන් බෝඩිමට ඇවිල්ල refresh වෙලා ගත්ත ඒවා කාල වැටුන වැටුන තැන් වල නිදාගත්ත..

නිදාගන්න ටිකකට කලින් තමයි කතානායක විශේෂ මාධ්‍ය ප්‍රකශයක් අරන් කිවේ ගෝටා 13 වෙනිදා අයින් වෙනවා කියලා.. 13 වෙනිදා වෙනකම් මොනවා කරයි ද මන්ද.. ඔහොම කියලා ගියේ නැති උනොත් කොහොමද.. ඒක තමයි da ආයේ 13 වෙනිදටත් කස්ටිය යන්න හදන්නේ Galle Face.. බලමු මොකකින් මොකක් වෙයි ද කියලා..

✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵✵
Sort:  

වෙලාවකට හිතෙනවා අපි කබලෙන් ලිපට වැටෙයිද කියල. මොකද අපි මේ වෙනකොටත් ඉන්නේ නහය දක්වා ගිලිලා. අපේ රට මෙහෙම ගෙවිලා ගියොත් හෙට දවස ගැන මොන වගේ බලාපොරොත්තු තියගන්නද? අරහේ 225 ජනාධිපතිකම ගන්න පොරේ. නායකයා තෝරාගන්න වෙන්නේ ඔය 225 න් එකෙක්ව. අනේ මන්ද මුන් බලයට තියන කෑදර කම නිසා කාටවත් මේක ගෙනියන්න උදව් දෙයිද කියල.

It was a great day! ඒකෙ කොටස්කාරයෙක් වුණ එකේ සතුට මේ ආර්ටිකල් එක පුරාම තියෙනවා.
ඒ කොහොම වුණත් ඔය මනුස්සයා අයින් වෙනකම් විශ්වාස කරන්නත් බෑ. 13 වෙනකම්ම මට නම් ඇත්තටම බයයි අවිනිශ්චිතයි.

13 වෙනකම්ම මට නම් ඇත්තටම බයයි අවිනිශ්චිතයි.

දැක්කනේ ඉතින් ගෝටා දාපු සෙල්ලම 😐

හරිම සතුටක් වගේම motivation එකක් ඇති උනා post එක කියෙව්වම. Campus අය ලොකු කොටසක් කරනවා මේ අරගලය වෙනුවෙන්. ඉක්මනින් ම අරගලයේ හොඳ ප්‍රතිපලයක් ලැබෙයි කියල හිතනවා.❤

දැනට හම්බ උන ප්‍රතිපල ගැන ඔබ සතුටුයි ද 🙂

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 65999.51
ETH 3019.75
USDT 1.00
SBD 3.71