NO ONE IS GUILTY UNTIL PROVEN or it's just NO ONE IS GUILTY ?

in Steem Sri Lanka3 years ago (edited)
ඇත්තටම අද දාන්න හිටියේ මේ Post එක නෙවෙයි. නමුත් හදිසියේම ඇතිවුණු සිතුවිල්ලක් නිසා මේක ලියන්න ම ඕනැයි කියල හිතුනා. මේ ලියමනට ප්‍රස්තුතය වෙන්නේ @champikawije65 නැන්දා දාපු පරීඩා මේ යතුර දීපන් post එක. ඒක හරිම ලස්සනට පද බැදපු කාව්‍යමය නිර්මාණයක්. මං හිතනවා ඔයාලා ගොඩක් අය ඒ artical එක කියවන්න ඇති කියලා. එහෙම කියවපු ගමන් ඒ කතාවේ කතා නායකයා ගැන ගොඩක් අයට දැනෙන්න ඇත්තේ පිළිකුලක්. ඒත් මං අද කියන්න යන්නේ ඊට යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

Game Day Livestream.png

මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි, කිසිම පුද්ගලයෙක් හිතාමතා කාටවත් අවැඩක් වන අරමුණින් වැරදි කරන්නේ නැහැ කියන එක. මේකට ගොඩක් අය එකඟ නොවෙන්න පුළුවන් . ඒත් අපි අදාල ප්‍රශ්නයේ කෙළවරටම ගිහින් කල්පනා කළොත් ඒ ඒ පුද්ගලයන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන් ගන්නෙ තමාට ඒ අවස්ථාවේ තියෙන හොදම විකල්පය. නමුත් ඒ ඕනෑම තීරණයක අන් අයට හානි වන ආකාරයේ ප්‍රතිවිපාක (Consequences) තියෙන්න පුළුවන්. ඒක අර පුද්ගලයා හිතා මතා කරන දෙයක් නෙවෙයි. ඔහු ඒ අවස්ථාවේ සිටින මානසිකත්වයත් එක්ක අනෙක් අය ගැන හිතන්න ඉඩක් ඔහුගේ මනස තුළ නෑ කියන දෙය තමයි මං විශ්වාස කරන්නේ. එහෙම බැලුවම ඕනෑම සිදුවීමකට අදාල කිසිම වරදකාරී පුද්ගලයෙක් නැහැ.

JvFFVmatwWHRfvmtd53nmEJ94xpKydwmbSC5H5svBACH7z9GwMeYFNwJaVJnwaJgdNbKpKHP28zoQjvVATbCMYDoQcTU4T6kR5PuBELuJXJzEJpfgEHrRLUttE3CH1p3YNKtPeiwMG.jpg

JvFFVmatwWHRfvmtd53nmEJ94xpKydwmbSC5H5svBACH815TCa42gf35AyCrQ2agwLNHRE4G8PA6ApKAHRyjwxvDCyf3gMnZJsaVWSfTdrWeSkMnH8J7efdWKTNUkATz4zAZb6gWPp.jpg

පරීඩා මේ යතුර දීපන්

දැන් අපි බලමු මේ කාරණය කොහොමද මේ කතාවට ඈඳෙන්නේ කියලා. කවියේ එන හැටියට ඔහුට පළමු විවාහයෙන් වයස 24ක පුතෙක් ඉන්නවා. නමුත් දැන් ඔහු දික්කසාදයි. ඒ අවස්ථාවේ මට හිතුනු දෙයක් තමයි ඔහුට ඔහුගේ පුතාගේ මුහුණ වත් බැලීමට බොහෝවිට ඉඩක් නැතුව ඇති කියන එක. ඉතින් ඒ වගේ ඉන්න ඕනෑම පුද්ගලයෙකුට තමන් මොන මාලිගයක ජීවත් වුණත් එතන සැපක් නම් දැනෙන්නේ නෑ. මුළු ජීවිතයම හිස් විදියට ඔහුට දැනෙන්න ඇති. නමුත් ඔහුගේ ජීවිතයේ තව බොහෝ දුරක් ඔහු යා යුතුව තියෙනවා.ඒ කෙසේ වෙතත් ඒ තනිකමින් දිවි ගෙවන තුරා ජීවත් වෙනවා කියන එක අපි කාට උනත් ලේසි පාසු දෙයක් නෙවෙයි.

