ලෝරත් (Laura) දැන් මගේ ළඟ | 10% For SL-Charity

in Steem Sri Lanka3 years ago (edited)

1632235352074.jpeg

කොවිඩ් නිසා ගිය අවුරුද්දේ book fair එක මිස් වුණා. මේ අවුරුද්දේ කොහොමත් book fare එක පවත්වන්නේ නෑ . ඉතින් මම හිතුවා මේ පාර පොත් online order කරන්න. ඉතින් අද හවස මම order කරපු පොත් සෙට් එක ආවා. මට පුදුම සතුටක් දැනුනේ ඒ පොත් ටික අතට ගනිද්දි 📚.

කලින් අවුරුදු වලදි එකිනෙකට වෙනස් පොත් ගත්තට මොකද මේ පාර මම ගත්තේ පොත් series එකක්. මේ පොත් ටික මට හරිම විශේෂ පොත් ටිකක්. මොකද මම හරිම ආදරේ කරන පොත් සෙට් එකක් තමයි මේ. ගිය අවුරුද්දෙ ගන්නවා කියලා පෙරුම් පුරන් හිටියට ගන්න වුණෙත් නෑ. ඉහේ මලක් පිපුණා වගේ තමයි ඉතින් 📚.

IMG_20210921_163616.jpg

ලොව පුරා ජනප්‍රිය Little House කතා මාලාවේ Laura Ingalls Wilder ගැන කියවෙන පොත් ටික තමා මේ විදියට අද මගේ ලගට ආවේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි මම " ලෝරත් දැන් මගේ ළඟ" කියලා මේ ලිපිටය මාතෘකාව දැම්මේ කියලා. ඒත් ඔයාලට ප්‍රශ්නෙකුත් ඇති නේද?? ලෝරත් එක්ක තව කවුරු හරි ඉන්නෝද වගේ ප්‍රශ්නයක් 📚.

Little House කියන්නේ පරම්පරා පහක ජීවිත වටා ගෙතුණ ලස්සනම ලස්සනම කතා එකතුවක්. මම මේ පහළින් පෙන්නලා තියෙන්නේ ඒ පරම්පරා පහ. ඔයාලට පුළුවන් මේ link එකෙන් ඒ ගැන තවත් දැනුවත් වෙන්න. Internet එකේ search කරාම එයාලගේ photos පවා තියෙනවා. ඒවා පරණ photo. ඒත් එයාලව පොත් වලින් අදුර ගත්ත මට ඒ photo දකිද්දි පුදුම සතුටක් දැනෙනවා. මම දන්නවනේ එයාල කරපු කියපු දේවල් 📚.

IMG_20210921_224808.jpg

මම ඔය දාලා තියෙන පරම්පරා පහේ photos මම ගත්තේ අක්ක ලඟ තියෙන ලෝරගේ බබා, Little House: Rose years පොතකින්. ඇත්තෙන්ම කිව්වොත් Little House පිස්සුවට මාව ඇදල දැම්මේ මගේ අක්කා. එයත් මම වගේම පොත් පිස්සුව හොදටම තියෙන තවත් කෙනෙක් 📚.

ඉතින් ඔව්. ලෝරත් එක්ක තවත් කෙනෙක් මම ලඟ ඉන්නවා. ඒ තමයි ලෝරාගේ අම්මා කැරොලයින්. Little House:Caroline Years විදියට තමයි ඒ book series එක තියෙන්නේ. ඒ book series එකත් මම ලඟ තියෙනවා. ගෙදර ගියාම ඔයාලට පෙන්නන්නම්කෝ. පොත් හතකින් සමන්විත කැරොලයින් ගේ කතා මාලාවේ කැරොලයින් චූටිම චූටි කාලේ ඉදන් තරුණ වියට පත් වෙලා ඇයගේ ආදරේ ඇයට හමුවීම වගේ ලස්සන සිද්දි වලින් පිරිලා තියනවා 📚.

IMG_20210921_181247.jpg

ඉතින් කැරොලයින්ට හම්බෙන දෙවෙනි බබා ගැන, ඒ කියනේ ලෝරා ගැන තමයි මම අද ඉදන් කියවන්න යන්නේ. මේ වෙද්දි පොත් ටිකට කවර දාලත් ඉවරයි. හැම පොතකම ඉස්සරහ පිටුවේ අද දවස දාලා මගේ නමත් ලියලා තියෙන්නේ. පළවෙනි පොතේ Chapters දෙකක් කියවලා ඉවර කරා. මෙච්චර කල් තනියම හිටිය ලෝරගේ අම්මට ඔන්න මම ලෝරවත් ගෙනත් දුන්නා. ඊලග පාර ලෝරගේ පුංචි පැටියා Rose ව ගෙනත් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව📚.

