මාත් ඔබත් ඔවුණුත් නොදන්න කතාවක මට දැනෙන එකම දෙය | 10% to SL-Charity

in Steem Sri Lanka3 years ago

photo_2021-09-06_17-37-09.jpg

පහු ගිය දවස් වල සීනි ප්‍රශ්න යට ගහන්නත් එක්ක viral වුණු news එකක් තමයි මේ. තාක්ෂනේ පරතෙර නොදන්න අහිංසක මහ ජනතාවට හැකර් ප්‍රහාරයක්, සයිබර් අපරාධයක් කිව්වොත් නොසෑහෙන භීතියක් ඇති කරවන එක අමාරු නෑ. මේ ආරංචිය මුලිම අපේ office එකේ share වුණේ. එතන අපි කතාවුණේ අපේ අපේ clients ල data backups තියාගෙන ඇති නේද කියල. දවසක් දෙකක් යද්දී මෙන්න මේ සිදුවීම මහා දේශපාලන කුමන්ත්‍රණයක් විදියල රූපවාහිනියේ යනවා. මේක මටත් ටිකක් අදාළ නිසා මමත් යමක් මේකෙන් ඉගෙන ගත්ත. ඒ data security කෙසේ වෙතත් අපේ රටේ media හා politics වලින් නම් පරිස්සම් වෙන්න ඕන කියන එක.

සම්පුර්ණ system එකක තියන critical ම factor එකක් තමයි data. ඔය data ගබඩා කරන්නෙ database එකක. සාමාන්‍යයෙන් නූතන commercial systems වල තනි database එකක් පාවිච්චි කරනවා අඩුයි.

සාමාන්‍ය යෙන් system එකක් සඳහා client කෙනෙක්ට options දෙකක් තියනවා. අපි ඒකට කියන්නේ High availability setup හා non-high availability setup.

නමෙන් කියනවා වගේම මේකෙදි availability ගැන තමයි කතාවෙන්නේ. අපි නම් මේ options දෙකෙන් High availability setup එකකට යන්න කියල තමයි නිතරම client ට recommend කරන්නේ. මේකෙදි වෙන්නේ අපේ ප්‍රධාන database (primary database) එකම තව වෙනත් ස්ථානයක හෝ කිහිපයක replicate කරනවා. අපි හිතමු අපි ගාව A,B,C පරිගණක 3 ක් තියනවා. අපි කරන්නේ අපේ database එක මේ පරිගණක 3 ම හදල sync කරනව. A පරිගණකයෙන් save කරන data තත්පර කිහිපයක් ඇතුලත පරිගණක 3 ම update කරනවා. මේක තමයි සරලවම High availability setup කියන්නේ. අපි හිතමු කවුරු හරි කුමන්ත්‍රණ කරුවෙක් A පරිගණකයෙන් data මැකුව කියල. HA setup එකකදී යලි යලි data එකිනෙක sync වෙලා ඒ අඩු වෙන data නැවත පුරවනව.

photo_2021-09-06_17-37-16.jpg

ඉහත සිදුවීමේදී NMRA cloud එකෙන් two terabyte data remove වෙලා කිවුවම මට හිතුනේ මේ නැති වෙලා තියෙන්නෙ backup එකක් කියල. කලබලේ හොයන්නේ බලන්නේ නැතුව ලියපු පත්තර පිටුව කියෙව්වම මට කොහෙවත් මේ backup එකක් කියල හොයාගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් පද්ධතියක් live යන්න කලින් අපි proper backup strategy එකක් හදාගන්නවා. එක client ගේ ability එක මත තමයි සිද්ද වෙන්නේ. සමහර client ල වෙනම backup store කරන්න storage mount එකක් දෙනවා. සමහරු එයාලගේ පැත්තෙන් backup එක ගන්නවා. සාමාන්‍යයෙන් daily backups වදින විදියට තමයි system design කරන්න ඕන. මේ හැම දෙයක්ම ඕනද එපාද කියල තීරණේ කරන්නේ client එක්ක කතා බහ කරලා මිසක් තනියම නෙවෙයි. ඇතැම් ආයතන මේ backups, virtual db වලින් කාලෙන් කාලෙය tape වලට නැවත backup කරල සංරක්ෂණය කරනවා. නමුත් මේ කිසි තොරතුරක් මට පත්තරෙන් නම් හොයාගන්න තිබුනේ නෑ. එහෙම නොදැන මේ සිදුවීම පිලිබඳ නිගමනයකට එන එක කොඉ තරම් වැරදිද.

