Film review| Premalu

in Steem Sri Lanka14 days ago
සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා

නිතරම films බලන්න වෙලාවක් නැති උනත් නිදහසක් ලැබුනම මම කරන්න කැමතිම දෙයක් තමයි film බලන එක.
ඉස්සර නම් මම මලයාලම් Film බලන්නෙම නැති තරම් , ඒ වුනාට June , Peremam Films බැලුවට පස්සේ මලයාලි Film බලන එක නම් නැවැත්තුවේ නැ. මේ අවුරුද්දේ එලියට ආපු Anweshippin Kandethum , Abraham Ozler ,Manjummel Boys වගේ වෙනස් Film එක්ක එලියට ආපු සාම්ප්‍රදායික Film එකක් තමයි Premalu , ඒ වගේම මලයාලම් , තෙළිඟු වගේ Film වල Qulity එක වගේම story එකත් දැන් හොඳ තැනක තියෙනවා.

IMG-20240418-WA0000.jpg
Source
කොහොම වුනත් IMDb Rating 8.3 තියෙනවා කියන්නේ අනිවාර්යයෙන් Film එක ඇතුලේ මැජික් එකක් තියෙන්නම ඕන.

Romantic Comedy විදියට එලියට එන Premalu Film එකේ සාම්ප්‍රදායික ආදර කතාවක, ඒක පාර්ශවික ආදරයක් කියාගන්න බැරි අවුරුදු 20 ක කොල්ලෙක් , එයාටම සෙට් වෙන යාලුවෙක් වගේම , තමන්ගේ ආදරයට හරහට ඉන්න දුෂ්ටයෙකුත් ඉන්නවා.

කතාවේ වීරයට තමන්ගේ ආදරය සෙට් වෙන්නේ මගුල් ගෙදරකදි , කෙල්ල වැඩ කරන්නේ Software Company එකක, ඒ company එකේ Team එකේ Leader තමයි කතාවේ දුෂ්ටය.
කොල්ලාට තියෙන එකම හීනය තමයි UK යන එක. ඒ අතර සිදුවන සිදුවීම් කීපයක් නිසා තමයි මේ ආදර පට ලැවිල්ල පටන් ගන්නේ. අවසානයේ තමන්ගේ ආදරේ ගැන කෙල්ල කොල්ලට කියනවා.

" ඔයා හයිද්‍රාබාද් දාල යනවට මම කැමති නෑ.
ටික දවසක් ඔයා මෙහෙ හිටියෙ නැති වුණාමයි මට තේරුනේ,
ඔයා එදා ඇහුවා නේ ද? ඔයා මාව බලාගන්න එක සතුටු නැද්ද කියලා?
මම ඇත්තටම ඒකට සතුටු වුණා. මම ඒකට කැමතියි.
ඔයා මෙහෙන් ගියොත් මට හුඟක් පාළු දැනෙයි.
මට ඔයාව මග හැරගන්න උවනාවක් නෑ.
ඔව් ඇත්ත තමයි, මගේ ජීවන සහකාරය ගැන මට තියෙන ආකල්පෙට මුලුමනින්ම විරුද්ධ කෙනෙක් ඔයා.
ඒත් මගෙ යටි හිත මට කියනවා, මං හිතන්නේ
මං ඔයාට ආදරෙයි කියලයි
සචින්,.........
I Love you .. "

IMG-20240418-WA0001.jpg
Source
කොල්ලාට ඉන්නේ මලයාලම් සුපිරි තරුවක් image , කෙල්ලවනම් මම ගොඩක් දැකපු නැති කෙනෙක්.

කිසිම කම්මැලි කමක් නැතුව පැය 2ක් තිස්සේ අාසාවෙන් බලන්න පුලුවන් Film එකක් තමයි මේක. මේක කතාව සම්පූර්ණයෙන් කියන් යන්න හිතෙන්නේ නැත්තේ ඇත්තටම Film එක බලල ලැබෙන ඒ හැඟීම ඔයාලටත් දැනෙන්න ඕන නිසා..

ආදරේ කරන්න හැමොටම පුලුවන් වුනාට , අනෙකාගේ හදවත සනසමින් ආදරය කල හැක්කේ සුවිශේෂී කෙනෙකුට විතරයි....

එහෙනම් Film එක හොයාගෙන අනිවාර්යයෙන්ම බලන්න..

Sort:  

ගොඩක් FB එකේ එහෙම video share වෙනව දැක්ක.බලන්න ඕන හොද movie එකක් වගේ ❤️😍

ඕක බලල ගොඩක් දවස් නේද.මට තාම බැරි උනා බලන්න🥲

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.031
BTC 57410.43
ETH 2916.25
USDT 1.00
SBD 3.67