මේ පොත් මේ විදියට නිර්මාණය වෙන්නත් හේතුව පුංචි රෝස් (ලෝරගේ දුව). ලෝරා පුංචි රෝස් ට කතන්දර කියලා තියෙනවා ලෝරගේ කුඩා කාලේ සිදුවීම ගැන. ඉතින් රෝස් ලෝරට කියල තියෙනවා අනිත් ළමයිනුත් මේ කතා අහන්න ආස වේවි, ඒ නිසා මේවා ලියන්න කියලා. ඒ අනුව තමයි ලෝරා මේ දේවල් ලියන්න පටන් ගන්නේ.. ලෝරට ඇයගේ මවගේ, මිත්තනිය ගේ, මී මිත්තනියගේ කතාත් මේ විදියට ලියන්න පුළුවන් වෙනවා ලෝරගේ ලොකු අම්මා ලෝරට කියල දුන්න කතා වලින් 📚.

IMG_20210921_163207.jpg

ලෝරගෙන් පස්සේ ඇයගේ දුව , රෝස් මේ විදියටම ඇයගේ කතාවත් ලියන්න පටන් ගත්තට මොකද රෝස්ට කතන්දර කියන්න ළමයි නැති වෙනවා. අන්න ඒ නිසා තමයි Little House කතා මාලාව පරම්පරා පහකින් නිම වෙන්නේ. අදටත් ඒ පරම්පරාවේ අනිකුත් සාමාජිකයන්ගේ මී මුණුබුරු මිණිබිරියන් ඇමරිකාවේ ඇති. ඒත් මේ වගේ ලියන්න වුවමනාවක් නැතුව ඇති📚.

ලෝරා ලියන්න පටන් ගත්ත නිසා තමයි අද අපිට මේ තරම් ලස්සන පොත් ටිකක් කියවන්න ලැබිලා තියෙන්නේ. එයාලා ජීවත් වුණ විදිය, අභියෝග වලට මූණ දුන්නු විදිය, කෑම හදන විදිය, පරිසරයේ සුන්දරත්වය මේ හැම දේම හරිම ලස්සනට මේ පොත් වල තියෙනවා. කියවන්න කියවන්න ආසයි. Little house Caroline years book series එක පරිවර්තනය කරපු කත්‍යානා අමරසිංහ මිස්ව සහ Little house Laura years book series එක පරිවර්තනය කරපු ගංඟා නිරෝෂිණී සුදුවැලිකන්ද මිස්වත් ආදරෙන් මතක් කරන්න ඕනි📚.

දුකින් වුණත් කියන්න ඕනි, මුල්ම පරම්පරා දෙකේ පොත් ටික තාම අපේ රටේ පරිවර්තනය වෙලා නෑ. ඒත් ලඟදිම ඒ සුභ ආරංචියත් එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් , ලෝරත් දැන් මගේ ලඟ.........❤️

-සඳුපි-
💚

Sort:  

ඉක්මනටම ඒ පොත් ටිකත් ගන්න වෙයි වගෙ. 😃 ඔයා කියපු විදියට පොත් ටික හොයන් හරි කියවන්න ආස හිතුන. පොත් ටික දැක්කම අපූරු ඉස්කෝලෙ මතක් වුනා. @sandupi

අපූරු ඉස්කෝලේ පොත් ටිකත් මරු 😍 ඔක්කොම කියවලා තියෙනවා... ඒත් එකම එක පොතයි තියෙන්නේ මම ලඟ. ඉතුරු ටිකත් ගන්න ඕනි... 🙊

ගෙදර පුස්තකාලෙට එකතු කරගන්න 😋😍

මමත් ගොඩක් ආසයි පොත් කියවන්න. Detective ඒවට තමයි වැඩියෙන්ම කැමති. 😇❤️

ගිය අවුරුද්දෙ book fair ගිහින් ආවට පස්සෙ ලෙඩ වෙලා දවස් 14කට office එකෙන් quarantine ත් කලා මාව. 🙊කොවිඩ් නෙමේ නිකම් හෙම්බිරිස්සාවක් හැදිලා තියෙන්නෙ.