සාමන්යෙන් මේ සිදුවීම රජයේ නොවන දේශපාලනීකරණය නොවූ ආයතනයක වුණා නමේ මේසා විශාල නාඩගමක් නොවෙන්න තිබුණ.

photo_2021-09-06_19-25-05.jpg

පත්තරේ මේ විස්තරේ තාක්ෂණික වශයෙන් කිසිසේත් විස්තර කරල තිබුනේ නැ. එයාලට අනුව මේක මහා සයිබර් අපරාධයක්. බෙහෙත් හිඟයක් ඇතිවෙයි කියල අනිසි බයක් ඇති කරගන්න එපා කියලත් ඒකෙම ලියල තිබුන. මෙවන් අපරාධ කරන යට එරෙහිව උපරිම දඩුවම් දෙනන කියලත් තිබුන. දහ වතාවකට වඩා එපික් ලංකා ආයතය ගැන කතා කරලා තිබුණ. මැති ඇමති වරුන්ට හා පත්තර වලට database කියන්නේ මැජික් එකක් වුණත් database එකක් maintain කරන්නත් protect කරන්නත් යන මහන්සිය දන්නේ කරන කෙනෙක් පමණයි. සාමන්යෙන් Software engineer කෙනෙක් හෝ Devops engineer කෙනෙක් තමන් හදන system එකක් live යනතුරු ඉන්නේ පුදුම විමසිල්ලෙන්. කොයි මොහොතක ගැටලුවක් ඒවිද කොයි මොහොතක database ප්‍රශ්නයක් ඒවිද, කොයි මොහොතක server crash වෙයිද කියන දේ හිත යට තියාගෙන. මොකද මේ live යන්නේ ඒ තරම් critical system එකක් නිසා. යම් ආකාරයකින් මේ system එකක පොඩි හරි ගැටලුවක් වාර්තා වුනොත් නිදි නොලබා ඒක fix කරන එකයි සම්ප්‍රදාය. එපික් ලංකා කියන්නේ ඉතාම ප්‍රසිද්ද තාක්ෂණික වශයෙන් ඉහල ආයතනයක්. මේ සිදුවීමේදී මාධ්‍ය සහ දේශපාලකයන් හැසිරුණු අයුරු ඉතා අසොබනයි කියලයි මගේ මතය.

පත්තරේ අන්තිමට අන්තිම ජේදයේ පොඩියට හංගල දාල තිබුණ කොටස දැක්කම මට තවත් එපා වුණා.

photo_2021-09-06_17-37-12.jpg

මුළු article එක පුරාවටම එක එක උදවියගේ උපකල්පන, උපදේශ, අනුමාන, ඖෂධ වංචා කුමන්ත්‍රණ කතා පුරවා අවසන සත්‍ය එක චේදයකින් මෙහෙම ලියල තිබුණ. මගේ උපකල්පනය නිවැරදි බව මට වැටහුණා. මේ මැකී ඇත්තේ backup එකකි. 2 terabyte යනු සුළු පටු ඇත වැරදීමක් නොවුණත් ඔහුද මා වැන්නෙකි. මේ සිදුවීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට කුමක් දැනුනද කියන එක මට හිතාගන්න පුළුවන්. නමුත් අඩුම තරමේ ජනමාධ්‍ය මීට වඩා බුද්ධිමත් විය යුතු නැද්ද? අප නොදන්නා සිදුවීමකට සත්‍ය නොදැන විවිධ අර්ථකතන දෙන එක සාධාරනද?
Sort:  

මීඩියා කියන්නේ වහක් මේ රටේ 😞

පත්තර වලනම් ලස්සන කතා මවනවා... හැබැයි ෆීල්ඩ් එක ගැන දන්න කෙනෙක්ටනම් ඒවා හරිම ගොන්...

Ow appa. Data tika makuna manussaya hina wenwa athi

පශ්චාත් භාගයෙන් හිනාවෙනවා ඇත්තේ..

දැන් නං ලංකාව අතහැර යන තරමටම ලංකාවේ එපාවෙලා තියෙන්නේ . හැම පැත්තෙන්ම වෙන්නේ පොඩි මිනිස්සුන්ව තලන පෙළෙන එක . ඇත්තටම ලංකාව ගැන ඉතුරු වෙලා තියෙන්නේ කලකිරීමක් විතරයි . මේකෙන් සිද්ධ වෙන්නේ ලංකාවට වටින මිනිස්සු ලංකාව අත්හැරලා යන එක . මොකද කිසිම මනුස්සයෙකුට ලංකාවේ සතුටින් ජීවත් වෙන්න තරම් පරිසරයක් දැන් තියෙනවා කියලා හිතෙන්නේ නෑ 😶

