වෙසක් අසිරිය 🙏

in Steem Sri Lanka3 years ago

Hello Everyone !..


ඔයාලට කොහොමද? හැමෝම පරිස්සමින් ඇති කියල මම හිතනවා.වෙසක් අසිරියෙන් මුලු රටම ගිලිල නේද ඉන්නෙ. කාලෙකින් තමයි අපි හැමෝටම ආයෙමත් දන්සල් එක්ක වෙසක් සමරන්න අවස්තාව ලැබුනෙ.

ඉතින් මේපාර වෙසක් සමරන්න මට සිදුවුනේ කැම්පස් එකේ ඉදල.වෙන හැම වතාවකටම වඩා මේපාර අමුතුයි. වෙනද ගෙදර හදපු වෙසක් කූඩු මේපාර හැදුවෙ හොස්ටල් එකේ ඉදගෙන.
අපි හදපු කූඩුවලින් අපිට නියමිත කොටස අපි සැරසුවා. කොහොමහරි වෙසක් දවසෙ උදේම නම් එච්චර සුබ උනේ නෑ.උදේ ඉදන් වැස්ස නෙ.ඒ නිසා දන්සල් යන්න පොඩ්ඩක් පරක්කු උනා අපිට. හොස්ටල් එකෙ ඉදන් පාරට යන්න තියන පඩිපෙල බහිනකොට නම් බඩගින්න දෙගුන වෙලා තිබුනෙ.ඉස්සර වෙලාම අපි පේරාදෙණිය ටවුන් එකට ගියා.

බඩගින්න නිසාම දන්සල් යන්න කලින් කඩේකින් කෑවා අපි. ඊටපස්සෙ හෙමීට ඇවිදගෙන නුවර පැත්තට ආව.එතකොට නම් ඉතින් දන්සල් හම්බුනා අපිට. වෙනද කනව වගේ නෙමේනෙ.දන්සලකින් කනකොට අමුතුම හැගීමක් තියෙන්නෙ.

කොහොමහරි මාලිගාව ලගටත් අපි ආව.එතනත් තිබුන දන්සල් වලටත් ගිහින් හෙමීට ආපහු හොස්ටල් එකට ආව. හැබැයි ඉතින් වෙනදට වඩා වියදමක් ගියාද මන්දා 😂.

අවුලක් නෑ හැබැයි ඊටවඩා අපි සතුටින් දවසම ගතකරා.ඊලග දවසත් එහෙමම තමයි.හැබැයි අපි උදේම පිටත් උනා දන්සල් වදින්න. ලොකු දෙයක් කියන්න නම් නෑ.හැබැයි දන්සල් වදින්න ආපු නංගිලා නම් ගොඩක් හැඩයි 🌝.

20230505_190231.jpg

PicsArt_05-07-11.20.16.jpg

IMG-20230505-WA0058.jpg

IMG-20230506-WA0026.jpg

IMG-20230506-WA0027.jpg

IMG-20230506-WA0038.jpg

IMG-20230506-WA0024.jpg

IMG-20230505-WA0071.jpg

ඔයාලගෙ මේපාර වෙසක් අත්දැකීම කොහොමද ?

Coin Marketplace

STEEM 0.05
TRX 0.29
JST 0.042
BTC 64416.82
ETH 1865.13
USDT 1.00
SBD 0.39