මට අම්මා යන්න දුන්නේ නෑ ගිය අවුරුද්දේ 😥 අධික පිපාසාවෙන් හිටියේ මම..... 🙊🙊

අරගලයක් කරල ගියේ මමත් 🙊

අරගලයට ජය 🤣🤣🤣

මාත් campus ඉඳපු කාලේ හැම මාසෙම වගේ Royal Thaproban යනවා හිතට විවේකයක් ගන්න ගමන් ම පොත් ටිකකුත් ගන්න. සමහර වෙලාවට Royal Thaproban එකේ 70% වෙනකන් පවා Discountතියෙනවා. Corona ආවත් හරි පරණ පොත් ටික කියව කියව තමයි හිටියෙ.

මම හිතුවා මේ පාර පොත් online order කරන්න.

මේ වැඩේ කරලා බලන්න ඕනේ. මේ විදියට පොත් series එකක අයිතිකරයා වෙන එකේ සතුට දන්නෙ ඒවා එකතු කරන අයම තමයි. ❤️

Royal Thaproban එකේ 70% වෙනකන් පවා Discountතියෙනවා.

ඔව් ඔව්..අපේ හස්බන්ඩ් රුපියල් දාහට පොත් මිටියක් ගෙනාව මතකයි.

මම ගිහින් නෑ නේ එතනට.... මාත් යන්න ඕනි....☹️

යන්න යන්න.හිත නිවෙන තැනක් තමයි ඒක. Piano එකක් එහෙමත් තියෙනවා. එතන පොත් මිටි මිටි තියෙන්නෙ.

මේ වගේ series දෙක තුනක්ම තියේ මම ලඟ.... ඉස්කෝලේ යන කාලේ කියවපු අපූරු ඉස්කෝලේ පොත් සෙට් එකත් මම ලඟට ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ... 🙊

මාත් පොත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. ශර්ලක් හෝම්ස් පොත් තමයි මගේ favorite ම. ඒ පොත් කියවද්දි කාලේ යනවා දැනෙන්නේ නැහැ. mind relax කරගන්න තියෙන හොදම විදිහත් තමයි පොත් කියවන එක.

ශර්ලොක් හෝම්ස් කියන්නේ වෙනමම පිස්සුවක්...🙊

ඔයා කියල තියෙන විදිහට නම් ඒ පොත් කියවන්නම හිතෙනව.. ❤ මං ළඟත් තියෙනව පුංචි පුස්තකාලයක්. ඒත් කාලෙකින් පොත් ගන්න බැරිඋනා..

මටත් එහෙමයි.. මේ පොත් ටික ලැබුණම මාර සතුටක් දැනුනේ....

කොවිඩ් නිසා ගිය අවුරුද්දේ book fair එක මිස් වුණා. මේ අවුරුද්දේ කොහොමත් book fare එක පවත්වන්නේ නෑ .

Next year ekewatg tbbot hodai 😣

Ow... me vdyt online order karala ganne karanna deyk nathi nisa.... habai ethanata ghn aluth poth wala suwadath ekka e ganna athdakeemath amuthuma deyak...

මටත් ඕනෙ ඒ පොත් ටික කියවන්න . මම ඒ පොත් එකක් වත් කියවල නෑ 😶

හා මම දෙන්නම්.... 😍😍 හරිම ලස්සනයි මේ පොත් ටික...📚

ඉස්කෝලේ යන කාලෙනම් ගොඩක් පොත් කියෙව්වා.. ඒත් ළඟකදිනම් කියවලා නෑ පොතක්..

ඔව් ඉස්කෝලේ කාලේ එක්ක බැලුවම අපි දැන් පොත් කියවනවා අඩුයි..... ☹️

අන්තිමට book fair ගියේ 2009 එදා ඉඳන් තාම ආයේ යන්නේ කවද්ද හිතනවා. මේ පාරත් බැරි වෙයි වගේ 🥺.
ලොරගේ පොත් කියවන්න පුරුදු කරේ 6 වසරේ මගේ පන්ති භාර ටීච. මන් ගාව ලෝරගේ ලිට්ල් හවුස් පොත් 5ක් තියෙනවා එකක් එකක් යාලුවෙක්ට දීලා හම්බුනේ නෑ. ඉතුරු පොත් ටිකත් ගන්න ඕනි ☺️

ටීච හොඳ වැඩක් කරලා තියෙන්නේ....😍

ලෝරාගේ පොත් ටික ඔක්කොම මාත් කියෙව්වා. ආයෙමත් කියවන්න ආස හිතුන මේ පෝස්ට් එක දැක්කාම​ 🙈.

එහෙනම් ලෝරගේ අම්මගේ කතා ටික කියවන්න....🙊

ඒ ටික හොයා ගන්න ඕන😁.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.033
BTC 63123.52
ETH 3121.26
USDT 1.00
SBD 3.88