මං දකින විදියට නම් යම් අපරධයක් කරනවට වඩා අපරධයක් තමයි යම් යම් ප්‍රවෘත්ති වැරදි ලෙස හොවා දැක්වීම.ඇත්තටම දැන් නම් වගකීමකින් සත්‍ය ප්‍රවෘත්ති වර්තා කරන මධ්‍ය ඇත්ත්තෙම නැති තරම්.🤮මිනිස්සුන්ගේ හැඟීම්,කුතුහලය,නොදැනුවත්කම කියන දේවල් ඉත්තන් කරගෙන ට්‍රෙන්ඩින් වෙන ගොසිප් හදන චීත්ත ඇඳගත්ත ජඩමධ්‍යකාරයො තමයි ඉන්නෙ.😫ඒවාට ප්‍රවෘත්ති කියන්න බෑ.අපේ ගම් වල නම් ඒවට කියන්නෙ ඕපාදූප කියලා. ඒවා කියන මිනිස්සුන්ට කියන්නෙ අබිලිංලා කියලා.ඒ වගේ අබිලිංලා නිස තමයි අද ජනමාධ්‍ය, ජඩමාධ්‍යකරණය වෙලා තියෙන්නෙ.🤢

ඕපාදූපයක් ඇතුලෙ තියෙන්නෙ වටින් ගොඩින් ඇහිඳගත්ත අසම්පූර්ණ,විසිරුණු,හරයක් නැති,යම් යම් පාර්ශවයන්ට පක්ශපාතී කරුණු ගොඩක් විතරයි.🤮 හැබැයි ප්‍රවෘත්තියක් කියන්නෙ නිසි ලෙස හොයා බලලා,හරයක් ඇතිව,අපක්ශපාතීව ගලපන ලද කරුණු සමූහයක්.ඒක පරිශීලකයාගේ ඔලුවට මතයක් ගෙනයන විචරායක් නෙවෙයි, පරිශීලකයාගේ විචාරයට ලක් කරන්න පුළුවන් ප්‍රවෘත්තියක් පමණක් ම විය යුතුයි.

අවසාන වශයෙන් කියතොත්,සියල්ලටම ප්‍රථමයෙන් මාධ්‍යකරුවා තමන් වාර්තා කරන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැන සිටිය ‍යුතුය. එසෙත් නැතිනම් ඒ පිළිබඳ හොඳින් දන්නා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් කරුණු අසා දැන ගැනීමට තරම් නිහතමානී විය යුතුය. 😏

‌සහතික ඇත්ත. හරිම පිළිකුල් සහගත විදියට තමයි හැසිරෙන්නෙ.

Hit වෙන විදියට බොරු ලියලා Headline දාන එක තමයි වෙන්නෙ. එයාල ඒකෙන් සමාජයට වෙන බලපෑම ගැන හිතන්නෙ නෑ. තම තමන්ගෙ මඩිය තර වෙනවා නම් අම්ම අප්ප උනත් විකුණයි.🤮

සමහර ප්‍රශ්න වලට එයාල දෙන හේතු වලට හිනත් යනව.

මටත් උඩ පනිද්දිම හිතුනා මොකක් හරි මීඩියා දේශපාලන නාඩගමක් වෙන්නැති කියල මේක. ලොකුම ප්‍රශ්නෙ නූගතුන් ලොකු තැන්වල ඉඳීම සහ උගතුන් කතා නොකිරීම. ඕවට කතා කරත් වැරදිකාරය වෙන එකේ කතා නොකර ඉන්න එකත් සාධාරණයි. ඇත්තටම මේක පැහැදිලි කරාට ස්තුතියි.

මෙතන තියෙන්නේ රටේ එදිනෙදා සිදු වෙන අසමත්වීම් සහ මෝඩ කම් යට ගසා ගැනීම වෙනුවෙන් පෙන්නපු තවත් එක් නාඩගමක කොටසක් මිසක් වෙන දෙයක් නෙවෙයි .මේවා මේ රටේ සාමාන්‍ය දේවල් දැන් .

Story is 100% true but I can't understand what is the connection with that cat regarding this 😜

it is to remove the boredom bcz I don't have other matching photos :)

😜😜 Achcha

සාමාන්‍ය ජනතාවට මේවා ගැන ලොකු දැනුමක් නෑ.සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ප්‍රශ්න අමතක කරන්න, තවත් ප්‍රශ්න නොතේරෙන අයුරින් දාන විදියක් තමයි මේ

ඔව්. කියල වැඩක් නෑ. හචුමක් ගියත් කුමන්ත්‍රණයක් තමයි

Api monw kuwth eyla krne eylt one de ne

Coin Marketplace

STEEM 0.28
TRX 0.13
JST 0.033
BTC 61450.33
ETH 2982.28
USDT 1.00
SBD 3.60