නැති බැරි අයට පුංචි හයියක් වෙමු.

in Steem Sri Lanka4 months ago

අද මම ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජික සාමාජිකාවන්ට විශේෂ මතක් කිරීමක් කරන්න යන්නේ. මම හිතන්නේ මේ ගැන අළුතින් මේ ප්‍රජාවට සම්බන්ධ වෙන අයට දැනුවත් බාවයක් නැතිව ඇති. මම වුණත් දැන ගත්තේ මේ ප්‍රජාව හරහා ලිපි කියවීමෙන්. ඒ සමගම ඒක මටත් අවස්ථාවක් වුණාම මට ඒ ගැන ලොකු හැඟීමක් ආවා. ඉතින් කියවල බලන්නකෝ මම අද මොකක් ගැනද ඔයාල සමග බෙදා ගන්න යන්නේ කියල. මෙන්න මේකයි.

slchaerity.png
design by Canva

image.png

මේ ළඟදි මට පාසල් යන දරුවෙකුට ක්‍රීඩා සපත්තු දෙකක් සොයාගන්න උදව් වෙන්න කියල එක අම්ම කෙනෙක් ඉල්ලීමක් කළා. නමුත් ඒ වර්ගයේ සපත්තු පාවිච්චි කරන මම දන්නා කෙනෙක් නැති නිසා මට අවංක උවමනාවක් ආව මේ අම්මට උදව් කරන්න කියල. ඒත් ඒ අවස්ථාවේ මට එතරම් මුදලක් ඒ කියන්නේ ඒ සපත්තු දෙක රුපියල් 7000/- ක් වැය කරන්න අමාරු නිසා මම දන්නා මුහුණු පොතේ group කීපයක මේ කතාව යොමු කරලා හැකි කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවා. ඒත් කිසිම කෙනෙක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැති නිසා මම කල්පනා කලා මේ දරුවට උදව් කරන්නේ කොහොමද කියල. ඒ පවුල වැටිලා ඇති අගාදය ගැන වැටහීමක් ඇති වුණ නිසා මගේ හදවතින්ම කීවේ මේ අම්මට උදව් කරන්න කියල. මෙහෙම කල්පනා කරද්දී මට මතක් වුණා sl-charity එක මේ ආකාරයේ උදව් කරලා steemit එකේ බෙදා ගන්නවා. ඉතින් මම නිකමට වගේ sl-charity එකට කතාකරල මේ විස්තරේ කියල ඇහුව උදව්වක් දෙන්න පුළුවන්ද කියල. ඒ පුතා බොහෝම උවමනාවෙන් ඒකට කැමති වෙලා sl-charity එකේ fund එකෙන් සල්ලි දුන්න ඒ පවුලට උදව්වක් වශයෙන්.

ඉතින් මම ඒ මුදලින් සපත්තු දෙකක් මිලදී අරන් ඒ පුතාට ගෙදරට එන්න කියල භාර දුන්න එයත් අම්මත් ගොඩාක් සතුටු වෙලා පින් දුන්න. ඉතින් අපිට මේ වගේ නැති බැරි අයට හයියක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. ඒ නිසා මම ශ්‍රී ලංකා ප්‍රජාවේ හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාල අපේ ප්‍රජාවේ පල කරන හැම ලිපියකින්ම ඔයාලට ලැබෙන මුදලෙන් 5% ක් මේ අරමුදලට බැර කරන්න කියල. ඒක කරන්න හරිම ලේසියි. මෙහෙමයි කරන්නේ ඔයාල පෝස්ට් එකක් පබ්ලිස් කරද්දී පෝස්ට් කියන බටන් එක ප්‍රෙස් කරන්න කලින් advance setting ප්‍රෙස් කරලා add account කියන එක ප්‍රෙස් කරන්න. එතකොට කොටුවක් එනවා ඒකට 5 ඉලක්කම දාල ඊළඟ කොටුවේ sl-charity කියල දාල save කියන එක ප්‍රෙස් කරන්න. එතකොට ඔයාගේ ආදායමෙන් 5% ඒ අරමුදලට බැර වෙනව. එහෙම එකතු වෙන මුදලින් තමා එයාල මේ වගේ නැති බැරි අයට උදව් කරන්නේ.

image 1.png

මමත් හිතා ගත්ත මින් ඉදිරියට මම අපේ ප්‍රජාවෙ පල කරන හැම ලිපියකින්ම 5% මේ අරමුදලට බැර කරනවා කියල. එහෙනම් ඔයාල හැමෝම මේ සත්කාරයට උදව් වෙන්න. නැති බැරි අයට ඇති හැකි අපි පුංචි මුදලක් බැර කරලා හයියක් වෙමු.

ඉතින් එහෙම නම් අපි අද ඉදල අපි පල කරන හැම ලිපියකිනම 5% මේ අරමුදලට බැර කරමු. ඔයාලට පුරුදු විදියට shy-fox එකටත් මුදලක් බැර කරන්න පුළුවන්. එසේ නම් අපි අපේ පුංචි 5% න් නැති බැරි අයට හයියක් වෙමු.

Image 3.png

image.png

ස්තුතියි.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

Congratulations!

Your post has been upvoted by @steemladies.
The community where the Steemian ladies can be free to express themselves, be creative, learn from each other, and give support to their fellow lady Steemians.

Manually curated by patjewell for Steem For Ladies

Steem For Ladies

Thank you for the support.

අපි කාලෙකට කලින් Sl-charity එක හරහා උදව් ඕනෙ ගොඩාක් අයට ගොඩාක් පාරක් උදව් කළා. ඒක මතක් වෙනකොටත් ගොඩාක් සතුටුයි. ආයෙම පාරක් කවුරුහරි උදව් ඕනෙ කෙනෙක්ට මේ හරහා උදව් ලැබිලා තියෙනවා දැක්කමත් සතුටුයි. Will start adding benificieries for sk-charity again! ❤️

Thank you for this kind post!

මට මේ ගැන හරි වැටහීමක් ලැබුණේ මම ඒකෙන් උදව් ගත්තම තමා. දැන් මට ඒකෙ වටිනාකම හොදින් දැනෙනෙවා. ඒ නිසා මම ශ්‍රී ලංකා ප්‍රජාවේ පලකරන හැම ලිපියකින්ම 5% දාන්න තීරණය කළා. අපි එහෙම කරලා නැති බැරි අයට හයියක් වෙමු. ස්තුතියි දුව.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 61220.17
ETH 2979.22
USDT 1.00
SBD 3.73