ගී පදරුත් |5% to SL Charity

in Steem Sri Lanka3 years ago

මිනිස්සු වෙච්ච අපිට විවිධ විනෝදාංශ තියෙනවා. මේවා කෙටි කාලීන වෙන්න පුළුවන්, නැත්නම් ජීවිත කාලෙ පුරාම තියෙන්නත් පුළුවන්. මටත් ඒ විදියෙ විනෝදාංශ කීපයක්ම තියෙනවා. පොත් කියවන එක, සිංදු අහන එක, ක්‍රිකට්, මහන එක, කෑම හදන එක. ඒ මගේ වර්තමාන විනෝදාංශ. ඉස්සර තිබුණ දැන් නැති ඒවා තමයි එක එක ඒව එකතු කරන එක, මුද්දර, චොකලට් කොළ, පබළු ජාති...

මේ ඔක්කොටම එහා ගිය පොඩි කාලෙ ඉඳන් තිබුණ පුරුද්දක් ගැන තමයි මං මේ කියන්න යන්නෙ. මිනිස්සුන්ට තියෙනවනේ ආත්මීය විනෝදාංශ. මේක එහෙම එකක්. ඉස්සර ඉඳන් මං කැමති අර්ථාන්විත සිංදු අහන්න. ඒ කියන්නේ සංගීත රසයට වඩා වැඩි තේරුමක් තියෙන, නිකන් තාලෙකට පෙළගස්වපු වචන පෙළකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සිංදුවලට. ඉතින් මේ ආසාව හරි පුරුද්ද හරි නිසා, මං ගීතවල ගැඹුරු අර්ථය, වස්තු බීජය හොයන්න පෙළඹුණා.

image.png

ඉස්සර සිළුමිණ සතිඅන්ත පුවත්පතේ තිබුණා ලිපි පෙළක්. තත්සර ඇසුර💖. මං මේ කියන්නේ 2011 විතර කාලේ ගැන. එතකොට මං සාමාන්‍ය පෙළ පන්තිවල. මං වැඩිපුර හිටියෙ ලොකු අම්මලගෙ ගෙදර. එහේ හැම සතියෙම ගත්තේ මේ පත්තරේ. ඉතින් කරන්න වැඩක් නැති හැම වෙලාවෙම මං කරේ ඔ‍ය පත්තරෙ කියවන එක. ඒ විදියට තමයි මං පත්තර කියවන්න පුරුදු වුණේ. හැම සතියෙම තියෙන අර ලිපිය මගේ සිත් ගත් එකක්.

image.png

ඒකෙන් හැම සතියෙම ලස්සන තේරුමක් තියෙන සිංදුවක් ගැන කතා කරල තිබුණා. ධම්මික බණ්ඩාර මහත්මයා තමයි මේ ලිපිවල රචකයා. ඔහු හැමදාම තෝරගත්තේ පරම්පරා ගාණක් මිනිස්සු ආදරය කරපු සිංදු. පුරුද්දක් විදියට මං මේ පත්තර තීරුව එකතු කරා. පස්සෙ එකතුව වැඩි වෙද්දි ඒ ඔක්කොම පොතක් ඇලෙව්වා. ඒ විදියට අලවලා හදපු පොතක් මං ගාව තියෙනවා.

image.png

ඒකෙ පරණ සිංදු, ඒවගේ අර්ථය එක්ක, නිධාන කතාව එක්ක තියෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මොකක් හරි ගීතෙක ඇහෙන වචන ටික ඇහෙන විදියට කියන එකනේ. නිකන්ම සිංදුවක් කියනවට වඩා ඒකෙ අර්ථය දැනගෙන කියද්දි ලස්සනයි. හිතට දැනෙනවා වැඩි. එහෙම අත්දැකීම් ඔබටත් ඇති. ගැඹුරු තේරුමක් තියෙනවා වත් කියල නොදැන කියන සිංදු කොච්චර ඇතිද.

image.png

සිංදුවක් අලුතෙන් ඇහුණම ඒකෙ වචන ටික මුලින් හොයාගන්න. එතකොට ඒ සිංදුවම වෙනත් විදියකට ඔබට දැණේවි. ඊළඟ වතාවෙ ඒකෙම තේරුම හොයගත්තොත්, අත්දැකීම තවදුරටත් වෙනස් වේවි. ගීයක ගැඹුරු අර්ථය සොයාගෙන විඳින්න කියල මං හැමෝටම ආරාධනා කරන්වා. ඒ ගීතය ඇතුළේ ජීවත් වෙනවා වගේ දැණේවි. 💖

Sort:  

අනේ මමත් ඔයා වගේම ඒ ලිපි එකතු කළා. සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ. මට උසස් පෙළට රසාස්වාද ලියන්න ලොකු උදව්වක් උනා ඒව. තව අර "නෙළුම් විල" විශේෂාංගයටත් මං හරි කැමති.

