NEWS :Venerable Baddegama Samitha Thero Passed Away | I am Thankful for All the Support I Received When I was a Student 😞
The Sinhala to English translation doesn't give the real meaning of the content. This article about the departure of Venerable Baddegama Samitha Thero due to COVID19 infection. Thero helped a lot for students and poor families of the village without expecting anything. This is about how I felt the news of Thero's death. This article is somewhat I had to write before Thero passed away. 😞 I am worrying a lot, that I could not say thank for all his service.
තාත්තට දවසට දුරකථන ඇමතුම් පහ හයක් එන එක සාමාන්‍ය දෙයක්. ඒවට අවදානය යොමු නොකරත් "අපොයි දෙවියනේ" කියල ඇහුනොත් "මොකක් වෙලාද තාත්තේ" අහන්න අපි අමතක කරන්නේ නෑ . එහෙම ඇහිල තමයි අද උදේ ඒ ප්‍රශ්නය මං තාත්තාගෙන් ඇහුවේ. "සමිත හාමුදුරුවෝ අපවත් වෙලානේ" කියල තාත්ත කිවුම මම විශ්වාස කරේ ම නෑ. මිට සති කීපෙකට කලින් කොරෝන හැදිල දැඩිසත්කාර ඒකකයේත් ගත කරපු සමිත හාමුදුරුවෝ පහුගිය දා අයෙත් ගමේ පන්සලට වැඩම කරලා තිබුණා. එහෙම ඉද්දි ආයෙත් ස්වසන අපහසුතාවක් වෙලා හාමුදුරුවන්ව රෝහල් ගත කරලා තිබුණ. එතැනදී තමයි උන්නාන්සේ අපවත් වෙලා තිබුණේ.
උස මහත ශරීරයක් වගේම හරිම ශක්තිමත් පෞර්ශයක් තිබුන ඒ වගේ ම ගොඩක් උගත් කෙනෙක් විදියට සමිත හාමුදුරුවෝ අදුන්වල දෙන්න පුළුවන්. ගමේ අපි හාමුදුරුවන්ව අදුරන්නේ දේශපාලනය නිසා නෙවෙයි. ගමටම උදව් කර හරි අපූරු මනුස්සයෙක් විදියට.
සමිත හාමුදුරුවොන්ගේ පුස්තකාලය, සමිත හාමුදුරුවොන්ගේ වැඩිහිටි නිවාසය, හාමුදුරුවෝ ටෙක් එකට දීපු ඉඩම, හාමුදුරුවෝ පදිංචි කර පවුල්, හාමුදුරුවෝ හදල දීපු කණ්නාඩි දෙක... මේ වගේ වචන මට පොඩි කාලේ ඉදන්ම ඇහුණා. හාමුදුරුවෝ මගේ ජීවිතේට සමීප වුණේ ගමේ නිසා ම නෙවෙයි.
කාලයක් තිස්සේ කොළඹ පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න ගමේ ඉස්කෝල වල ළමයින්ට හාමුදුරුවෝ බස් සූදානම් කරල දුන්න. ජීවිතේ පලවෙනි වතාවට මම පොත් ප්‍රදර්ශනේ බලන්න ගියේ ඒ විදියට. එදා හාමුදුරුවෝ ගමේ අපට එහෙම බස් නොදුන්නා නම් අදටත් මම පොත් ප්‍රදර්ශනේ මොන වගේ ද කියලවත් නොදකින්න තිබුණා.
මට තාම මතකයි කොළඹ නොදැකපු අපේ අම්මගේ ඉස්කෝලේ පොඩි ළමයි BMICH එක ඉස්සරහ වතුර මල දැකල පුදුමෙන් වගේ කෑ ගහපු හැටි. හාමුදුරුවන් ට පින්!
තවත් දවසක හාමුදුරුවෝ පරණ පොත් රාක්කයක් අස්කරනවා කියල තාත්තට එන්න කියල තිබුණා. එතන තියන පරණ පොත් වලින් කැමැති තරමක් ගෙනියන්න කියල උන්නාන්සේ කියල තිබුනා. ඒ පොත් හාමුදුරුවන් ගැන අපේ මතකය අලුත් කරාවි. ඒ තරම් ඉගෙන ගන්න ළමයින්ට හාමුදුරුවෝ උදව් කරා.
"බද්දේගම සමිත හිමියන්ගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති අනුව" කියල කිය්දිදී හිතට දැනුනේ පුදුම වේදනාවක්. අපවත් වුණාම ගම හේදිලා යන්න තරම් අඬන්න මිනිස්සු උන්නාන්සේට හිටිය. මේ lockdown අස්සේ පාර දෙපස එකතු උන හරිම සීමිත පිරිසක් මැද්දෙන් ගිලන් රථයකින් උන්වහන්සේට බද්දේගම පොදු ආදාහනාගාරයට යන්න සිද්ධ වුණා. ඒක අල්පේච්ච ජීවිතයක් ගතකර හාමුදුරුවන්ට දුකක් නොවුනත්, බලන් ඉන්න අපට පුදුම වේදනාවක්.