612666_free-download-20-hd-sad-boy-and-girl-alone-wallpapers_1920x1200_h.jpg
source

අන්න ඒ නිසාමයි ඔහුට මේ හමුවන රෝස පැහැති කණ්නාඩි පැළඳ ගත් නව යොවුන්වියේ යෞවනිය කෙරේ ඔහුගේ සිත ඇදී යන්නේ. ඇයව තම වසඟයට ගන්න මේ වියපත් බඹරා අහිංසක නුරාව මිශ්‍රිත සමා යදිනා බැලුම් හෙලනවා. ඔහු සිටින වේදනාව සහ දුකත් එක්ක ඔහු සොයා යන්නේ ඒ දුක් ගින්න නිවා ලන්න පුළුවන් සිසිලැති පවන් රොදක් විතරයි. තමන්ටත් ඒ තරම් වයසේ දරුවන් ඉන්නවා කියන එක ඒ වෙලාවේ ඔහුගේ මනසට මොනම ආකාරයකින්වත් එන්නේ නැතිව ඇති . ප්‍රේමය ඉදිරියේ වයස කියන්නේ ඉලක්කම විතරයි කියන කාරණය පසක් කරමින් ඒ දාහත් වියැති සුන්දරියත් තමා ගේ පියාණන් හා වයසින් සම මේ වියපත් බඹරා ට තම සිත පුදනවා.

යළිත් තමන්ගේ ජීවිතයේ යම් එළියක් ඔහුට පෙනෙන්න පටන් ගන්න ඇති.අතීතයේ විඳි දුක් කම්කටුලු වලට නිමාවක් එන සේයාවක් ඔහුට පෙනෙන්න ඇති .එනිසාම තමාගේ පළමු විවාහය ගැන කියලා ජීවිතයේ යළිත් පාරක් දුක් ආගාධයකට වැටෙන්නට ඔහු බිය වෙන්න ඇති.නමුත් අවාසනාවකට, වාසනාව මේ පාරත් ඔහුගේ පැත්තේ නෙවෙයි තියෙන්නේ.දෙවන කසාද දිවියත් දෙදරා ගිය මිනිහෙක් විදියට ඔහු සමාජයට එක් වෙනවා.දෙවැනි බිරියත් තමන්ගේ ප්‍රේමයේ දොර වහලා දාලා යතුර පරීඩා ට දීලා යන්න යනවා.මං මෙතන යතුර විදියට හැඳින් වූයේ දික්කසාදය. ඒ යතුරෙන් තමා ඔහු තමන්ගේ තුන්වන නිල ප්‍රේමයෙ දොරටු විවර කර ගත්නේ.

property-division-in-a-divorce-768x600.jpg
source

ඔහුගේ පැත්තෙන් ගත්තොත් සීයට සීයක්ම ඔහු නිවැරදි ඇති. ඉතින් ඔහුගේ සිතේ ඇඳුනු සිතුවිලි දාමය මං මේ විදිහට පද වලට නැගුවා. කියවලා බලන්න. ඔබ එකඟ නොවෙන තැන් තියෙන්නත් පුළුවන්. සංවාදයට විවෘතයි.

පළමු පෙම මෝරලා ගොස් වැඩු
පුතුට දැන් සා විසි වසක්
නමුදු වර නැත ඔහු දකින්නට
අම්මගෙන් නෑ අවසරක්😪
හුදකලාවේ මා වෙසෙන්නේ
මාලිගෙත් දැන් සාපයක්
තනිය පාළුව වෙලාගෙන මා
ගෙවීයයි හිස් කාලයක්
මේ ලෙසින් බෑ දිවි ගෙවන්නට
යා යුතුය තව බෝ කලක්
ඒ නිසාමයි මා හෙලන්නේ
සමා යදිනා හිනාවක්
රෝස පෑ කණ්ණාඩි දුටුවම
අප්ප බව නෑ මට දැනෙන්නේ
දාහතත් වයසක්ද කියලා
දෙවනි වරටත් යුග බැඳෙන්නේ
පරණ පෙම් පළහිලව් මොකටද
ඒක හින්දයි නොපවසන්නේ
හරිම පුදුමයි ඛේදනීයයි
ඇයත් මා හා උරණ වන්නේ
ජීවිතේ එක වතාවක් රෑ
වැටි වලේමයි යලි වැටෙන්නේ
පරීඩා ළඟ පෙම් යතුර තියලා
දෙවන බිරියත් නික්ම යන්නේ...😐