සිළුමිණ පත්තරේ සාහිත්‍යට ලොකු තැනක් තිබුණ

ඇත්තම ඇත්ත. ගොඩක් විශේෂාංග ලිපි තිබුණා. උසස්පෙළට ගණිතය තෝර ගත්තට මාත් ඒවා සෑහෙන වින්ඳා.

ගීයක ගැඹුරු අර්ථය සොයාගෙන විඳින්න කියල මං හැමෝටම ආරාධනා කරන්වා. ඒ ගීතය ඇතුළේ ජීවත් වෙනවා වගේ දැණේවි.

ඒක ඇත්ත. ඒ කාලේ ගීත හරිම ලස්සනයි. නිවිහැනහිල්ලෙ අහද්දී ඒවා කොච්චර ගැඹුරු අර්ථයක් එක්කද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තේරෙනවා. ඒ ගීත වලට මිනිස්සු තාමත් ආදරෙයි.

‌දැනුත් එහෙම ඒවා නැතුවම නෙවෙයි. ඒත් අඩුයි. මොකද මිනිස්සු බලන්නෙ ශබ්ද රසය විතරයි ගොඩක් වෙලාවට

අද කාලෙ කලාතුරකින් නිර්මානය වන සින්දු දෙකක තුනක විතරක් ගැබුරු අර්තයක් තිබුනට ඉස්සර තිබ්බ ගීත වල ගොඩක් දුරට තිබ්බෙ රචකයාගෙ හෝ ඔහුට සම්බන්ද සත්‍ය සිදුවීම්. ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

ඔව් ඒක නම් ඇත්ත. දැන් එහෙම ගීත ලියන, කියන අය අතළොස්සයි ඉන්නේ.

ඉතින් ඒව අහන ඕනම කෙනෙක්ට ඒව පුදුම විදිහට දැනෙනව.

බූට් නොකා බූට් කෑව වගේ අහන් ඉන්න පුළුවන්.

live the song, you are right that the songs of the era have meaning, but I have a hard time with the illusion of not being able to reach a song with a story if I don't see a little bit of video. good story to read

if we don't see a visual, then we can have our own feeling and visuals. it is like reading a book vs watching its film.

මමත් එකතු කරා පොඩි කළේ ගොඩක් දේවල්. සමහර දේවල් නම් නෑ ළඟ. දුකයි ඒකට නම්.

මං කැමති අර්ථාන්විත සිංදු අහන්න. ඒ කියන්නේ සංගීත රසයට වඩා වැඩි තේරුමක් තියෙන, නිකන් තාලෙකට පෙළගස්වපු වචන පෙළකට වඩා ගැඹුරු අර්ථයක් තියෙන සිංදුවලට.

ඇත්තටම හොඳ පුරුද්දක්

කාලෙත් එක්ක ආසාවෙන් කරපු දේවල්වල වටිනාකම නැති වෙලා.

ඇත්තටම හොඳ පුරුද්දක්

💖

මමත් ඔය වගේ ලිපි කියවලා තියෙනවා. ඒ සිංදු වල සමහර වෙලාවට අපි හිතන්නෙත් නැති තරම් ගැඹුරු ලස්සන තෙරුම් තියෙනවා

මුලින් වචන ටික අහල ඉන්න පුරුදු වෙන්නකො බබා. 🙊

kochchara ahuwath mathaka hitinne na baba 🤣.

මෙලෝ රහක් නෑ ඔයා නම්

අනිවාර්යෙන්ම .හැම සින්දුවකම හරිම ලස්සන සංවේදී කථාවක් තියෙනවා .ඒක ටිකක් හරි දැනගෙන සිංදුව අහද්දී දැනෙන දේවල් ගැන වෙනම ලියන්න පුළුවන් .

අන්න ඒකයි. සිංදුවක තේරුම දැනගෙන අහද්දි තමයි හරියටම දැනෙන්නේ. 😍

ධම්මික බණ්ඩාර සර්ගෙ විචාර තියනව Youtube එකේ. ගොඩක් රසවත් දේවල් ඉගෙනගන්න පුලුවන්

‌බලන්න ඕන ඒක. බොහොම ස්තූතියි දැනුවත් කලාට.

ඇත්තටම සිංදුවක් හරියට රස ව්ඳින්න පුලුවන් වෙන්නෙ අපි ඒකෙ අර්ථය ගැනත් හිතුවොත් තමයි. මොකද මතුපිටින් පේන වචන වලට වඩා ලොකු තේරුමක් ඒ ගීතයේ ගැබ් වෙලා තියෙන්න පුලුවන් නිසා. ♥️

සිංදුවක් දැනෙන්න ගන්නෙ වචනවල තේරුම එක්ක අහද්දි. නැත්නම් නිකන් ශබ්ද රසය විතරයි.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 61191.20
ETH 2972.28
USDT 1.00
SBD 3.48