අපේ ගෙදර හැම මරණේම පාංසකුලෙට වැඩම කර සමිත හාමුදුරුවෝ පැය කිහිපෙකට කලින් හතර දෙනෙක් ඉස්සරහ පොදු සුසානයේ දැවී අවසන් ගමන් ගියා.
P.S. Thero's last will was to pass his body to the medical college after death. Unfortunately, COVID didn't let his last will. 😞





හාමුදුරුවෝ ගමට රටට දරුවන්ට ගොඩක් සේවයක් කලා...එහෙම අය ඉක්මනින් මේ විදියට යන එක ගැන ගොඩක් දුකයි.. නිතරම අපේ ඉස්කෝල දෙකේ වැඩ වලදි කොච්චර නම් ළමයිට උදව් කලාද...
ඔබ වහන්සේ ට අමා මහ නිවන් සුව අත් වේවා..🙏🙏🙏🙏🙏
සෑහෙන ලමයින්ට උදවු කරල තියනව.
ඔබ වහන්සේට අමා මහා නිවන් සුව..
සමහර මිනිස්සු ඉන්නවා හිනා වෙද්දි මූණ හරිම වාසනාවන්ත පාටයි... සමිත හාමුදුරුවන්ට තිබුණෙත් ඒ වගේ වාසනාවන්ත හිනාවක්...
ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ....🙏
හරිම දුකයි නේද. බලන්න යන්නවත් බැරි වුණානෙ
සමිත හිමියන් , දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් කල මෙහෙය කියා නිමකල නොහැකිය, ලංකාවේ ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ගිය භික්ෂූන් වහන්සේ සමිත හිමියන්ය.
ඒ මහා පෞර්ෂය
රට වෙනුවෙන් , දරුවන් වෙනුවෙන් නිබඳවම කැප වෙමින් අපරිමිත මෙහෙයක් ඉටුකර දැයෙන් සමුගෙන ඇත.
ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා !
Voted 100%
ඔබ වහන්සේගේ සමාජ මෙහෙවර
කියා නිම කර නොහැක. ඔබ වහන්සේගේ නික්ම යාම අප ප්‍රදේශයට පමණක් නොව මුලු රටටම මහා පාඩුවකි.
හිමියනි,
ඔබ වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා🏳️🙏
There is a lot of difficulty in life. Covid-19 has ended our lives. this is very sad. may his soul rest in peace.
අද දවල් ප්‍රවෘත්ති බලනකොට අහන්න ලැබුන මේ කණගාටුදායක ආරංචිය මගේ හදවත දැඩිලෙස කම්පාවට පත්කලා. එතුමා අපේ ගමේ කෙනෙක් නොවුනත් මුලු ගාලු දිස්ත්‍රික්කයේ ම මිනිසුන්ගේ හදවත් දිනාගත්ත හාමුදුරු වහන්සේ කෙනෙක්. ඇසට කඳුලක් නැගෙන මේ මොහොතේ එතුමා බලාපොරොත්තු වුන නිර්වාණ සම්පත්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ඇත්තටම මිනිස්සුන්ට ගොඩක් උදව් කරල තියනව. ඒ වගේමයි මට මෙතන ලියන්න බැරි උනත් මාර උගත් කමක් තිබුණෙ.😥
හාමුදුරුවෝ ගැන ගොඩක් හොඳ දේවල් මං අහලා තියෙනවා සමාජයට කරපු.. සමාජයට වැඩක් කරන්න ඉන්න මේ වගේ හාමුදුරුවෝ උන්වහන්සේලා ගොඩක්ම සැඟවී ගෙන යන්නේ. ඔබ වහන්සේට අමා මහ නිවන් සැප ලැබේවා..!
😪 ඔවු හරිම දුකයි
ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේදි තමයි මම මේ දුක්බර පුවත දුටුවේ.. ප්‍රවෘත්ති විකාශය අතර වාරයේදි එක් රූපරාමු පෙලක් පෙන්නුවා උන්වහන්සේගේ කරුණා ගුණය මහත් සේ ඉස්මතු කරපු.. එහි එක් තැනක සදහන් උනා.... "ඉතින් මම පන්සලේ රන්වැට හදනවට වැඩිය, පන්සලේ ටයිල් අල්ලනවාට වැඩිය, වහලක් නැති ගෙයක් ගැන මම හිතනවා."
ඔබ වහන්සේ මෙතෙක් කල් කල කුසල් බලයෙන් අමාමහ නිවන් සුව අත්වේවා..!
ඇත්තටම රටට වැඩක් කල හාමුදුරු නමක්.ඔබ වහන්සේට අමාමහ නිවන්සුව ලැබේවා අපේ හාමුදුරුවනේ..😔🙏🙏