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිම පුද්ගලයෙක් තමන් ගන්න තීරණ වලදී වැරදි නැහැ . නමුත් ඒ ගන්න තීරණ වල දී අනිත් අය ගැනත් හිතන්න පුළුවන් නම් ඒක වටිනවා. නමුත් එහෙම නොගත්තා කියලා ඒ පුද්ගලයාට දෝෂාරෝපණය කරන එක මෝඩ වැඩක්. මොකද හැමෝටම තමන් කරන කාර්යය සම්බන්ධව නිදහසට කාරණාවක් තියෙනවා. කිසිම කෙනෙක් හිතා මතා වැරදි කරන්නෙ නෑ. ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න.එතකොට කාට කාටත් වෙන හිත් රිදීම් අඩු වෙයි.

5th annual music video convention.png

Sort:  

කිසිම පුද්ගලයෙක් හිතාමතා කාටවත් අවැඩක් වන අරමුණින් වැරදි කරන්නේ නැහැ කියන එක…

ප්ලෑන් කරල ගහන ගේම් ගැන ඇරෙන්න ඔයා කියන දේ තමයි මාත් විශ්වාස කරන්නෙ.

ඔව් එතකොට අපිට හිත හදාගන්න ලේසියි.

ප්ලෑන් කරල ගහන ගේම්

Plan කරලා game එකක් ගහන්නත් අදාල අයට හේතුවක් ඇති කියලා හිතමු.😇😜

හැම කතාවකම දෙපැත්තක් තියෙනවා. දෙන්නටම තමන්ගේ පැත්ත සාධාරණයි.

ඔව් ඒක ඇත්ත. 😇ඒ සාධාරණ පැත්ත එක පාරක යනතාක් කල් පවුල් ජීවිතය ගැටළුවක් නැතුව ගෙනියන්න පුළුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කිසිම පුද්ගලයෙක් තමන් ගන්න තීරණ වලදී වැරදි නැහැ . නමුත් ඒ ගන්න තීරණ වල දී අනිත් අය ගැනත් හිතන්න පුළුවන් නම් ඒක වටිනවා.

මේ කියමන බොහොම වැදගත් එකක්.අපි තනි මතයක ඉඳන් තීරණ ගත්තත් ඒ තීරණ තවත් කෙනෙකුට බලපානවා

ඔව්. අපි ගන්න තීරණ වලදී අනිත් අය ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ.😊 මොකද අපි ගන්න සමහර තීරණ වලින් අපිට තියෙන්නේ පොඩි බලපෑමක් වෙන්න පුළුවන්. ඒත් ඒක තවත් කෙනෙකුට ලොකු බලපෑමක් වෙන්න වෙන තීරණයක් වෙන්න පුළුවන්.

මිනිස්සු හිතාමාතා වෙනස් වෙන්නෑ.. ඒ ඒ අවස්ථාවේ ගන්න තීරණ අනුව දේවල් වෙනස් වෙනවා විතරයි. අන්න ඒ අවස්ථාවේ ගන්න තීරණය තමයි වැදගත්..

අන්න ඒ අවස්ථාවේ ගන්න තීරණය තමයි වැදගත්..

ඔව්. ඒ ගන්න තීරණ කලබල නැතිව හැම පැත්තටම සාධාරණ විදියට ගන්න හිත පුරුදු කරගෙන තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ☺️

ඒක ඇත්ත..

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.032
BTC 60913.71
ETH 2919.21
USDT 1.00
SBD 3.71